Wednesday, December 25, 2013

සයිබර් මෙගා ආතල් දන්සැල 2013


21 රෑ 10ට විතර  හීනෙන් වගේ කාගේදෝ දඬුමොණරෙක බෝඩිමට ආවා මතක ය.  ඊට කලින් බස් එකක චාටර් වී ටිකක් දුරකට පයින් ගියා මතකය. ඒ කාලය අතරතුර මොනව වුණාද මොනව කලාද කියා හරියටම මීටර් නැත. බිව්වේද නැත. බෝඩිමට ආවේ හෙන ගහපු එකා සේ ය. පහුවදා උදේ නැගිටිනකොට 11ත් පසු වී ය. ලොවෙත් නැත ය. පොලු පහර කෑ මොකාදෙකා වගේ ය. කව්ද එකෙක් මොනවාදෝ බෙහෙත් පෙති 2ක් කුයි වතුර බෝතලේකුයි ද ගෙනත් දෙනවා මතක ය. පියවි සිහියට ආවේ පොඩ්ඩක් නාල කරල ආවට පසුව ය. ඇඳගෙන ආ ඇඳුම් පසුව බලන විට අර දුඹුරු පාට කූඹින්ගෙ ආක්‍රමණයට ලක් වී තිබිණි.


ඒ වෙනකොටත් බීච් පාටි මනසින්ම ය. ඒක නැති වෙන්නත් ටික දවසක් යනු ඇත. 21 සෙට් වුණ උන් එකින් එකා මතකයට නැගෙනවා ඇත.  සමහරුන්ගෙ ආතල් සීන් වලට තනියෙමත් හිනා ය. සති ගණනක් පෙරුම් පුරමින් සිටි ඒ දවස නිමව ගොස් ය. ගෙවී ගිය සොඳුරු මතකයන් යලිත් කිසිඳු දිනයක සජීවත්වයට පත් කල නොහැක. එදා හමු නොවුණු හමු වුණු සියළු සොඳුරු මිනිසුන් කවමදා හෝ මතු යම් දිනක හමු වනවා ඇත. ඒ අයුරින් වද දෙන සිත  ශේප් කර ගත්තෙමි.

බුකිය පැත්තට එන්නම බැරිය. සමහරුන්  නිව්ස් බදු අරං ය. හෙන ගහනවා වගේ ලයික් කරගෙන කරගෙන ගියෙමි. එයටද කෙලවිණි. පොටෝ කෑලි හැමතැනමය. කොයිල් වෙනවා ඇත.  විකාරයක් ය. මඩ ලොරි පිටිං ය. රජා එතනම ය. වෙනිය ශේප් ය.  එක එක වීඩියෝ කෑලි බලලම ඉවරයක් නැත. ඒ මදිවට වැඩේ පත්තරේටත් ගිහිං ය. කොහොමිං කොහොමහරි අපිත් පත්තරේට මූනත්තහඩුව දාගත්තෙමු.

මට ලියන්නට ඇත්තේ මගේ හෘද සාස්සිය විතරකි. සමහරු අතෙනුත් දාල ලියලා ය. ඔය ලියපු උන්ගෙ පෝස්ට් වල ලින්කු එකතුවක් හදල පෝස්ටුවක් දාන්න  හිතාගෙන හිටියට අර නෙරංජිය ඒකටත් කෙලලා ය. ඒකි හෙනම හෑල්ලක් ලියලා ය. අවුලක් නැත ය. අඩුවක් නෑර බඩු ටික එතන තියෙනවා ඇත. ඉතිං මං මට හිතෙන දේවල් එහෙං මෙහෙං ඇද දමමි. මේව දකිනකොට නලින් අයියට දේශමාමකත්වෙ එනවා ය. බස නසල බස නසල කියල කෑ ගහන එක ඉවරයක් නැත.

