Wednesday, April 23, 2014

සයිබර් හීන යකඩ බෝක්කුව 2o14 | The Cyber Fest 2014


හැම එකාම වගේ මමත් Related Posts Plugin for WordPress, Blogger...ගෲප් ෆොටෝ එකෙන්ම පටන්ගත්තෙමි. මේක මං ධනාගේ පළවෙනි සහභාගී වීම ය.(අවුරුදු උත්සවේට, බීච් පාටි ආවෝ...)  කොහොම වුනත් ජනාත් මමත් බිම්සරයාත් 9 වෙන්න කලින් හෙනම ගේමක් දී ග්‍රවුන්ඩ් එකේ ය.  බොරු කියන්න ඕනේ නැති ය. 19 රෑ හරිහැටි නින්දක්ද නැත. නෙට් එක ඇතුලට මදුරුවො රින්ගලා ය. අපි එනකොටනං වැඩිය කස්ටිය හිටියේ නැත. සංවිදායක මන්ඩලෙත් තව ටික දෙනෙකුත් විතර ය.

ඔහොම ඉන්නකොට නලීන් අයිය, නිමේශයා, තරියා, රජා, අඟහරුවා, නාඩියා, අර ටුවින්ස්ල, දේව, හේමමාලි අක්ක, පවිත්‍ර, විලක්කුව, රනා, චන්දන අයිය, නෙරන්ජි අක්ක, වෙනි අයිය, සෑම, ශශික අයිය, අයිස,  සෙව් අක්ක, කකා, ඉවාන් අයිය, විචාරක, සසිදූව, චතු අක්ක, දුලානය, සුද්ද, ඔනාල්, බනිය, මුදිය, මාරය වගේ එකී මෙකී නොකී  බොගර්ස් ලා ගොඩක් සෙට් විය. සමහරුන්ගේ මුහුණුනම් පරණ ය. ඒ අතරෙ ධනාට අළුත් සෑම, කකා, ඉවාන් වගේ අයත් නැතුවම නොවී ය.


ගිහින් ටිකක් වෙලා ඉන්නකොට රජා, තරියලා සෙට් එකත් එක්ක කනා මුට්ටි එල්ලන්න වුණේ ය. ඊට පස්සේ බනිස් ටික පෝලිමට එල්ලන්නත්  වුණේ ය්අ. ධනාට තිබුණේ කට්ටෙන් බනිස් ගෙඩිය හිල් කිරීමය. ඔය කෙරුවාව සෑම කැමරාවෙන් පෝං එකට ඔබා ගත්තේ ය. පෝස්ටුවක් ලියන්නටලු ය. මොනවයින් මොනව ලියයිද අපිනම් දන්නේ නැත. ඒ වැඩෙත් එක්තරා විකාරයක් ය. එක පැත්තකින් බනිස් එල්ලනකොට තව පැත්තකින් බනිස් එක දෙක නැතිවෙන්නේ ය. වැඩේ ඉවරවෙලා ඉතුරු කරගත්ත බනිස් ටික නිතරඟයෙන්ම අපේ බඩවල් වල ය. 



ධනාද නිකං හිටියේ නැත. බෝතලේට වතුර පිරෙව්වේ ය. පාවෙන තොප්පි දාගත්තේ ය. කෙලි පැටික්කියෙක් එක්ක බිත්තර ඇල්ලුවේ ය. බිත්තර ඇල්ලිල්ලෙත් පොඩි ලල් එකක් නැතුවාම නොවේ ය. අර සෙව් කෙල්ල බිත්තරේ අල්ලපු විදිහ දැක්කම තාම හිනා යන්නේ ය. ඔහොම බිත්තර දෙක තුනක් බිඳෙනකොට අපේ අන්දරේ බිත්තරෙත් අර දැරිවිගේ ඇඟිල්ලේ වැදී කුඩු වී පපුවස්ථානයේ වැහැරෙමින් තිබිණි. කොහොම හේදුවාද අපිනම් නොදනිමු ය. තොප්පි දැමිල්ලෙත් තුන්වෙනියට පිටියෙන් දොට්ට ය. මුලින්ම අවුට් වුනානම් කෝච්චියටවත් සෙට් වෙන්නට තිබුණේ ය :/


The වැඩ කෑල්ල :3

 හැමදේම වෙන වෙනම කියන්නට ඕනේ නැත ය. උදේ ඉඳන් හවස් වෙනකන්ම ඉතින් ආතල් ආතල් ආතල් විතර ය. අර මාරයගෙ කොට්ටපොර තරඟෙටයි අවසානෙ පවනියගෙ වැඩවලටයි(අවුරුදු කුමාරය තේරීම) පිටේ වම් පැත්තේ වයර් එකක් තන්‍ය විය :P 

අක්කලා සම්බන්ධයෙන් විශේශයෙන් කතා කල යුතු ය. වෙන කෙල්ලෙක් කියා බුකියේ ෆොටෝවකට ධනා මුලා කල හේමමාලි අක්කානම් උදෙන්ම ආවේ ධනාට අත වනාගෙනම ය. ඒ දැරිවි යන වෙලාවෙනම් ධනාගේ සිත සලිත් විය. වෙන මොකටවත් නොවේ ය. දැන් ඉතින් ඒ දැරිවි යං කියනකොට යන්න ඕනේ ය. වරෙං කියනකොට එන්න ඕනේ ය :3

උදේ ඉඳන්ම කොල්ලෙක් එක්ක දැවටි දැවටි ඉඳල හවස යන්න ලෑස්ති වෙලා ලඟට ඇවිත් කතා කර "ඔයා ධනා නේද?? <3" කියා ඇසූ තවත් අක්කෙකි. බලනකොට ඒ අර කනා මුට්ටි එල්ලනකොට ආපු ශුන්ඩර ඩැරිවි ය. සෑමාගෙන් "සෑම්ද...?" කියා ඇසුවාලු ය. අපිනං දන්නේ නැත. ඔය මතක අවසන් වනවාත් සමඟම බස්සි කියා කීවා ය. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය. බුකියෙන් පොර ටෝක් දී එනවද එනවද අසා වල් පල් කියවන  එකීව ධනාට අමතක වී ය.කතා කරන්නවත් බැරිවුන එකට  ගැත්තාට සමාවනු මැනවි ය :D

කොටුවට යනගමන් චතූ අක්කාත්, නලීන් මාමීගේ ඔෆීසියේ වැඩ කරන අයියෙකුත් බස් එකේදී හමුවි ය.



