Showing posts with label Cyber Festivals. Show all posts
Showing posts with label Cyber Festivals. Show all posts

Wednesday, April 23, 2014

සයිබර් හීන යකඩ බෝක්කුව 2o14 | The Cyber Fest 2014


හැම එකාම වගේ මමත් Related Posts Plugin for WordPress, Blogger...ගෲප් ෆොටෝ එකෙන්ම පටන්ගත්තෙමි. මේක මං ධනාගේ පළවෙනි සහභාගී වීම ය.(අවුරුදු උත්සවේට, බීච් පාටි ආවෝ...)  කොහොම වුනත් ජනාත් මමත් බිම්සරයාත් 9 වෙන්න කලින් හෙනම ගේමක් දී ග්‍රවුන්ඩ් එකේ ය.  බොරු කියන්න ඕනේ නැති ය. 19 රෑ හරිහැටි නින්දක්ද නැත. නෙට් එක ඇතුලට මදුරුවො රින්ගලා ය. අපි එනකොටනං වැඩිය කස්ටිය හිටියේ නැත. සංවිදායක මන්ඩලෙත් තව ටික දෙනෙකුත් විතර ය.

ඔහොම ඉන්නකොට නලීන් අයිය, නිමේශයා, තරියා, රජා, අඟහරුවා, නාඩියා, අර ටුවින්ස්ල, දේව, හේමමාලි අක්ක, පවිත්‍ර, විලක්කුව, රනා, චන්දන අයිය, නෙරන්ජි අක්ක, වෙනි අයිය, සෑම, ශශික අයිය, අයිස,  සෙව් අක්ක, කකා, ඉවාන් අයිය, විචාරක, සසිදූව, චතු අක්ක, දුලානය, සුද්ද, ඔනාල්, බනිය, මුදිය, මාරය වගේ එකී මෙකී නොකී  බොගර්ස් ලා ගොඩක් සෙට් විය. සමහරුන්ගේ මුහුණුනම් පරණ ය. ඒ අතරෙ ධනාට අළුත් සෑම, කකා, ඉවාන් වගේ අයත් නැතුවම නොවී ය.


ගිහින් ටිකක් වෙලා ඉන්නකොට රජා, තරියලා සෙට් එකත් එක්ක කනා මුට්ටි එල්ලන්න වුණේ ය. ඊට පස්සේ බනිස් ටික පෝලිමට එල්ලන්නත්  වුණේ ය්අ. ධනාට තිබුණේ කට්ටෙන් බනිස් ගෙඩිය හිල් කිරීමය. ඔය කෙරුවාව සෑම කැමරාවෙන් පෝං එකට ඔබා ගත්තේ ය. පෝස්ටුවක් ලියන්නටලු ය. මොනවයින් මොනව ලියයිද අපිනම් දන්නේ නැත. ඒ වැඩෙත් එක්තරා විකාරයක් ය. එක පැත්තකින් බනිස් එල්ලනකොට තව පැත්තකින් බනිස් එක දෙක නැතිවෙන්නේ ය. වැඩේ ඉවරවෙලා ඉතුරු කරගත්ත බනිස් ටික නිතරඟයෙන්ම අපේ බඩවල් වල ය. 



ධනාද නිකං හිටියේ නැත. බෝතලේට වතුර පිරෙව්වේ ය. පාවෙන තොප්පි දාගත්තේ ය. කෙලි පැටික්කියෙක් එක්ක බිත්තර ඇල්ලුවේ ය. බිත්තර ඇල්ලිල්ලෙත් පොඩි ලල් එකක් නැතුවාම නොවේ ය. අර සෙව් කෙල්ල බිත්තරේ අල්ලපු විදිහ දැක්කම තාම හිනා යන්නේ ය. ඔහොම බිත්තර දෙක තුනක් බිඳෙනකොට අපේ අන්දරේ බිත්තරෙත් අර දැරිවිගේ ඇඟිල්ලේ වැදී කුඩු වී පපුවස්ථානයේ වැහැරෙමින් තිබිණි. කොහොම හේදුවාද අපිනම් නොදනිමු ය. තොප්පි දැමිල්ලෙත් තුන්වෙනියට පිටියෙන් දොට්ට ය. මුලින්ම අවුට් වුනානම් කෝච්චියටවත් සෙට් වෙන්නට තිබුණේ ය :/