නලින් අයියත් හිත හොඳ මනුස්පයෙකි. මාව ඉසිස්සෙල්ලාම පිළිගත්තේ ඔහු ය. ඒ විතරක් නෙවෙයි, නලින් අයියා අපේ කණ්ඩායමේ නායකයා ය. ඒ කිව්වෙ මහ කපුටා ය. ඊට පස්සෙ සෙට් වුණේ රජාව ය. එළම ඩයල් එකකි.  එක පාරටම දැකල පුරුදු මූණක් සෙට් විණි. ඒ සිතුවා ය. එතන හිටපු සෙට් එකෙන් මං මුල ඉඳලම දැනගෙන හිටිය එකම එකා සිතූ ය. ඔහොම ඔහොම එතන හිටපු හුඟ දෙනෙක් එක්ක කතාබහ කලෙමි.

කිව්ව විදිහට තරඟත් නිබුණ. නයා අල්ලන එක අපි කපුටො දින්නෙමු. නයාට පෝලිම   හැදුණ විදිහත් යාන්තම් මතක ය. ඉස්සෙල්ලාම සිත්තරී අක්කා ය. ඊට පස්සෙ රණ්දුණුවා ය. ඌට පිටිපසෙන් චණුක්ස් මල්ලි අයියා ය. ඌටත් පිටිපස්සෙං මේක ලියන එකා ය. මට පිටුපසින් හිටපු එකෙක්වත් උං මට කරපු මොනම දෙයක්වත් මට මතක් නැත. අපි කෙල්ලන් හැංගුවේ නැත. ඉස්සරහටම දැම්මෙමු. ඒකි ගේම් එක දිනවලාම පස්ස බැළුවා ය. එක්තරා ආකාරයක නයි මූනක් ඒකිටත් හිමි ය. සමහර ස්තීලිංග නයි කෑලි වැල්ලෙ පෙරලී අමු අමුවෙම වැලි කාගෙන ඇතිල්ලෙනවා ද දැක්කෙමි.

ඊලඟට තිබුණේ අර පොල්ල අල්ලං වට 5 කැරකෙන එක ය. අපේ ටීම් එකට තිබුණේ හෙමන හීනි පොල්ලක් කියන්නත් බැරි එකක් ය. ඒකෙ අයිතිකාරයට හඳුනා නොගත් ලෙඩකි.  ඔය වට 5 වට 10ක් විතර කලානං  හෙනම ලොල් සීන් එකය. ඉස්සෙල්ලාම ගිය සිත්තරී අපහු ආවෙ 80ක රා ඉල්ලපු එකීට 100කම හම්බවුණු චාන්ස් එකේ ජවණිකාවට පණ පොවමින් ය. ඇවිත් දෝං ගා ධනාගේ දෙපතුල ලඟ ඇද වැටිණි. ධනා වනාහි වැටිච්ච කෙල්ලං කෙලිං කිරීමෙහි ප්‍රවීණයෙකි. තවත් කවුදෝ අක්කෙක් සමඟ සිත්තරී උත්තමිය කෙලිං කොලෙමු. තව තව කස්ටිය සරල රේඛීයව ගියාට ආවේ  වෙනම ආකාරයකට ය. ඒ තරඟෙන් කපුටන් හැලිණි.
හේ...හ්...හේ....

තරඟ වලින් දිනන උන්ට තෑගි දෙනව කිව්ව උං පෝලිමට වරෙල්ලා....


මෙච්චර කියවන්න දෙයක් නැත ය. කවුරු කවුරුත් ගැන කෙටියෙන් කියමි.

මුදියා නොහොත් සමියා -: හිතාගෙන ගියේ හයේ හතරෙ එකෙක් ලෙසය. බලාගෙන ගියාම මූ හරියන්නේ ෆේක් ලෝකෙටම ය. හිත හොඳ කොල්ලෙකි. 



රජා -: හිතුවට වැඩිය කොටෙකි. ධනාටත් වැඩිය කොට ය.
එල ය. කැමරාව, ෆෝන් එක වතුරේ ගිලීම සම්බන්ධයෙන් බලවත් සෝකෙ.