ලියනයා නොහොත් හිත හොඳ අම්පාරයා ගියපාර ඔක්කොම කණපිට ගහල රිවස් එකට යන වීඩියෝ කෑල්ලක් හදලා තිබ්බේ ය. මේ වතාවෙත් උදේ ඉඳන් රෑ වෙනකම් වීඩියෝ කරපුව එකතු කරල වීඩියෝවක් හදලා ය. ඒක බැළුවාම අර මොංගල් සංකල්ප කාලක්‍රියා කරන්නේ ය.  බලන එකෙක් මේක බලලා පැය 12කවත් නින්දක් ලබා ගත යුතු ය. 



අනේ දැං ඇති ය. මේවගේ දේවල් කරන බොග් අවකාසෙ සීනියර්ලටත්, සංවිධායක කමිටුවටත් බෝම බෝම බෝම තෑන්ක්ස් ‍ය. ආයෙත් මුනගැහෙමු එහෙනම්...   


ප.ලි :- 

~ මොනව වුනත් අර sasha කෙල්ල ආවෙ නැති එක ධනාට හෙනම අප්සෙට් එක ය

~ එතකොට අර චන්දර අයියගෙ නිවුස් එක ෆැක්ස් කරේ නැද්ද. අපරාදෙ මනුස්පයගෙ මහන්සිය. යනගමනුත් කිව්ව ගෙදර අයට බලන්න කියපං නිවුස් එක යනවද කියල. අපේ ගෙදර බලන නිවුස් :/

~ අර සෑමාද සයිබොරේ වෙච්ච සීන් දෙකක් කියා තිබ්බේ ය. මං ධනාත් එකක් කියන්නේ ය. දන්න කියන එකෙක් අවුරුදු උත්සවේට එනකොට අසමෝදගම් බෝතලයක් අරන් ඇවිත් ය. බඩේ අමාරුවක් හින්ද නිතරම වොශ් රූම්ගත වෙන්න වෙනවාට ය :3


Monday, March 3, 2014

පරාටා අතීත මතක | Paraataa Memories


Related Posts Plugin for WordPress, Blogger...වදාවත් නැතුව ධනාට අද කෑමක් ගැන ලියන්නට සිතිලා ය. ධනා කෑමක් ගැන ලිව්වානම් ඒ ලිව්වේ පරණ බොගේ ය. කෑම ජාති ගැන, කෑම වලට වග කියන ආකාරය ගැන මේ ලියන්නේ මංගල පෝස්ටුව ය.

ධනාගේ මතකයේ හැටිය ඌට ඔය පරාටා කියන නම දැනගන්නට ලැබුණේ ඉස්කෝලේ 6වසරත් ඉවර වුනාට පසුව ය. පොඩිකාලේ ධනා ගෙදර කෑම මිස ඔය එක එක කඩවල් වල කෑම දිහා හැරිලාවත් නොබලපු එකෙකි. අඩුම තරමේ වෙන ගෙදරකින්වත් කෑම කන්නේ කරන්නම දෙයක් නැතිම තැන ය.  ඔහොම ඉඳලා දවසක් එක්තරා සහෝදරයෙක් සමඟ රත්නපුරයේදී තම්බි හෝටලයකට ගොඩ වී වේටරයා ඇමතුවෙමු.  මූ දැන් හිටගෙන මෙනු  එක කියවන්නේ ය. මං ධනා දෙන දෙයක් කන්න ගිය එකා නිසා කෑම ඇනවුම් කලේ ඔය කිව්ව සහෝදරයා ය. වෙන කල්පනාවක හිටපු ධනාට වේටරයා කියපු කෑම ගොඩෙන් එකක් ලොවෙත් මීටර් වුණේ ය. වේටරයා යන තෙක් සිට මං ධනා අරූගේ කනට කර මෙසේ ඇසුවෙමි.

"මේ මොනාද පටාර කියන්නෙ?"

"පටාර නෙවෙයි පරාටා. ගෙනාවම බලාගන්නව"

විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි ය. කරුමෙටම මට ඔය අකුරු දෙක අවුරුදු ගානක් යනකන්ම මාරු වුණේ ය. මූ දැන් පරාටා ගෙනාවේ ය. මං පොඩිඑකාට දැන් හෙනම කොයිල් ය. වේටරයා පරාටා මේසෙන් ගෙනත් තබා ගියා ගියාම ය. ආවේ විනාඩි දහයකට විතර පසුව ය. ඒ හැලෙන්න ඔන්නමෙන්න තිබුණ මස් හොදි සහ ඇට හොයන්න පීනන්න වෙන පරිප්පු  හොදි දීසි දෙකකුත් පිඟන් දෙකකුත් උස්සාගෙනය. තවද කාල ඉවරවෙලා බොන්න කියා "මැරෙන්ඩ දෙන්නද මාතියා"  කියා මූ අපෙන් ඇසුවේය. අපි කාටවත්ම ඒකනම් තේරුම්ගන්න බැරි විය. මොකක්ද යැයි ප්‍රශ්න කලෙමු.

"මැරෙන්ඩ තියෙනව   කොකාකෝල ස්ප්‍රයිට්, මොනවද ඕන මාත්තය?"

