Monday, May 19, 2014

ගම්සවාරී දෙවන කොටස | A Picnic Arround Ratnapura II






  පළමු කොටස මෙතනින්

ය වෙන්නට කිසිම දෙයක් නැත ය. යන පාර ලස්සනට පෙන්නලා තියෙන්නේ ය. "ආ දැන් මෙහෙට හැරෙන්න, ඔතනින් නෙවෙයි මෙතනින්, ආ දැන් උඩ බලන්න ආ දැන් යන්න"  අපිට තියෙන්නේ මේවා පිළිපදින්න විතර ය
. හැබැයි එක තැනකදි තුන්මං හන්දියක් හමුවෙන්නේ ය. වමට දකුණට තියෙන පාරවල් දෙකෙන්ම ඇල්ලට යන්න පුළුවන් ය. හැබැයි දකුණ තියෙන පාර පොඩ්ඩක් අවුල් ය. දන්න කියන කෙනෙක්ටනම් ඒකෙ යන්න කියන්න හොඳ නැත ය.  වෑන් එක පාර්ක් එකට දමා රුපියල් සීයක ටිකට් එකක්ද ගත්තෙමු. එතන ඉඳන් මීටර 500ක් විතර පයින් යන්නට ඕනෑ ය. 




එකෙක්ට රුපියල් 40ක්ද කොහෙදය. මට හරියටම මතක නැත ය. ටිකට් ගත්තේ අයියා කෙනෙක් ය. අයියා කෙනෙක් කිව්වේ  සුදු පුන්චියගේ පුතෙක් ය. ගිය වෙලාවෙ ඉඳන් ඇන්ටිලා අක්කලා ඇඳුම් මාරු කරන සීන්නම් එමට ය. ඒවා බලා කණපලාගන්නට බැරි ය. අම්මා දැක්කානම් ධනාගේ හක්කේ තියා සෙම අරින්නේ ය. ධනා බල්ලා සේ පාඩුවේ  යන්නේ ය. කොල්ලොත් එක්ක ආවනම් දෙතුන් දෙනෙක්ගෙ රෙදි ගලවලා ය.

ඇල්ලට යන්න පඩි 10ක් විතර පහලට තරණය කල යුතුය. එතනින් පස්සෙ තනිකරම වතුර ය. දිය ඇල්ල තියෙන්නේ ටිකක් දුරින් ය. 


ධනා ඉන්න තැනට දිය ඇල්ල පේන්නේ මේම ය. මැද ගස් තියෙන දූපතක් ය. ඕක ඇතුලට කපල් යන්නේ ය. කොල්ලෝ සෙට් වෙන්නද යන්නේ එතනට ය.  ධනාට දිය ඇල්ලේ සමීප දර්ශන ගන්නට ඕනෑ විය. මූ රෙද්දක්වත් ගලවන්නේ නැතුව වතුරට බැස්සේ අර පොඩි දූපතට ගොඩවෙන්නටය. එතනින් කලිසමේ කකුල් උස්සගෙන වුණත් යන්නට පුළුවන් ය. වැඩි දුර යන්නට වුනේ නැත. තිබ්බ සූටි වලකට මුගෙ කකුල ගියේ ය. වතුර වතුර කියා බැලුනේ නැත ය. එතනම ය. හම්බෝ විලි ලැජ්ජාවට චූ බරක්ද ආවේ ය. වැටුන ගමන් ඉබේම නැගිට්ටවුනේ ය. වම් අත බිමට තබා පැත්තක් නොතෙමී බේරාගත්තේ ය. දකුණු අතේ කැමරාව ය. වෙලාවට ඒ අත උස්සාගෙන ය. අර උඩ හිටපු හැතිකරේම ධනා දිහා බලාගෙන ය. මූ දූපත් වල රින්ගන්ට ගියේ නැත. ගියාට වැඩිය ඉක්මනට ආපසු ආවේ ය. සාක්කු වල තිබුණ ඒවා එලියට ඇද්දේ ය. බඩු පැක්ට් ය. අම්මාගේ ෆෝන් එකෙන් වතුර බේරෙන්නේ ය. ධනාගේ ෆෝන් එක සාක්කුවේ නැත ය. ඒක වෑන් එකේ දමා ඇවිත් ය.