බෙන් ටෙනිසමා -: පොඩි උන්ට සැබෑ වීරයෙකි. කවදහරි ඕක ගුවේන්ට මොනාහරි කරලම පස්ස බලනවා ඇත.

රෙපා -: හිතුවට වැඩිය මාමෙකි. සිනහව පෙරදැඩිව කටයුතු කරන්නෙකි.

ජනා -: මටනං මුගේ වචන ටිකම ඇතිය. පැහැදුණෙමි. පොතක් ලියන්න පුළුවන් චරිතයකි.

අයිස -: ටකරම තමයි

නෙරංජි -: බස්‍ රේඩියෝ එකේදි දෙන පොර වදන් එතන දැම්මේ නැත. සැබෑ ගුරුවරියකි. දහවල් කාලයේ හමුවීම වඩා සුදුසු ය.

රනා අයිය-: ජනා එක්ක හිටියට ලොකුකම් ඇඟේ නැති පුද්ගලයෙකි.

පවනි තරංගා -: මැජික් ශිල්පියෙකි(ජොක්කුන්ට කෙලවන) සිත් පැහැදෙන වදන් මොහු සතු ය.

බනියා -: අහිංසක මූනක් හිමි  දක්ෂ ඡායාරූප ශිල්පියෙකි.

නලීන් මාම -: මට බෑනා ලෙස අමතන ලොව සිටින එකම පුද්ගලයා ය.

ශම්මි අක්ක -: හිතුවට වැඩිය මේකිගෙ මහත ය. රුවනාට ධනාගේ බලවත් මෙව්ව එක...!

වැපා -: ලොවෙත් නැත.

සුදු මහත්තයා
-: මහත්මා ගති ...... ඒ ගැන නොදනිමි.  මුහුදට පෙම් බඳින්නෙකි.

වැල කතා ලියන කෙනා -: මොනව වුණත් කොල්ලන් ගැන සිතන මාමෙකි. ත්‍රස්තවාදී පෙනුමක් ඔහු සතු ය(කුට්ටම සහිතව). ලැජ්ජ බය නැති කොල්ලෙකි.

Chanux මල්ලි -: තනිකරම Binary වලින්ම කෝඩින් කර ඇත. මුහුණ බලා චරිත හදුන්වන්නෙකි(නාඩියාටත් මටත්).

නාඩියා -: දක්ෂ නර්ථන ශිල්පියෙකි. දාර්ෂණික පෙණුමක් සතු ය. 

චන්දන ලියනාරච්චි -: සිතාගත් නොහැකි, කැපී පෙණුන හිත හොඳ අම්පාරයා.

වෙනියා -: වයසට ගියත් ජොලියට බර ය. දක්ෂ ඡාරූපශිල්පියෙකි.

අචිනි අක්ක -: බුකියෙන් දැක් තිබුණේ මුහුන පමණි. දැං හරි ය.

බට්ට බට්ට -: රිලාස්ට් කොහොමද බං? FF


මතක විදිහට මතක අයගෙ විස්තර මෙසේ ලියා ඇත. හැම කෙනාවම මතකද නැත. නම් සඳහන් කර නොමැති පුද්ගලයන්ගෙන් සමාව අයැදිමි. සියල්ලන් මාගේ මිතුරන්  ලෙස සලකමි. 

  • රෙපාටත් මටත් සෙට් වුණ ජනා නමැති පුද්ගලයා අතින් කයිට් ය.

බනියගෙ වැඩ කෑල්ල෴


සුහද හමුව පිළිබඳ ඔබේ අදහස් විමසීමට කැමැත්තෙමි. ^_^ 
Related Posts Plugin for WordPress, Blogger...

80 comments:

  1. ඔන්න මම ඇවිත් කියවලා ගියා

    ReplyDelete
    Replies
    1. ගියාද? අනේ... සංතෝසයි ඈ... :)

      Delete
  2. //දහවල් කාලයේ හමුවීම වඩා සුදුසු ය. //

    ඇයි රෑට දැක්කොත් මල මෝහිනී මතක් වෙයි වගේද?