වැඩේ මීටර් වුණේ එතකොටය. මූ කියා ඇත්තේ මිරින්ඩා තියෙනවා කියා ය. තව පොඩ්ඩෙන් පරාටත් කා මැරෙන්නම බොන්නත් වෙන්නේ ය. පරාටා යනු මොනවාද, පරාටා කන්නේ කෙසේද, කන්නට ලබා දෙන්නේ මොනවාද යන්න ධනා ඉගෙනගත්තේ එතැනින් ය. පරාටා සාදන්නේ පාන් පිටි වලින් බව දැනගත්තද සාදනා ආකරයක් ගැන දැනුමක් නොතිබිණි.   

දැන් ධනා වැඩිපුර ගෙදරින් පිට ඉන්න එකා ය. හුඟක් වෙලාවට බෝඩිංවාසී කොළුගැටයා ය. දැන් ගෙදර කෑම මිස් වෙන්නේ ය. හොටේල් වලට ආවඩන්නේ ය. ඒ කෑම කාලාම දැන් ගෙදර කෑම අප්‍රිය ය. බෝඩිමේ කෑම පිළිඹඳ කතා නොකිරීම මානසික සුවතාවය සඳහා ය. අපි බොහෝ දවස් වලට  හවසට  බඩගින්නේ වටවන්දනාවේ යන්නෙමු ය. පරණ ගාළු පාරෙ ෆස්නි නානගෙ කඩේ, SLIIT එක ලඟ අඹ සෙවන, ඇල පාර තඩියගෙ කඩේ, ඉසදීන් වල ක්වික් පැක් එක, පී අන්ඩ් එස් ඔය වන්දනාමාන ස්ථාන ය. දවසකට එකක් ලෙස එකින් එකට අපි වන්දනා කරන්නෙමු. 

මේ පෝස්ටුවටනම් ගැලපෙන එකම තැනක්වත් ඉහත කියවුනේ නැත ය. පරාටා වලටනම් ධනාට ඉතින්  බතූතා පාරේ ඉස්කෝලෙ ඉස්සරහ තියෙන තම්බි කඩේ තරම් සෙට් වුන තැනක් නැත ය. එතන උදේ ඉඳන්ම පරාටා හදන්නේ ය. හවස හත පහු වුනත් පරාටා තියෙන්නේ ය. පරාටාවක් රුපියල් දහය ය. ඕක කන්න සිරාම හොදි එකකුත් චිලී පේස්ට් ටිකකුත් පිඟානකට දා දෙන්නේ ය. මදි වගේනම් තව බෙදාගන්නට පුළුවන් ය. තව අර චූටි කෝප්ප වලට ප්ලේන්ටි ද දෙන්නේ ය. ධනානං ඕවා බොන්නේ නැත ය. කෝක් එකකුත් මතක ඇතුවම ඉල්ලාගන්නේ ය.

කඩේ වේටරයාත් අයිතිකාරයාම ය. තරමක් වයස අංකලයෙකි. කඩේට තනියෙම එකෙක් ආවොත් අර හොදි පිඟානත් එක්ක ඉස්සෙල්ලාම පරාටා 5ක් මේසයට ගෙනත් තබන්නේ ය. මදි වගේනම් ඉල්ලාගන්නට පුළුවන් ය.  මමත් බැජියාත් යන දවසට එකාට පහ ගානෙ 10ක් දෙන්නේ ය. බැජියාගෙත් මගෙත් දැනට වැඩිම පරාටා රෙකෝඩ් එක 17 ය. ඒ ධනා 9කුත් බැජී 8කුත් ලෙස  ය :P

මේවෙනකන්ම පරාටා හදන විදිහ කියා දැනගෙන සිටියේ අර තෙල් නාවලා ගන්න පිටි ගුලිය  යකඩ තහඩුව උඩ තියල හොඳට අතෙන් තලල දිගෑරෙන්න අත් දෙක මාරු කර කර කරකවන එක ය. 


දැන් ඊට වඩා දෙයක් ධනා දන්නේ ය. කොටින්ම පරාටය රස නහර පිනා යන්නට හැකිවන ලෙස සෑදීමේ දිව්‍යමය සංගටකය කුමක්ද එය මුල සිට ආහාර ජීරන පද්ධතිය ඔස්සේ විත්  පරාටාවේ තැනුම් ඒකකය වන පාන්පිටි අතරට එකතුවන්නේ කෙසේද යන්නත් ධනා සොයා ගත්තේ ය.  රත්වූ යකඩ තැටියේ සිට පිඟානයෙන් මේසය දක්වාත්, මේසයෙන් මුඛයටත්, මුඛයෙන් නැවත් ආහාර ජීරණ පද්ධතියට එක්වන මෙම සංඟටක දෙවරක් පුද්ගල කාවන්ගේ මිනිස් සිරුර අභ්‍යන්තරය නම් ඇඩ්වෙන්චර් අත්දැකීම ලබා ගන්නට වාසනාව ලබා ගන්නේ ය. ඒ පාන්පිටි වලින් වැඩ කෝටියක් දාන මේ කෑම හදන එකා නිසා ය ^_^

පරාටා රසවිඳ ඇති, රසවිදීමට බලාපොරොත්තුවෙන් සිටින කව්රු කව්රුත් මේ වීඩියෝව බැලීම ගෝචර ය. 



ප.ලි :- 
  • ඔක්කාරය, වමනේ යෑම වැනි රෝග ලක්ෂණ සඳහා වග කියනු නොලැබේ...
  • වැසිකිළි යාමේ අපහසුතාවෙන් පෙලෙනවුන් සඳහාද මෙම වීඩියෝව නිර්දේශ කරමි.

