Wednesday, December 11, 2013

මහත කෙල්ලන් මින් වැළකිය යුතුමය | 5 things for Fat Girls shouldn't Wear

ර අධික වීම, තරබාරු වීම විටෙක වරදක් නැති විය හැක. නමුත් තම ශරීර සුවතාවය  පිළිබඳව යම් ගැටළුවක් පැනනැගිය හැකි ඉඩ ප්‍රස්ථාව බොහෝ වැඩි ය. තරබාරු වීම විටෙක විශේෂ අරමුනු තකා තම ඕනෑකමින්ම සිදු කරන්නක් විය හැක. විටෙක නොසැලකිලිමත් භාවය, අධික ආහාර රුචිකත්වය, ශරීර සුවතා ව්‍යායාමයන්හි නොයෙදීම, එක්තැන්ව සිට බොහෝ වේලා ක්‍රියා කිරීම වැනි වලක්වාගත හැකි කරුණු හේතුවෙන් තරබාරු වනවා විය හැක.

ඔය මෙකී නොකී කොහොමහෝ කරුණකින් බැරල් ගනේට වැටුන ගෑණු ළමයින්ට මේක සිරා පෝස්ටුවකි. තමතමන්ගෙ ෆිගර් එක ගැන කලකිරිල කෙට්ටු වෙන්න ට්‍රයි කරන අය ඒක දිගටම කරගෙන ගියාට කම් නැත. බලාගත්තෙ අතේ බලාගෙන ඉන්න අය  මේ කියන කරුණු ටික අනුගමනය කරන එක කෝකටත් හොඳය. බකංනිලාගෙන ඉන්නැතුව පොඩ්ඩක් කෙට්ටු වෙලා ලස්සනට ඉන්න එක තමයි හොදම තීරණය. ඒක තේරෙන්නෙත් නැත්තං 0 කීයෙන් ගුණකරත් බිංදුවමයි කියලවත් තේරුම් ගනිල්ලා...

දැං කාලෙ බැරල් අක්කලා නංගිලා ඇන්ටිලා ඔය එක එක විදිහට ඇඳ පැළඳගෙන  රවුම් ගහනවා ඇති ය. මේ කියන්න යන්නේ ඔය හොඳට අඳින පළඳින පොශ් ගෑණු පාර්ශවේට නොකර ඉදීම වඩා හොඳයි කියන කරුනු 5ක්....

1. හිර ඇඳුම් ඇඳීම


තරබාරු අක්කලාටහෙම ඇඳුම් තෝරණව  කියන එක ඉතිං හෙනම ගේමක්ය. රෙදි තෝරණ එක උදේ පටංගත්තගමං නොකා නොබී ඉවරකරන්නෙ කඩවල් වහන්න හදනව කියනකොටය. වයසට ගිය ඇන්ටිලානං යාන්තම් ශේප් වෙනවා ඇත. ඒ වැඩිපුර ඉස්ටයිලිශ් නැති හින්දා ය. ඒකට මේ ඊයෙ පෙරේද ගහෙං වැටිච්ච උං, මහත මහත කියල උං බලන්නේ නැත.

තමන් තරබාරු කෙනෙක්නම් හිර ඇදූම් ඇඳීම තුලින් ඔබට ඇතිවන මීලඟ ගැටළුවනම් පස්පිඩු  තම ඇදුම තුලින් විහිදී පෙනීම යි. ඉදින් සියළු විසඳුම් වලට විසඳුමනම්, සිරුරට පහසු ලිහිල් ඇඳුම් තෝරා ගැනීම ය.

ඔය කිව්ව විදිහට ඇඳ පැළඳගෙන පාරෙ යනකොට මෙහෙමත් පේනවා ඇත.


2. අධික ලෙස අලංකාරයෙන් සැරසීම


මේ කියන්න යන්නෙ ඔය  make-up ගැන ය. මේ කියන එක කරාම කෙල්ලො නිකං සුරංගනාවියො වගේ පේනවාලූ ය. මොකද ඒකෙන් ඔය මූනෙ ඇඟේපතේ තියෙන වල ගොඩැලි වැහිල සීයෙ කොලෙං හූරල පොටි පාරක් ඇදල ඒ විදිහට දෙතුන්පාරක් කරල ඇන්ටි ක්‍රොස් එකකුත් ගහල පේන්ට් පාරත් දාල උඩිං ක්ලියර් ලැකර් එක ගැහුව වගේ ටොයිං ගෑවෙන්න කිරිටොයියට තියෙන නිසා ලු ය.