    ReplyDelete
    Replies
    1. මතක් වෙන එක ප්‍රශ්නයක් නෑ කියමුකො :3

      ඊටත් වැඩිය ප්‍රශ්නයක් එතන තියෙනවනෙ. ^_^

      Delete
  3. //ශම්මි අක්ක -: හිතුවට වැඩිය මේකිගෙ මහත ය.// :O
    අඩෝව්ව්ව්,, අහුවෙයන්කෝ ආයේම :/

    //රුවනාට ධනාගේ බලවත් මෙව්ව එක...!// :3

    //සුදු මහත්තයා -: මහත්මා ගති ...... ඒ ගැන නොදනිමි. මුහුදට පෙම් බඳින්නෙකි.// මහත්මා ගති?? මට මහතයි කිව්ව එකත් ඉවසගතෑකි බොල, මේක ඉවසන්න බෑ -_-

    ReplyDelete
    Replies
    1. උගෙ මහත්මා ගති ගැන දන්නෑ කියල කිව්වෙ :3

      පැහැදිලි වී නැත. ආයෙත් කියෙව්වනං. (y)

      Delete
  4. එලය... මට සිතූ කීම පිළිබඳ මාගේ බලවත් මෙව්ව එකය. ඒ මාගේ බ්ලොගේ සංකේතය පමණකි. එක අතකට මොක කිව්වත් මට මොකෑ ය...:v
    කෙසේ වුවත් උඹ සිටියේ පැත්තක් ගහගෙනය....
    පෝස්ටුව එළය...

    ReplyDelete
    Replies
    1. දැඟලීම හොඳ නැත ය.:v
      බබා හම්බෙන්ට ලඟ ය.
      ටැන්කිව් ය :3

      Delete
  5. මේ තියෙන්නේ එළ කිරි ටිකට තව මොනාද කතා බෑනෝ.........

    ReplyDelete
    Replies
    1. ආදලෙයි මං මගෙ මාමී... :*

      Delete
    2. නලීන් අයියෙ මූව බෑන කරගන්න හදන්නෙ? :D

      Delete
    3. සසිය, ඇයි අවුල්ද?

      Delete
  6. වැල කතා ලියන කෙනා -: මොනව වුණත් කොල්ලන් ගැන සිතන මාමෙකි. ත්‍රස්තවාදී පෙනුමක් ඔහු සතු ය(කුට්ටම සහිතව). ලැජ්ජ බය නැති කොල්ලෙකි.

    මේකනම් මටත් හිතුනා සිරා

    ReplyDelete
    Replies
    1. ඊය යකෝ. මංනං ඔය කියන වැල කතා අහලවත් නෑ :3

      Delete
  7. යකෝ කොට උන් තමා මේ ලෝකේ වෙනස් කරන්නේ.. බලහන් මම උනත් ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹ වෙනස් කරන්න ඇත්තෙ උගන්ඩාව පැත්ත වෙන්ටැ... :3

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  8. ඇඩෝව්..උඹට ගේම්ස් මතකයි......ගේම්ස් හඳුන්වා දුන් මාව මතක නෑ...යකෝ මේ ෆොටෝවෙත් ඉන්නෙ....

    අවවාදයයි..."""මෙතැන් පටන් උඹට දවල්ටවත් නෙරන්ජිව හමුවීම උඹෙ සෞඛ්‍යයට සුදුසුම නැත.."""""

    ReplyDelete
    Replies
    1. හදුන්වා දුන්න? :o

      ඕව අර පෆෝමින් ආර්ට්ස් කරන අයට මුලදිම කරන ඒවනෙ. සබකෝලෙ නැතිවෙන්නයි සහයෝගීතාව වර්දනය වෙන්නයි අරවට මේවට. අපි නොදන්න ගේම්ස්.

      ඕ ඕ @වෙස් වලා ගනිමින්

      Delete
    2. හඳුන්වා දුන්නෙ බ්ලොග් පාර්ටීස් වලට බං...ලෝකෙට නෙවේ....