Friday, February 28, 2014

මරිජුවානා පුරයක සැරිසැරුවෙමි | Few Hours In a Marijuana City



මේ බොග දැමිල්ල කරන්න යන්නේ සති ගණනාවකට පසුව ය. ධනාලගෙ ඉස්කෝලෙ හෙනම වැඩකට සෙට්වී සති දෙකක් එතනම ය. ඒක ඉවර වෙලා බොග ගැන තනියෙම රිවිශන් එකක් කලෙමි. දැන් යන්තම් යන්තම් මතක ය. මං සිංහලෙන් බොග දාන එකෙක් කියා මතක් වුණේ  මීට සුළු මොහොතකට පෙර ය. නැත්තං ධනා මෙතන කඩ්ඩ වනන්නේ ය. කපා ගන්නේ ය. වෙන්නේ මල කෙලියක් ය.

මල් කියන වචනෙ ඔය කව්රුත් දන්නවා ඇති ය. ඉස්සරනම් ඒක ගහක ප්‍රජනන ඉන්ද්‍රිය ය. සමහර ගස්  වර්ගයා බෝ කරන්නේ මලේ පිහිටෙන් ය. සමහර ඒවා වැල් වලින් මුල් වලින් ඔය වැඩේ කරන්නේ ය. මල් ගැන කියන්න පටන් අරන් ගස් ගැන කියන්නේ ය.

දැන් සමහරු මල් කියන්නේ අර අරවා ට ය. දන්නවනෙ?? අරව අර්ව බං... ඔය ගැන මං ධනාද හරියටම දන්නේ නැත ය. ධනා තාම පොඩිඑකා ය. Related Posts Plugin for WordPress, Blogger...ඔය මල් කියන එක ධනාගෙ හිතට ආවේ උගෙ බෝඩිමේ බැජියාගෙන් ය. මොකද උගේ ගම් පලාත මල් වලට ප්‍රසිද්දියක් උසුලන  තණමල්විල ය. ඔය සින්දු වල මේ කියන මාතෘකා දෙක සම්බන්ද කරල  කියන හැටියට  පොඩි උන්ට හිතෙන්නේ ඒවා තණ්මල්විල සති පොලේද ඇති කියා ය. ගෙවත්තේ වවනවා ඇති කියා ය(මහා පරිමාණයෙන්). තණමල්විල  ගූගල් කලත් උඩින්ම එන්නේ මොකක්හරි හේනක් වටලපු සිද්ධියක් ය.

තණමල්විල කියන නම අහපු ගමන් ලංකාවෙ මිනිහෙක්ටනම් ඔය මරිජුවානා කියන නම මතක් වෙන්නේ ය. බැජියා කියන විදිහටනම් ඔය කියන කංසා අස්වැන්න නෙලා ට්‍රැක්ටර් වල පටවාගෙන ටවුන් එක මැදිනුත් යනවාලු ය. ඒත් ඊට පිටිපස්සෙන් පොලීසියත් එනවාලු ය. තණමල්විල ඉන්න බොහෝමයක් ධනවතුන් කංසා ව්‍යාපාරයට සම්බන්ධලු ය. උක්ත පැලෑටිය රස්තා දහමේ දිව්‍යමය පැලෑටියද මොකක්ද ලු ය. ඒක කියලා තුබුණේ බුකියේ ය. අර කව්රුත් දන්න හැම වෙලාවෙම කැමරාවක් අතේ තියාගෙන ඉන්න බණ්ඩාරගොඩ අයියා ය.  ධනා ඒ ගැන වැඩිය නොදන්නේ ය.

ඔහොම ටික දවසක් ඉන්නකොට ධනාටත් බැජියාගේ ගෙදර යන්නට ආරාධනාවක් ලැබුණේ ය. කොහේහරි යන්නනම් ඉතින් ධනා එක පයින් ය. පහුවදා මද්දහන වෙනකොට ඌ බැජියාගේ ගෙදර ය. ඌ ලැපක් අරගෙන සතියක් වුණේ නැත. ඒකේ මදර් බෝඩ් එක නිවන් දැකලා ය.  ඒකත් සර්විස් එකේ ය.  ධනා යනකොට ගෙදර හිටියේ උන්ගේ අම්මාත් අක්කාත් මල්ලීත් ය. ගෙදරට යන්න තණමල්විල හොස්පිටෑල් එක ඉස්සර පාරෙන් ඇතුලට යන්න ඕන ය. තණමල්විල ඩිපෝව පාර ය. ගෙදර ගිය ගමන් ධනාට කිරිඳි ඔයෙන් නාන්නට ඕනෑ විය.  ධනා ඔය ගඟ ගැන කලින් අසා තිබුණේ බැජියාගෙන්ම ය. කෝකටත් කියා ධනා ගියේ ලොඹූ කැමරාවත් කරේ දාගෙන බටු කැමරාවත් සාක්කුවේ ඔබාගෙනම ය. 

ගෙදර සිට ගඟට පයින් ගියෙමු. අව්ව ගැනනම් කියලා වඩක් නැත ය. තව පොඩ්ඩෙන් රෝස් පාන් වෙන්නේ ය. යන අතරමඟ කව්දෝ ඇමති කෙනෙකුන්ගේ නිවසක් විය. නිවසට විදුලිය සම්ප්‍රේශනය කරන වයරයක්ද විය. වයරයේ වසා සිටි සමනලයෙක්ද විය. සමනලයා දැක ධනාට කසන්නට විය. පුළුවන් තරම් ලඟට ගොස් පොටෝ කෑල්ලක් ඉස්සුවෙමි. 


කැමරාව මූනේ ගසාගෙන ඇවිදින්න ගිහින් කාණුවේ වටුනානම් අද මේක ලියන්නට එකෙක් නැත ය. ඒක කාණුවක් නොවේ ය. එබිලා බැලුවානම් අපායත් පේනවා ය. කටු අත්තකට සීරුන පාරවල් තාම කකුලේ ඇත ය. ගඟට යන තැන විදුලි වැටක් තිබුණි. දැන් ඒක වැඩ නැතිලු ය. ඕන බළු බල්ලෙක් දැන් එතනින් රිංගන්නේ ය.  මහ ලොකුවට නාන්න ගියාට ගඟ දැක්කම නිකං බහිස්‍රාවීය පද්ධතිය රෙදි තෙත් කරන්න හදන්නේ ය. පැය භාගයක් විතර පොටෝ ඇල්ලුවෙමු.