The වැඩ කෑල්ල :3

 හැමදේම වෙන වෙනම කියන්නට ඕනේ නැත ය. උදේ ඉඳන් හවස් වෙනකන්ම ඉතින් ආතල් ආතල් ආතල් විතර ය. අර මාරයගෙ කොට්ටපොර තරඟෙටයි අවසානෙ පවනියගෙ වැඩවලටයි(අවුරුදු කුමාරය තේරීම) පිටේ වම් පැත්තේ වයර් එකක් තන්‍ය විය :P 

අක්කලා සම්බන්ධයෙන් විශේශයෙන් කතා කල යුතු ය. වෙන කෙල්ලෙක් කියා බුකියේ ෆොටෝවකට ධනා මුලා කල හේමමාලි අක්කානම් උදෙන්ම ආවේ ධනාට අත වනාගෙනම ය. ඒ දැරිවි යන වෙලාවෙනම් ධනාගේ සිත සලිත් විය. වෙන මොකටවත් නොවේ ය. දැන් ඉතින් ඒ දැරිවි යං කියනකොට යන්න ඕනේ ය. වරෙං කියනකොට එන්න ඕනේ ය :3

උදේ ඉඳන්ම කොල්ලෙක් එක්ක දැවටි දැවටි ඉඳල හවස යන්න ලෑස්ති වෙලා ලඟට ඇවිත් කතා කර "ඔයා ධනා නේද?? <3" කියා ඇසූ තවත් අක්කෙකි. බලනකොට ඒ අර කනා මුට්ටි එල්ලනකොට ආපු ශුන්ඩර ඩැරිවි ය. සෑමාගෙන් "සෑම්ද...?" කියා ඇසුවාලු ය. අපිනං දන්නේ නැත. ඔය මතක අවසන් වනවාත් සමඟම බස්සි කියා කීවා ය. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය. බුකියෙන් පොර ටෝක් දී එනවද එනවද අසා වල් පල් කියවන  එකීව ධනාට අමතක වී ය.කතා කරන්නවත් බැරිවුන එකට  ගැත්තාට සමාවනු මැනවි ය :D

කොටුවට යනගමන් චතූ අක්කාත්, නලීන් මාමීගේ ඔෆීසියේ වැඩ කරන අයියෙකුත් බස් එකේදී හමුවි ය.



ලියනයා නොහොත් හිත හොඳ අම්පාරයා ගියපාර ඔක්කොම කණපිට ගහල රිවස් එකට යන වීඩියෝ කෑල්ලක් හදලා තිබ්බේ ය. මේ වතාවෙත් උදේ ඉඳන් රෑ වෙනකම් වීඩියෝ කරපුව එකතු කරල වීඩියෝවක් හදලා ය. ඒක බැළුවාම අර මොංගල් සංකල්ප කාලක්‍රියා කරන්නේ ය.  බලන එකෙක් මේක බලලා පැය 12කවත් නින්දක් ලබා ගත යුතු ය. 



අනේ දැං ඇති ය. මේවගේ දේවල් කරන බොග් අවකාසෙ සීනියර්ලටත්, සංවිධායක කමිටුවටත් බෝම බෝම බෝම තෑන්ක්ස් ‍ය. ආයෙත් මුනගැහෙමු එහෙනම්...   


ප.ලි :- 

~ මොනව වුනත් අර sasha කෙල්ල ආවෙ නැති එක ධනාට හෙනම අප්සෙට් එක ය

~ එතකොට අර චන්දර අයියගෙ නිවුස් එක ෆැක්ස් කරේ නැද්ද. අපරාදෙ මනුස්පයගෙ මහන්සිය. යනගමනුත් කිව්ව ගෙදර අයට බලන්න කියපං නිවුස් එක යනවද කියල. අපේ ගෙදර බලන නිවුස් :/