      Delete
    3. මුලින්ම ඕක යට ලිව්වනං ඉවරයිනෙ... :D

      Delete
    4. හුටා...කපල නේද මාලු තියල ඇඟේ......

      Delete
  9. හක් සිරා :D සුදු මහත්තයා ගෑන කතවට නම් මමත් එකග නහ :P

    ReplyDelete
    Replies
    1. උඹල දෙන්නම හිතන්නෙ එකම විදිහට. මං දන්නෑ... :v

      Delete
  10. හෑ? ඇයි අපි හම්බුනේ නැද්ද?? නෙරන්ජි අක්ක පව් යකෝ...

    ReplyDelete
    Replies
    1. ඔන්න උබ ගැන


      උණුවන සිත් ඇත්තෙකි
      කළු දොදොල් කෑමට ප්‍රියකරන බවක් පෙනේ

      Delete
  11. බෙන් ටෙනිසමා -: පොඩි උන්ට සැබෑ වීරයෙකි. කවදහරි ඕක ගුවේන්ට මොනාහරි කරලම පස්ස බලනවා ඇත.


    මුකක්ද යකූ මේ කතාව.. :/ සික් විලි ලැජ්ජයි.. රට්ටු මොනවද මං ගැන හිතන්නේ දැන්

    ReplyDelete
    Replies
    1. උඹ බෙන් දහයද? නැට්ට පෑගිලා. කකුල උස්සපං :D

      Delete
  12. හෑ මෙහෙමත් එකක් තිබ්බද? මේ සැරෙත් මගේ නම විකුණගෙන අර අරු නයා යන්න ඇති ඕකට ෂුවර් එකටම. >:(

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. තට්ට හෙට්ටිය :v

      Delete
  13. අවුරුදු උත්සවේදි සෙට්වෙමු මල්ලි ආයෙත් :)

    ReplyDelete
    Replies
    1. නැතුව... ඔය ඔරලෝසුව යෙහෙන් වැජඹේවා... (y)

      Delete
  14. මගේ මේ පළමු ගොඩවීමයි.මින් පසු ෆලෝ පාරක් කර නිති ගොඩවෙමි.

    ReplyDelete
  15. ලස්සන ගැලපීමක් ඇති සටහනක්

    ReplyDelete
    Replies
    1. වෙන නැතුවට නෙහ්... :v

      Delete
  16. මම මේ කල්පනා කලේ ....

    ReplyDelete
  17. එලස් ... ලබන පාරත් සෙට් වෙමුය

    ReplyDelete
    Replies
    1. ලෙසටම ය. ටන්කිව් ය... :P

      Delete
  18. හොදට ලියලා තියෙනවා ඈ මරු (y) ඊලග පාර මාත් එනවා කොහොම හරි....

    ReplyDelete
  19. මූට කථා කරාටත් පාඩුයි... හෙක් හෙක් එල එල වෙල්කම්ටු බ්ලොගිං

    ReplyDelete
    Replies
    1. පරණ බ්ලොගක් තියෙනව බොල :v

      Delete
  20. යකෝ මේකට විතරක් නෙමේ තව සෑහෙන පෝස්ට් ගොඩකට කමෙන්ට් කරන්න තියනවා.. මේ රෙද්දෙ ඩේට ඔක්කොම ඉවර වෙලා.. තර්ජනය කරල තිබුන හින්දම ඕං ඇවිත් කියෙව්වා..

    සන්තෝසයි ඈ :)

    ReplyDelete
    Replies
    1. තර්ජනේ කලේ උඹ චැට් ඕෆ් කලාට :D

      Delete
  21. එළ පෝස්ටුව. අවුරුදු උත්සවේදි උඹට කතා කරන්නං. මේ පාර මං හෙන්රියි, සරතුයි, අටමයි, ඕනෙයයි එක්ක ටැග්ගැහුණා මිසක් ගොඩක් උන්ට කතා කරන්න බැරි උනා. සොරි ඈ.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.
      බකේදි සෙට් වෙමු... (y)

      Delete
    2. මතක් කරලා එදාට මටත් කතා කරහං

      Delete
    3. ඔව් අටං අයිය හම්බවෙන්නමයි හිටියෙත්.