ගඟ දෙපැත්තෙම කුඹුක් ගස් ය. සියල්ල සමාන දුරවල් වලින් පැල වෙලා ය. පට්ට ය. ගඟට ඉර එළිය වැටෙන්නේ නැති තරම් ය. වතුර ගලන ශබ්ධයත් කුඹුක් කොල ගැටෙන ශබ්ධයත් හැරෙන්නට තිබුණේ ඉඳහිට ඇසුණ මොනරුන්ගේ ශබ්ධ පමණි.




නෑම පිළිබඳනම් කතා කරන්න දෙයක් නැත ය.  බැජියා ජබොහ්... ගා වතුරට පැන්නේ ය. ඌ වතුර ඇතුල ගියොත් විනාඩි 3, 4කටවත් උඩට එන්නේ නැත. ධනා මින් පෙර ගඟකින් නා ඇත්තේ 10 වසරෙදි ය. ඒත් අර කුකුලෙ ගඟේ ගල් ගොඩ උඩ ය.  බැජියා හෙන හෙන මැජික් වතුර යට ගිහින් කරන්නේ ය. ලොවෙත් ය. මං ධනා අයිස් පාරකටත් එක්ක ටිකක් වෙලා ගං ඉවුරට වෙලා සිටියෙමි.  බැජියා දැන් ගඟේ උං නාන විදිහ, කරන වැඩ කියන්නේ ය. ධනාද බල්ලා සේ ඒවා අහගෙන සිටියේ ය. 

නාන බැජී

පොර වදන් දීල ගඟට ආවට මොකද නාන්න ගඟට බැහැගන්නත් ටිකක් මොකක්ද වගේ ය.  මට කියා හරියට පීනාගන්නටවත් බැරි ය. අම්මාටත් තාත්තාටත් ඉන්නේ මං විතර ය.  ඒ මදිවට මූ මට දීපු කලිසම ඊට හපන් ය. ගවුමක් ඇන්දානම් ඊට වැඩිය හොඳ ය. ඕන රෙද්දක් කියා ජබු ජබු ගා ගඟට බැස්සෙමි. කැමරා, කුට්ටම,රෙදි ඔක්කොම ගස් වල එල්ලලා ය. මල රෙද්ද ය. මේකාට වතුරේ කෙලින් හිටගෙන ඉන්න අමාරුව. මොකාද වගේ වැනෙන්නේ ය. වතුරේ ගිලෙන්නට බැරි ය. ආශ්වාස ප්‍රාශ්වාස අපහසුතාවක් හරස්වෙන්නේ ය.  ටික වෙලාවක් වතුරේ ඉන්නකොට  අවුලක් නැත ය.  කකුලට මාළු කොටන්නේ ය. එතකොටනම් බයකුත් ආවේ ය. අහවල් පොට් එකට කෙටුවහෙමනං කාට කියන්නද ය. 

නෑම ගැන කිව්වා ඔය ඇති ය. වැඩිපුර කියන්න ගියානං උඹලා කියන කතා වලට ධනා කියන එකා මහන වෙන්නේ ය. අපි නාන අතරෙ තව විසි දෙනෙක් විතර එතනට ආවේ ය. එක අංකල් කෙනෙක්ගෙ ඔරලෝසුව නැතිවෙලා ලු ය. 

මට ගඟවල් වල නාන්න බැරි ය. මා එය පිළිගනිමි. පෝස්ටුව දිග වැඩි බව හැඟේ. දැනට මේ ඇති ය. ඉතිරි කොටස පසුවට ලියමි...

ඔව්, අපි මල් සොයා ගියෙමු...
මල් සොයාගත්තෙමු...
මල් රැගෙන ආවෙමු...

මල් සොයා ගිය ගමනේ දෙවන කොටස ලඟදීම... 

https://www.facebook.com/media/set/?set=a.1418559688391905.1073741840.100007136623552&type=1

Monday, February 10, 2014

වලියකින් බිහිවූ නෝන්ජල් පදරචනය

Related Posts Plugin for WordPress, Blogger...
 
මේකනම්  අම්මලාගෙ විභාගෙ ලිවන වයසෙ(5 වසරෙ)දි වුණ සිද්දියක් ය. ඒ දවස් මං ඩොක්ට කෙනෙක් වෙනව, ඉංජිනේරුවෙක් වෙනව, පයිලට් කෙනෙක් වෙනව කියල අම්බානක තවුසන් ටෝක්ස් දීපු කාලෙ ය. මොකෙක්හරි ඇහුවොත් පන්තියෙන් වඩිපුරම ඉන්නෙ දොස්තරලා ය. ලෙඩ්ඩු කොහෙවත්ම නැත. අනේ වාසනාවං ය... ඉස්සර ඉතිං හැම වෙලාවෙම සෙල්ලමටම බර කාලෙ ය. මොකක්හරි පරහක් කින්ද කොක්ක දාගන්න වෙලාවළුත් එමට ය. එකී කොක්කක් දමා ගැනීමේ ප්‍රථිඵලය පහත ය...

මතක් විදිහට තිලිණයා ඇතුළු අපි දවසක් ග්‍රවුන්ඩ් එකේදි  සෙල්ලමක් දාගෙන ඉන්නකොට එක පාරටම තිළිණයාත් තව එකෙකුත් අම්බානෙක කෙන ගන්නවා ය. කොල්ලො සෙට් එකම බැහැල ගේම ක්ලෝස් කලද දෙන්නගෙ හිත් වල ඒ තරහ සති ගාණකට මැකුනේ නැත ය.
 