~ අර සෑමාද සයිබොරේ වෙච්ච සීන් දෙකක් කියා තිබ්බේ ය. මං ධනාත් එකක් කියන්නේ ය. දන්න කියන එකෙක් අවුරුදු උත්සවේට එනකොට අසමෝදගම් බෝතලයක් අරන් ඇවිත් ය. බඩේ අමාරුවක් හින්ද නිතරම වොශ් රූම්ගත වෙන්න වෙනවාට ය :3


Wednesday, December 25, 2013

සයිබර් මෙගා ආතල් දන්සැල 2013


21 රෑ 10ට විතර  හීනෙන් වගේ කාගේදෝ දඬුමොණරෙක බෝඩිමට ආවා මතක ය.  ඊට කලින් බස් එකක චාටර් වී ටිකක් දුරකට පයින් ගියා මතකය. ඒ කාලය අතරතුර මොනව වුණාද මොනව කලාද කියා හරියටම මීටර් නැත. බිව්වේද නැත. බෝඩිමට ආවේ හෙන ගහපු එකා සේ ය. පහුවදා උදේ නැගිටිනකොට 11ත් පසු වී ය. ලොවෙත් නැත ය. පොලු පහර කෑ මොකාදෙකා වගේ ය. කව්ද එකෙක් මොනවාදෝ බෙහෙත් පෙති 2ක් කුයි වතුර බෝතලේකුයි ද ගෙනත් දෙනවා මතක ය. පියවි සිහියට ආවේ පොඩ්ඩක් නාල කරල ආවට පසුව ය. ඇඳගෙන ආ ඇඳුම් පසුව බලන විට අර දුඹුරු පාට කූඹින්ගෙ ආක්‍රමණයට ලක් වී තිබිණි.


ඒ වෙනකොටත් බීච් පාටි මනසින්ම ය. ඒක නැති වෙන්නත් ටික දවසක් යනු ඇත. 21 සෙට් වුණ උන් එකින් එකා මතකයට නැගෙනවා ඇත.  සමහරුන්ගෙ ආතල් සීන් වලට තනියෙමත් හිනා ය. සති ගණනක් පෙරුම් පුරමින් සිටි ඒ දවස නිමව ගොස් ය. ගෙවී ගිය සොඳුරු මතකයන් යලිත් කිසිඳු දිනයක සජීවත්වයට පත් කල නොහැක. එදා හමු නොවුණු හමු වුණු සියළු සොඳුරු මිනිසුන් කවමදා හෝ මතු යම් දිනක හමු වනවා ඇත. ඒ අයුරින් වද දෙන සිත  ශේප් කර ගත්තෙමි.

බුකිය පැත්තට එන්නම බැරිය. සමහරුන්  නිව්ස් බදු අරං ය. හෙන ගහනවා වගේ ලයික් කරගෙන කරගෙන ගියෙමි. එයටද කෙලවිණි. පොටෝ කෑලි හැමතැනමය. කොයිල් වෙනවා ඇත.  විකාරයක් ය. මඩ ලොරි පිටිං ය. රජා එතනම ය. වෙනිය ශේප් ය.  එක එක වීඩියෝ කෑලි බලලම ඉවරයක් නැත. ඒ මදිවට වැඩේ පත්තරේටත් ගිහිං ය. කොහොමිං කොහොමහරි අපිත් පත්තරේට මූනත්තහඩුව දාගත්තෙමු.

මට ලියන්නට ඇත්තේ මගේ හෘද සාස්සිය විතරකි. සමහරු අතෙනුත් දාල ලියලා ය. ඔය ලියපු උන්ගෙ පෝස්ට් වල ලින්කු එකතුවක් හදල පෝස්ටුවක් දාන්න  හිතාගෙන හිටියට අර නෙරංජිය ඒකටත් කෙලලා ය. ඒකි හෙනම හෑල්ලක් ලියලා ය. අවුලක් නැත ය. අඩුවක් නෑර බඩු ටික එතන තියෙනවා ඇත. ඉතිං මං මට හිතෙන දේවල් එහෙං මෙහෙං ඇද දමමි. මේව දකිනකොට නලින් අයියට දේශමාමකත්වෙ එනවා ය. බස නසල බස නසල කියල කෑ ගහන එක ඉවරයක් නැත.