දැන් තේරෙනවනෙ වැඩේ!!!

සියල්ල පසෙක ලා ධනා නාන්නම වතුරට බැස්සේ ය. සිදුවූ අලාභානි හමුවේ ඌ සැළුනේ නැත. මොකද ෆෝන් එක මගේ නොවන නිසා ය. අර කිරිඳි ඔයේ නෑව වගේ බයවෙන්නට දෙයක් නැත ය. වතුරෙන් ඇතුල පෙනෙන්නේ ය. ඉහතින් පෙනෙන ස්ථානයේ ටික වෙලාවක් නෑවෙමු. කස්ටියටම දිය ඇල්ල ලඟට යන්නැතුව කසන්නට ගත්තේ ය. ගස් උඩින් පැන පැන වතුරට බසිමින් ලිස්සමින් ධනාත්, පියාත්, අයියලා දෙදෙනෙකුත්, තවත් පොඩි එකෙකුත් ඇල්ලේ පාමුලට ඇදුනෙමු. අපිත් එක්කම උඩට එන්නට ආ ගැටිස්සියස් සෙට් එකක් අපිටත් කලින් ගිහින් ය. අපි යනකොට මුන් එන්නට හදන්නේ ය. එතන ලොකු ගල් දෙකකි. පැනගන්නට බැරුව ඇඹරෙන අක්කෙකි. ධනාට ඒකීව පැන්නවීමටද සිදුවි ය. ඒකනම් නියම ගල් දෙක ය :3

සියලු බලාපොරොත්තු සුන් වෙන්නට බොහෝ වේලා ගත වූයේ නැත.  වැස්ස සියළු ආතල් පැහැරගත්තේ ය. රුපියල් 100ක් දී බෝලයක්ද ගත්තෙමු. දැන් ඇත්තේ එයට උඩ දමා පයින් ගැසීමට ය. වහින වෙලාවට නාන්නට එපා කියන්නේ ය. වතුර වැඩිවනවාලු ය.  කව්දෝ එකෙක් ඒ පණිවිඩේ උඩ ඉඳන් පහලටම ඉන්න උන්ට කියාගෙන යන්නේ ය. පහළට එනකොට වැස්ස අඩුවිය. එන ගමන් නාන්නට පටන්ගත්තෙමු. 

ධනා : කෝ සබන්?? 

පියා : කව්ද ගෙනාවෙ? මමනම් ගෙනාවෙ නෑ :/

"මල්ලි  සබන් නැද්ද" 

ඒනම් මටමය. හැරී බැළුවෙමි. ඒ අර ගලෙන් පන්නපු අක්කා ය. අන්න මිනිස්සු ය. කල ගුණ සලකනවා ය. 

ධනා : ගෙනත් නෑනෙ අක්කෙ :3

අක්කා : මගේ එකෙන් ගා ගන්න. ආ...

ධනා : තැන්කිව් ඈ :D

මූ දැන් මීයා සේ සබන් ගාන්නේ ය. ඔළුවේ පමණක් ගාගෙන් අක්කාටම දුන්නෙමි. 

අක්කා : මං දැක්ක ඔයා පීනන්න හදනව

ධනා : පීනන්න??  -_-

අක්කා : ඔව් අර ආපුගමන් චේන්ජ් වෙන්නෙත් නැතුව. තෙම්මගත්තනෙ තිබ්බ ඔක්කොම. අපේ කට්ටිය කිව්ව පව් කියල :s

වැඩේ මීටර් වුණේ එතකොට ය. වතුරේ ගිලී හොඳ හුස්මක් ගන්නට සිතුණේ ය.