හිතේ තරහට ඊලඟ දවසෙ තිළිණයා පංතියේ ඔක්කොම ඉන්න වෙලාවක් බලල කියන්න කියල සිංදිවක් හදාගෙන ඇවිත් ය. ය අපි කිසිවෙකු නොදැන සිටියෙමු. 


සින්දුව ඕක ය. තිළිණයා සින්දුව තනිකරම වර්චස් කරලා ය. 


කුණු කුණු (පපප් පපා) 
කුණු කුණු කුණු බයිටගෙ කුණු බයිට් ටික අහුවෙලා... 
වරෙං වරෙං (පපප් පපා) 
වරෙං වරෙං පොලීසියෙන් ජීප් එකක් පුරවලා... (පපර පපර පපර පපා) 
කාටත් කාටත් කුණු බයිට් බෙදලා...
කාගෙත් කාගෙත් බඩ කුණු වීලා...
මෙන්න බොලේ කුණු බයිටා බයිට් ගොඩේ හැංගිලා...
ප.ලි: ඔය "බයිටා" කිව්වෙ අර තිළිණය වලිය දාගත්ත එකාගෙ නික් නේම් එක ය. ධනා මේ පෝස්ටුව ලිව්වෙ පුංචි කාලෙ මතකයක් බෙදා හදා ගන්න මිස, කාටවත් අපහස කිරීමට, මඩ ගැසීමට, පහතට හෙලීමට හැඟීමක් තුන් සිතකවත් නැත ය... 
Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, February 5, 2014

නිදහස උල්ලංඝනය සහ කරපිංචා | Dealing With Idiots


එක්තරා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුගේ අසම්භාව්‍යයේ අනියමාර්තයට අයත් ජුගුප්සාජනක ඝනයේ ගොන් ආතල් එකකි෴



රියටම 66 වන නිදහස් දවස ය. උදේපාන්දරම නැගිටලා කලේ ෆිල්ම් දෙකක් බාගත්ත එක ය. දවස් 4ක් ගෙදර ඉන්න කියල හිතාගෙන  ධනා බෝඩිමෙන් ගෙදරට පය ගහලා ය. කරන්න හිතාගෙන හිටපු වැඩ කෝටිය ය. ඉස්සෙල්ලාම බැළුවේ Catching Fire එක ය. ටිකක් දවල් වෙලා TOM YOUNG GOONG 2 බලන්න වාඩි වුණා විතර ය.  මොකෙක්දෝ හෙනහුරෙක් ය.

මල්ලේ... මල්ලේ

බඩු පැකට් ය. ඒනං කතාකරන්නේ මටමය. ධනාට සිතුනේ ය. මොකද ඔය බැරල් කටවල් තියෙන අයට මල්ලි කියලා කතාකරන්න ධනාලගෙ ගෙදර ඉන්නේ ඌ විතර ය. ශිං ශිං ගා ටී-ශර්ට් එකක් දාගෙන එළියට ගියෙමි. ඒ ඔට්ටේ ය.

මොකද බං මෙච්චර වෙලා යන්නෙ උඹලට කතාකලාම. ගෙදර කව්රුවත් නැති වෙලාවෙ වැඩ වගේ ඈ...
 
ඔට්ටේ කින්ඩියට මෙන් හිනාවක් දැම්මේ ය.
 නෑ නෑ බං මොකද හදිස්සියක්ද ?

නෑ බං එහෙම එකක් නෙවෙයි, පොඩි ගමනක් යන්න ඕනි. වරෙංකො ආට එකත් අරං. මේ ලඟකට.

ලයිසන්?

ට්‍රැෆික් නෑ බං. මාට්ටු වුනොත් මොනවහරි කරගමු. 

ගෙදර මල යකෙක්වත් නැති වෙලාවේ ධනාද ටුක්  එකට වග කීවේ ය. ධනා එනකං ඔට්ටෙයා පාරේ ය.

කොහෙටද දැන් යන්නෙ?

ඉස්සෙල්ල යමන්කො ඩිපෝව පැත්තට.

ධනාද දැං බල්ලා සේ ඩිපෝ හොයාගෙන යන්නේ ය. ඌ මෙතැන්සිට ටැක්සි කාරයා ය. නිර්ධන පංතියේ එකා ය. ස්වයං රැකියා කාරයා ය.  පාර අයිනේ තිබුණ මිදුලකට ටුක් එක දමා තව කව්දෝ එනකං විනාඩි 5ක් පමණ සිටියෙමු. ඔහු නමින් ගුණේ ය.   හඳුනාගත්තේ ඔට්ටේ හරහා ය. 

කොහෙද බං යන්නෙ මේ හදිස්සියෙ?

ගහක් බලන්න බං ගහක් බලන්න. 
ගුණෙයෝ... ඉක්මනට වරෙං බං, රෑ වෙනව. 
ඔට්ටේ මිදුලේ සිටම බෙරිහං දෙන්නේ ය.   
ගහක්?? මොන.

කරපිංච බං කරපිංච.

ඕක කියනකොටම ධනාට හෙනටම හිනාවක් එළියට පැන්නේ ය.

පුහ්... යකෝ කරපිංච ගස් බලන්න වන්දනාවෙ යන්නේ උඹ කරපිංච ගස් දැකල නැද්ද?? 

නෑ බං නෑ. ගහ කපන්න ඕනි. උඹ වැඩිය දන්නැති එකා මේව ගැන. 

තේරෙන්න කියපංකො. උඹල මේපාර කොළ කැඳ දන්සලක්වත් දෙනවද?  යකෝ හිනායනවනෙ කියන කතා වලට.

!@#$& හිනා නෙවෙයි යකෝ බඩු තිබුණොත් සල්ලි තමයි. 

මොකක්??

අනේ යකෝ තේරෙන්න කියහං !@#$%^ 

මේකත් අර වල්ලපට්ට වගේ තමයි බං. ලඟදි සෙට් වුණ එකක්. කරපිංච ගහේ අරටුව බං හොයන්නෙ. උඹ කාටවත් කියන්නෙපා.