නලින් අයියත් හිත හොඳ මනුස්පයෙකි. මාව ඉසිස්සෙල්ලාම පිළිගත්තේ ඔහු ය. ඒ විතරක් නෙවෙයි, නලින් අයියා අපේ කණ්ඩායමේ නායකයා ය. ඒ කිව්වෙ මහ කපුටා ය. ඊට පස්සෙ සෙට් වුණේ රජාව ය. එළම ඩයල් එකකි.  එක පාරටම දැකල පුරුදු මූණක් සෙට් විණි. ඒ සිතුවා ය. එතන හිටපු සෙට් එකෙන් මං මුල ඉඳලම දැනගෙන හිටිය එකම එකා සිතූ ය. ඔහොම ඔහොම එතන හිටපු හුඟ දෙනෙක් එක්ක කතාබහ කලෙමි.

කිව්ව විදිහට තරඟත් නිබුණ. නයා අල්ලන එක අපි කපුටො දින්නෙමු. නයාට පෝලිම   හැදුණ විදිහත් යාන්තම් මතක ය. ඉස්සෙල්ලාම සිත්තරී අක්කා ය. ඊට පස්සෙ රණ්දුණුවා ය. ඌට පිටිපසෙන් චණුක්ස් මල්ලි අයියා ය. ඌටත් පිටිපස්සෙං මේක ලියන එකා ය. මට පිටුපසින් හිටපු එකෙක්වත් උං මට කරපු මොනම දෙයක්වත් මට මතක් නැත. අපි කෙල්ලන් හැංගුවේ නැත. ඉස්සරහටම දැම්මෙමු. ඒකි ගේම් එක දිනවලාම පස්ස බැළුවා ය. එක්තරා ආකාරයක නයි මූනක් ඒකිටත් හිමි ය. සමහර ස්තීලිංග නයි කෑලි වැල්ලෙ පෙරලී අමු අමුවෙම වැලි කාගෙන ඇතිල්ලෙනවා ද දැක්කෙමි.

ඊලඟට තිබුණේ අර පොල්ල අල්ලං වට 5 කැරකෙන එක ය. අපේ ටීම් එකට තිබුණේ හෙමන හීනි පොල්ලක් කියන්නත් බැරි එකක් ය. ඒකෙ අයිතිකාරයට හඳුනා නොගත් ලෙඩකි.  ඔය වට 5 වට 10ක් විතර කලානං  හෙනම ලොල් සීන් එකය. ඉස්සෙල්ලාම ගිය සිත්තරී අපහු ආවෙ 80ක රා ඉල්ලපු එකීට 100කම හම්බවුණු චාන්ස් එකේ ජවණිකාවට පණ පොවමින් ය. ඇවිත් දෝං ගා ධනාගේ දෙපතුල ලඟ ඇද වැටිණි. ධනා වනාහි වැටිච්ච කෙල්ලං කෙලිං කිරීමෙහි ප්‍රවීණයෙකි. තවත් කවුදෝ අක්කෙක් සමඟ සිත්තරී උත්තමිය කෙලිං කොලෙමු. තව තව කස්ටිය සරල රේඛීයව ගියාට ආවේ  වෙනම ආකාරයකට ය. ඒ තරඟෙන් කපුටන් හැලිණි.
හේ...හ්...හේ....

තරඟ වලින් දිනන උන්ට තෑගි දෙනව කිව්ව උං පෝලිමට වරෙල්ලා....


මෙච්චර කියවන්න දෙයක් නැත ය. කවුරු කවුරුත් ගැන කෙටියෙන් කියමි.

මුදියා නොහොත් සමියා -: හිතාගෙන ගියේ හයේ හතරෙ එකෙක් ලෙසය. බලාගෙන ගියාම මූ හරියන්නේ ෆේක් ලෝකෙටම ය. හිත හොඳ කොල්ලෙකි. 



රජා -: හිතුවට වැඩිය කොටෙකි. ධනාටත් වැඩිය කොට ය.
එල ය. කැමරාව, ෆෝන් එක වතුරේ ගිලීම සම්බන්ධයෙන් බලවත් සෝකෙ.

බෙන් ටෙනිසමා -: පොඩි උන්ට සැබෑ වීරයෙකි. කවදහරි ඕක ගුවේන්ට මොනාහරි කරලම පස්ස බලනවා ඇත.