ධනා : ආ... අර වැටුන එකද, මං මේ දූපතට එන්න ගියේ... කකුල වලකට ගියානෙ :/


"අක්කෙ යන්ද පොඩ්ඩක් ගිහින් බලල එන්න" කියා අසන්නට තිබුණේ ය.

ඔහොම ඉන්නකොට අර කිව්ව දූපතෙන් එළියට ඇවිත් වතුර පාර මැදින් ගල් උඩින් දෙකට නැමීගෙන යන අයියලා දෙන්නෙක් ය. මුන් දෙන්නා යන්නේ ගල් වලට රිදෙයි ගල් හීරෙයි කියා සිතාගෙන මෙන් ය. මං ධනා මුන් දෙන්න දිහා කට අඑරන් බලන් ඉන්නවා උන් දෙන්නාම දැක්කේ ය. මුන් දෙන්නා අඳුරනව වගේ හිනාවක් දාල 

"බෑ බං මල්ලි යන්න බිව්ව වගේ නෙවෙයි..."

ඩබලටම බඩු ය. සෙරෙප්පු අතේ දාගෙන ය. ඔහොම ඉන්නකොට වහින්නට පටන්ගත්තේ ය. සැරටම වැස්සේ ය. එතන හිටපු උන්ගෙන බාගෙට බාගයක් ගොඩට ඇවිත් ය. ධනාත් සෙට් එකත් ගොඩ ය. අර සුයිටි අක්කා පොඩ්ඩ හොයාගන්නට නොහැකි විය. මහ වැස්සේ තෙමි තෙමී බංකුවක් උඩ වාඩිවෙලා පැය භාගයක් විතර සිටියෙමි. ඒ හැමතැනකම ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැතුව සෙනඟ නිසා ය. ඒක මහ කාලකන්නි වැස්සකි. නාන්නද නැත ය. ටිකකින් නතරවුනේ ය. 
ධනා,

ආපහු නාන්නැද්ද???

මොකෙක්ගෙන්වත් සතුටුදායක ආරන්චියක් නැත ය. මං ධනාද අකුලාගෙන එන්නට ආවෙමි...

යනවනම් අන්න ප්ලේස්...

ගමේ ගහපු සවාරි එසේ නිමාවට පත් විය... 
 
Related Posts Plugin for WordPress, Blogger...

11 comments:

  1. මුන් දෙන්නා යන්නේ ගල් වලට රිදෙයි ගල් හීරෙයි කියා සිතාගෙන මෙන්///
    ඕකට හරියන නියම වචනෙ තමා
    කොරවක්කා නෙළුම් කොලේ උඩ යනව වගේ... හැක්..
    කස්ටිය රජ සැපක් ඇරන් වගේ

    ReplyDelete
  2. බොලාට කියන්න මට තාම ඕක බලන්න යන්න බැරිඋනානෙ.
    කොහොම උනත් ඇල්ලෙනුයි වැස්සෙනුයි දෙකෙන්ම නාල තියෙන්නෙ කට්ටිය.

    ReplyDelete
    Replies
    1. යන්න යන්න.
      මං දැක්ක ඇල්බම් ටික :D

      Delete
  3. ඔතනට යන්න සතියේ දවස් වල පුළුවන් නම් මොකෙක්වත් නෑ, බීලා නටලා බල්ටි ගහලා එන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. බල්ටි ගැහුවොත් හොඳට තියෙයි :3

      Delete
  4. මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආහ්හ් හා. එන්නම්කො :3

      Delete
  5. යකෝ අච්චර වැහැලත් නාන්න නැහැයිලු.. :3

    ReplyDelete
    Replies
    1. ..::මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමකි::..

      Delete
  6. අපිත් ලගදි බෝපත් ඇල්ලේ ගිහින් බලන් ඉදලා අන්තිමට රත්ගග ගිහින් නෑවා.බෝපත් ඇල්ලෙ වතුර වැඩී කියලා බහින්න දුන්නැහැ.හැබයි ඇල්ලෙ නියම ලස්සන දැක්කෙ එදා

    ReplyDelete

කන පලාගන්නතුව comment කරපල්ල...