අනේ මේ, ඔය හිරේ යන සීන් වලට අත දාන්න නම් බෑ බං හොඳේ.අනික උඹල කිව්වොත් කියන්නෙ මොකෙක්ටවත් කියන්න බැරි ගොන් කතාමනෙ.

හරි බං එහෙම සීන් එකක් නෙවෙයි. කැපුව. බැළුව. ආව.


ඔහොම කතාකරකර ඉන්නකොට අර ගුණේ ද ඇවිත් ටුක් එකට නැග්ගේ ය. දැන් ධනා යන්නේ ගුණේ කියන පාරේ ය. අපි මේ යන්නේ කරපිංචා ගහක් දැකලා නැති උං වගේ ය.  මුන් දෙන්නා සෙට් වෙලා හදන්නේ ඔය ගහේ අරටුව අරං විකුණං කන්න ය. කරපිංචා අරටුව සුවඳ විලවුන් නිශ්පාදනයට ගන්නවාලු ය. කිලෝ ග්‍රෑම් එකක් හෙනම ගානක් වෙනවාලු ය. අරටු හැම ගහකම නැතිලු ය. පරණ ගහක් වෙන්න ඕනෑලු ය. ගහ තියෙන්නේ ගුණේගේ වත්ත ඉස්සරහ වත්තක ය. 


මෙන්න මෙහෙම තියෙන්න ඕනිළු

කරපිංචා

රෝද දෙකක යන්න ඕනි පාරක හෙනම ගේමක් දී රෝද තුන දැක්කුවෙමි. වැඩ දන්න නිසා හොඳ ය. කාත් කව් රුවත් නැති පාළුවට ගිය ඉඩම් දෙක තුනකට පසු ගුණේ ගේ මහ ගෙදර හමු විනි. ගෙදර වත්තට ටුක් එක දැමුවෙමු.  ඔය ගුණේ කියන කෙනාද හෙනම නැව්ටෝක් දෙන්නේ ය.  වෙල්ලසෙ ලොකුම තේක්ක ගහ තියෙන්නෙ මෑන්ගේ වත්තේලු ය. ඕක කියල ගුණේ නා ගත්ත නෑම මෙතන ලියන්නට නුසුදුසු ය.  මගදිගට කතාවෙන්නම් ගුණේ ලෙසටම ගස් හිටවපු චරිතයක් අප ඉදිරියේ මැව්වේ ය.  ගුණේගේ අම්මා සහ තවත් යුවලක් නිවසේ ජීවත් වෙන්නේ ය. අපි ගියා විතරය. සෙට් එකම මිදුලේ ය. ධනා ඉතිං ඔය වැඩ වලට නැති එකා ය. ඌ පාඩුවේ පැත්තකට වී සිටියාලු ය.

ඔය අතරේ ගුණේ ලොකු අඹ ගහකට අත තියා හේත්තුවක් දාගෙන මෙහෙම කියන්නේ ය.

මේකත් මං හිටවපු ගහක්. දැනට අවුරුදු 20කට විතර කලින්. මචං මෙතන ටයර් එකක් දාල නෙද තියෙන්නෙ? ගුණේ ගසේ මුල පෙන්වමින් ඔට්ටේ ගෙන් අසයි. 

නෑ නෑ ටයර් එකක් නෑ. 

ආ එහෙනම් ඒක අයින් කරන්න ඇති. ඉස්සර මම මේකට ටයර් එකක් දාල තිබුණෙ. පිහිඹියා ගහක්. 
ගුණේ ගස අතගාමින් කියයි. 

එහෙම කියනකොට ධනාටද උඩ බැලිනි.

පිස්සුද යකෝ මේ අඹ ගහක්. ඔළුව කොහේහරි වැදුනද උඹේ? මේ තියෙන්නෙ බං එහා පැත්තෙ පිහිඹියා ගහ. මේ තියෙන්නෙ ටයර් එක. 
ඔට්ටේ කිණ්ඩියට කීවේ ය. 

ඒකටනං අන්තර් පර්ශුක පේශි ඉහිල් විණි. ගුණේට සිරාවටම වැරදිලා ය. සීන් එක දැනගත්තේ ටික වෙලාවකට පස්සේ ය. ගුණේ දෘශ්‍යාභාධිතයෙකි. ඔහු කී ලෙසට ඔහුට පෙනෙන්නේ සේයාවක් පමණකි.

කට්ටිය මන්නා පිහි, පොරෝ අරං ගහට ශොට් එක දෙන්නට යන්නට ය. ඒ ගෙදර බල්ලන්ම 5ක්ද කොහෙදෝ විණි. ටයර් තුනටම මූත්‍ර විසර්ජනය කලාද කොහෙද ය. උං එක්ක ඉන්න බැරි කමටම ධනාද ගහ කපන තැනට ගියේ ය. ගුණේ ගේ අම්මා තැන් පෙන්නුවා ය. ඔට්ටෙයා හෙනම බටර් ෆැක්ටරි එතන හදන්නේ ය. තනිකරම සුරන්ගනා කතාවකි.  ධනාට තරහාද යන්නේ ය. ඔය ගැන නොකියා හිඳීම ඇඟට ගුණය. උන්ට ඕනි එකක් කරගන්නට කියා ධනා බලා සිටියේ ය. ඔට්ටේ ගහ කපන්නේ ය. 

කරපිංචා ගහ ඊට කලින් වෙන කාට හෝ මීටර් වෙලා ය.  බුරුමෙකින් විදල බලලා යන්නට ගිහින් ය. ඔට්ටේ ඒකද එතන වැදෑලුවේ ය. 

අය අරටුව කියන එක ගහේ හැමතැනම තියෙන්න පුළුවන්. මොනව වෙන්න හරි ගහ කපල ඇරන් ගිහින් පලලම බලමු. නේ බං ගුණේ.