රෙපා -: හිතුවට වැඩිය මාමෙකි. සිනහව පෙරදැඩිව කටයුතු කරන්නෙකි.

ජනා -: මටනං මුගේ වචන ටිකම ඇතිය. පැහැදුණෙමි. පොතක් ලියන්න පුළුවන් චරිතයකි.

අයිස -: ටකරම තමයි

නෙරංජි -: බස්‍ රේඩියෝ එකේදි දෙන පොර වදන් එතන දැම්මේ නැත. සැබෑ ගුරුවරියකි. දහවල් කාලයේ හමුවීම වඩා සුදුසු ය.

රනා අයිය-: ජනා එක්ක හිටියට ලොකුකම් ඇඟේ නැති පුද්ගලයෙකි.

පවනි තරංගා -: මැජික් ශිල්පියෙකි(ජොක්කුන්ට කෙලවන) සිත් පැහැදෙන වදන් මොහු සතු ය.

බනියා -: අහිංසක මූනක් හිමි  දක්ෂ ඡායාරූප ශිල්පියෙකි.

නලීන් මාම -: මට බෑනා ලෙස අමතන ලොව සිටින එකම පුද්ගලයා ය.

ශම්මි අක්ක -: හිතුවට වැඩිය මේකිගෙ මහත ය. රුවනාට ධනාගේ බලවත් මෙව්ව එක...!

වැපා -: ලොවෙත් නැත.

සුදු මහත්තයා
-: මහත්මා ගති ...... ඒ ගැන නොදනිමි.  මුහුදට පෙම් බඳින්නෙකි.

වැල කතා ලියන කෙනා -: මොනව වුණත් කොල්ලන් ගැන සිතන මාමෙකි. ත්‍රස්තවාදී පෙනුමක් ඔහු සතු ය(කුට්ටම සහිතව). ලැජ්ජ බය නැති කොල්ලෙකි.

Chanux මල්ලි -: තනිකරම Binary වලින්ම කෝඩින් කර ඇත. මුහුණ බලා චරිත හදුන්වන්නෙකි(නාඩියාටත් මටත්).

නාඩියා -: දක්ෂ නර්ථන ශිල්පියෙකි. දාර්ෂණික පෙණුමක් සතු ය. 

චන්දන ලියනාරච්චි -: සිතාගත් නොහැකි, කැපී පෙණුන හිත හොඳ අම්පාරයා.

වෙනියා -: වයසට ගියත් ජොලියට බර ය. දක්ෂ ඡාරූපශිල්පියෙකි.

අචිනි අක්ක -: බුකියෙන් දැක් තිබුණේ මුහුන පමණි. දැං හරි ය.

බට්ට බට්ට -: රිලාස්ට් කොහොමද බං? FF


මතක විදිහට මතක අයගෙ විස්තර මෙසේ ලියා ඇත. හැම කෙනාවම මතකද නැත. නම් සඳහන් කර නොමැති පුද්ගලයන්ගෙන් සමාව අයැදිමි. සියල්ලන් මාගේ මිතුරන්  ලෙස සලකමි. 

  • රෙපාටත් මටත් සෙට් වුණ ජනා නමැති පුද්ගලයා අතින් කයිට් ය.

බනියගෙ වැඩ කෑල්ල෴


සුහද හමුව පිළිබඳ ඔබේ අදහස් විමසීමට කැමැත්තෙමි. ^_^ 
Related Posts Plugin for WordPress, Blogger...

Monday, December 9, 2013

බ්ලොග් අවකාශයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්ව | Cyber Mega Beach Party

http://cyberfestival.blogspot.com/

මේ දෙසැම්බර් සීත සෘතුව. අපිට වැඩි සීතලක් නැති උනාට එහෙම කිව්වට ප්‍රශ්නයක් නෑ... ඒවගේම ලෝකෙ පුරා විසිරිලා ඉන්න අපේ සහෝදර සහෝදරියො ආපහු ලංකාවට එන කාලයත් මේක. ඒ අතරින් සයිබර් අවකාශයේ වෙනස්ම වැඩක් කරගෙන යන එක්තරා මිනිස් කොට්ඨාශයකටත් මේ දෙසැම්බරයෙ ජීවිතේ අමතක නොකරම බැරි දිනයක් පැමිණෙනවා ඇත.