      Delete
  22. මුණත් එක්ක මතක තියා ගත්තා වෙනි අයියාගේ බ්ලොග් එකෙන්, අවුරුදු උත්සවේදී සෙට් වෙමු

    ReplyDelete
    Replies
    1. කළු අඳින සුදු ඩයල් එක.

      ලෙසටම ය.

      Delete
  23. යකෝ තෝව බෝඩිමට ගිහින් දැම්මේ මම බොල...තොට ඒක මතක නැද්ද

    ReplyDelete
    Replies
    1. පිස්සුද සහෝදරයා, කවදාවත් ඒව අමතක වෙන්නෑ :v

      Delete
  24. ඔන්න අද මේ පැත්තට ඉස්සෙල්ලාම ගොඩ උනා, හනේ ඔය සිත්තරී කියලා මම දැන ගෙන හිටියේ නෑ ඔයා මගේ ළඟම ගොඩක් වෙලා හිටියා. ඊළඟ පාර සෙට් උනාම කතා කරමු හොදේඅ

    ReplyDelete
    Replies
    1. සිත්තරී o_O

      නෑ මං ධනා :v

      Delete
  25. ලබන පාර වත් එන්න බලන්න ඕනේ.. ගෙට් එක හොඳට තිබ්බ එක ගැන සතුටුයි...

    ReplyDelete
  26. මං මුලු ජීවිතේටම එකම එක වැල කතාවයි ලියල තියෙන්නෙ බං..

    ReplyDelete
    Replies
    1. දෙයිය. හොය හොය හිටියෙ :D

      Delete
  27. මට එච්චර වයසකුත් නැත..දක්ෂ ඡායාරූප ශිල්පියකුත් නොවෙමි... :-D

    ReplyDelete
    Replies
    1. හෑ :o එතකොට මොකෙක්ද?

      Delete
    2. වයස නෑ කියල හිතාගෙන තමයි වැඩ කරන්නෙ.

      Delete
    3. හුහ් හී.... ලොල්

      Delete
  28. හිනා වී ඉල කැඩුණි
    පට්ටම ෆන් දවසක්. ආයෙත් දවසක් එනවනම් හරි ශෝක් මේ වගේ.... :)
    කපුටන්ට ජය වේවා..... හුරේ....
    අපේ බලේ කපුටු බලේ.... :ඩී

    ReplyDelete
    Replies
    1. මහ කැපිටිය වැජඹේවා...

      විංකලේකිං ඉලක් දාගං... :v

      Delete
  29. යකෝ මුන් ස්යිබරේ විතරක් නෙවෙයි එහෙනන වැඩ දාන්නේ!!!!! එල එල මම මේ පැත්තට ආවේ සිත්තරී අක්ක නිසා!!!!

    ReplyDelete
    Replies
    1. එල එල. කවීන්, සිත්තරී අක්ක

      Delete
  30. උඹත් හිතුවට වඩා හෙනම වෙනස්ය.. :D

    ReplyDelete
    Replies
    1. ඒ මට මීටර් නෑ...

      මං වෙනස්... ^_^

      Delete
  31. Replies
    1. අපේල් සෙට් වෙමු...

      මුනගැහෙන්නම ඕනි කෙනෙක් :3

      Delete
  32. ධනා බලන්ට මමත් ආමි.කෝ දැන් මේ පොටෝවල උයා??

    ReplyDelete
    Replies
    1. අයියූ... ඊකද පස්නෙ? වෙන පෝස්ට් එකක දන්නං... :*

      Delete
  33. යේ භගවාන්.. රිසාල්ට් එක ප්‍රසිද්ධියේ පල කරලා නේද මේ යකා?? :O :D

    ReplyDelete
  34. ඔන්න මමත් කියෙව්වෝ

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමත් ක්ඉයවනව විතරනෙ :3

      Delete

කන පලාගන්නතුව comment කරපල්ල...