ගුණේද ගොනා සේ හ්හ්ම්ම් කීවේ ය. 

ධනාට දැන්නම් පුශ්පෙ විකසිත වෙලා ය. ඇයි යකෝ ගහක් බලන්න කියල ඇවිත් දැන් කපන්නේ ය. පලන්නේ ය. ඒමදිවට පාරෙන් මිනිස්සු දෙන්නෙක් යනකොට උං පොරෝ අරව ඒව ඔක්කොම අතෑරලා කැලේ පැන්නේ ය. අරුන් දෙන්නා ධනා දිහා බැලුවේ නිකං සතෙක් දිහා බලනවා වගේ ය.

ගුනේ ත් ඔට්ටේත් කරපිංචා ගහ ගෙදර උස්සගෙන ඇවිත් බණ්ඩි කියතකින් කෑලි කලහ. ඒකේ තිබුන අරටුවක් නැත. මුං වගේ මෝඩ හැත්තක් කියා ඒ වෙලාවෙනම් සිතිණි. ඕක බලං හිටපු ගුණේගේ අම්මා අත කම්මුලේ තියෙගෙන කට පපුව ලඟට කර කිව්වේ "අනේ ඉතිං ඕකෙන් බදුල්ලටත් කරපිංච අරගෙන ගියානෙ" කියලා ය.

කට්ටියගේම බලාපොරොත්තු චකබ්ලාස්ට් ය. ඒ අස්සේ මුං කබර හූනො, දෙබත් නයි, කදුරු ඇට අරවද මේවද හිරිකිත මාතෘකා ගැන කතාකරන්නේ ය. බැරිම තැන ධනා "යන්නැද්ද බං"  කියා ඔට්ටේගෙන් ඇසුවේ ය. මූ නෑසුනා සේ කබර හූනු බිස්නස් ගැන අර ගොන් හත්තිලව් එක්ක කියන්නේ ය. කබර හූනෙක් අල්ලල දුන්නොත් ලක්ෂ 5යි. නැට්ටත් එක්ක අල්ලන්න ඕනි. උගෙන් සයනයිඩ් හදනව.  ඕනිමනං වැඩේ කරගෙන හූනව ආපහු ගෙනල්ලත් දෙනව.  අරවද මේවද ලෙසටම කාගේ හෝ ලණුවක් ගිල බහිස්‍රාවීය පද්ධතිය ස්ටක් වෙලා ය.

මොන පාට කබරද, හූන සුදු පාට එකාද, එතන  ඔට්ටේ ට පැය භාගෙන් ගහන්න mcq එකක්ම ලැබිණි. ඔව් කළු පාටත් තියෙනව. තව තැඹිලි, දම් වගෙත් තියෙනව.

මිනිහා සැරින්සැරේට  එක එක පාටවල් කියයි.

"ආ කබර හූන්නු නං අන්න අපේ ලැට් එකෙත් ඉන්නව ඕන තරං අයිය, අල්ලගෙන ගිහිං අපිටත් කීයක්හරි කමන්නෑ ගෙනල්ල දෙන්න"

අලි මදිවට කොටි කිව්වාලු ය. තවත් කොයිල් ස්ත්‍රී ලිංගයක් එතනට ආවා ය.

________________________________________________________

ධනාත් දැන් කුම්බලා කරවල කාපු උගුඩුවා වගේ ය. එතැනින් පසු සිදුවීම් අනවශ්‍යය. මටනං මේවා ලියන්නත් ලැජ්ජ ය.  මෙහෙම මිනිස්සු ගැන හිතනකොටත් මටනං තරහක් දැනෙන්නේ ය. කරන්නට දෙයක් නැත. එක්කෝ ඒ ඔවුන්ගේ නූගත්කමය. නැතහොත් ආර්ථික ප්‍රශ්න ය.  එසේ කියා ඒ ප්‍රශ්න වලට කැලේ තියෙන ගහක්වත්, පාඩුවෙ ඉන්න පුංචි සතෙක්වත් ඊට වගකිවයුතු නැත. මේ ගෙවෙන කාලය අනුව සමාජයට අළුතින් එන පුහු  පටු ආකල්ප නිසා පරිප්පු හොද්දක්වත් කටට රසට පිසින්නට කරපිංචා කොලයක්හෝ සොයාගත නොහැකිවණු ඇත. වල්ලපට්ටා දුර්ලභ ය. නමුත් කරපිංචා ශාකය සුලභ ය. ඒ හේතුවෙන් මෙවැනි මානසික ලෙඩ සමාජයේ මුල් බැසීමේ ඉඩකඩ ද බොහෝ සෙයින් වැඩි ය. ධනා  ගස් කොලන් වලට ආදරේ කරන එකා ය. පෝස්ටුව ලිවීමට රුකුලක් වීමට එය හේතු වන්නට ඇත.

ප/ලි:  
  • සිද්දිය ඉහලට දැනුම් දීමෙන් අතුරු ප්‍රථිපල ලෙස දැන් එක එකා කතා කල පලියට ගෙදරින් එළියට බැසීම තහනම් ය.
     
  •   නිදහස් දවසේ කෑවේ හෙනමම චාටර් එකකි. අර කියපු පිලුම තාම බැළුවේද නැත. ඔට්ටෙයා දැන් ධනා සිටින තැනකින්වත් නොයන්නේ ය.
  • අතේ තිබූ සොච්චම ධනාට පූජා කල බැවින් ඔට්ටේ දැන් ලඟ තියෙන කඩේටද ණයකාරයෙකි. "ආරංචිමාර්ග"

-මා සිතන අයුරින් මෙවැනි ක්‍රියා අනුගමනයෙන් වලකීමට උපදෙස් දියයුතු කිසිවෙක් මේ බ්ලොග් අවකාශයේ නැත-