සදාදරණීය බ්ලොග් අවකාශයීය ලියන්නන් කියවන්නන් එකම තැනකට එකම වෙලාවක එකතුවෙන දවසක් ලඟ ලඟම එනවා.  අවශ්‍ය කරන සියළුම කටයුතු මේ වෙනකොට සූදානම් වෙනවා ඇත. ගම්පහ ගෙට්ටුව, සිහින උළෙල 2013 මිස් වුණ මං වගේ අයට මේක රසබර අවස්ථාවක් වෙන එකනම් නොඅනුමානයි. ඔය කිව්ව හැම එකකටම යන සෙට් එකත් මේපාර ගල්කිස්සට එනවා ඇත. අනවර්ථ නාමිකයන්ව අන්තර්ජාලයේ සොඳුරු කතාබහ පැය ගණනකට සීමා කොට තම අදහස් උදහස් හුවමාරු කරගන්න බ්ලොග් අවකාශීය සහෘදයන්ට ආයෙමත් අවස්ථාවක් මේක. මේපාර විශේෂත්වය  මේක බීච් පාටි එකක් වෙන එක.   

කට්ටියට ඇවිත් නිකං ඉන්නත් නෑ. ආරංචිමාර්ග වල හැටියට මොනවදෝ සෙල්ලං වගයකුත් ලෑස්ති කරල තියෙනවලු ය. දිනන අයට තෑගිත් දෙනවලු ය.  වැඩකාරයො ඉන්නවනං වැඩ පෙන්නලා  තෑගි අරං ගෙදර යන්නත් මේක අවස්ථාවක්.

වටේ යෑම් අනවශ්‍යය.


දිනය       :-    2013 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

වේලාව   :-    උදෑසන 10.00 සිට සවස 04.00 දක්වා

ස්ථානය  :-    ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස්



දුර බැහැර ඉඳල එන අයට,

*ජෝ ජෝ'ස් ප්ලේස් එකට සේන්දු වෙන විදිහ මෙතනින්

* හවස 4 වෙනකොට ඉවර වෙනව කිව්වට  වෙනමම විදිහකට රාත්‍රිය පහන් කරන්නත් චාන්ස් එකක් තියෙනව. සහභාගි වෙන්නැති අයට මංවගේ 4 වෙනකොට වෙන කොහෙවත් යන්නැතුව ගෙවල් වලට යන්නත් පුළුවන්.


*තාම ලියාපදිංචි වුණේ නැත්නම්, මෙතන ක්ලික් කරන්න.

*මොනව ගේන්න අමතක කලත් රු.350ක් ගේන්න අමතක කරන්නෙපා. (ආහාරපාන, ස්ථානය සදහා වන වියදම්)

_____________________________________________________________

කව්රු කොහොම කිව්වත් දකුණෙන් මං අහේතුක ඇතුළු රෙපා, ජනා,  එනවා ඇත. ගාල්ලෙ සෙට් එකත් මාතරින් 6ට  එන කෝච්චියට සෙට් වෙයල්ලා... 


ඔබ දන්නවාද?
O_o


"හැමදාම වගේ මෙවරත් මඩ ගැසීමේ විද්‍යුත් විච්ඡේධන ක්‍රියාදාමය සිදුවන බව? " -_-


ආරස්සා වීම තමන් සතුය.

මං අහේතුකයානං ඕවට සීරුවෙන් ය. මොකද මං  එන්නෙ අර මඩෙත් මඩ උපාධි පිට හිටගෙන උපාධි ගහපු රෙපා එක්ක නිසා... ^_^ ඔය රජා කියන එකත් සත් පහකට විශ්වාසයක් නැත... මොකාගෙන් බේරුනත් උගෙන් ගැළවිල්ලක් නැත.

Cyber Mega Beach Party එකට එන ඔබ මෙය ගෙන ඒමට නොපසුබට විය යුතුමය... පහළින්,
-
-
-
-
-
-
-
-
-
-
-
-
මඩ ඇඳුමක්






 


                        එහෙනම් සෙට් වෙමු හොඳේ... (y)