සිරාවටම කිව්වොත් ඔය make-up කියන එකෙං මූනෙ ඇපිරන්ස් එක වැඩි කරනවාළු ය. තොල්, ඇස්බැමි ලොකුවට විදහා දක්වනවාළු ය. ඔය කියන විදිහට වෙනව වුනාට ඕක වැඩියෙන් කලහමත් හෙනම කේස් ය. කක්කි පාර ය. ඕක වැඩිපුර කලා කියල ලස්සන වෙන්නේ නැත. ඔය සමහර අක්කලා ගෙදර තියෙන හැම එකම උලාගෙන මූන පාට පාට කරල වර්චස් කරගෙන යනව පාරෙතොටේ ඕන තරං ය. ඒ හිංද සරල ඝනගෙ make-up එකක් මෙ කියන තරබාරු අයට හරියනවාළු ය.

3. අඩි උසැති පාවහන් | High Heels


ඔය නිතර නිතර වැල මරණ අයනං  ෆිගර් එක ගැන බලන්නැතුව හයි හීල්ස් දාගෙන වැඩ කරන අක්කලා ඇන්ටිලා දැකලාම නැති විය යුතුය. ඒ නමිං කැටගරි එකකුත් තියෙනවාළු ය.  නොගැලපෙන්න හේතුව මේකය. ඔය ගාණ කීය වුණත් තියෙන හැම පාවහනකටම වැටෙන්න පුළුවන් උපරිම බරක් තිබෙනවා ඇත. ඔය බර මදි උනාමත් කේස් ය. වැඩි උනාම ඊටත් වඩා කේස් ය.

ඔය හයි හීල්ස් කියන ජාතියත් විවිධාකාර ය. ඒ අතරෙත් විළුඹට සම්බන්ඳ කිටස සිහින් වෙන්න හදපු කොටසකි. තරබාරු කමට හෙනහුරා ඔන්න ඔය කොටස ය. කොටසෙන් පොළවෙ ගැටෙන්නෙ පොඩි වර්ඵලයකින් යුතු කොටසක් ය. ඔය කෑල්ල උඩට වැටෙන බර හෙනම වැඩිය. ඒකියන්නෙ බලයත් හෙනම වැඩි ය. එතකොට ඔය දෙක මෙව්ව වෙලා පාවහනෙ අඩියෙ ලෙසටම පීඩනයක් ඇති කරනවාළු ය. එතකොට යන යන තැන පොලවට පය ගහපු ගමං උත්තම පවහන් සටහන් වදිනවා ඇත. ඔය කිව්ව සිද්ධි දාමයනං ප්‍රායෝගිකව දකින්න අඩුය.

ඔය කාගෙ කාගෙත් ඇවිදිල්ලට පාවහනෙ ගුරුත්වජ කේන්ද්‍රෙත් බලපානවාලූ ය. ඒ හිංද ගානට අඩිය තියන්න ඕනිලූ ය. ඔය ඇන්ටිලාගෙ ඉස්සරහ දත් හෙම කැඩිලනං, කකුල් බකල් අරින්න නිතරම විංකල් ගානෙ යනවනං ඕවට හේතු අර කේන්ද්‍රය ය.
පාරෙ යනකොට ඔය කූර කිල් අස්සට බැස්සුනාමත් වටේ ඉන්න උන්ට හෙනම ආතල් එකය. වටේ පිටේ තියෙන ඔක්කොම හොල්ලගෙන ගෙම්බ පොලේ ගැහුව වගේ එතනම ය.  

4. ඉන පටි | බඳ පටි


මේකත් එක්තරා ආකාරයකින් අර හිර ඇඳුම් ඝනේටම වැටෙනවා ඇත. මේ කියන පටි කෑල්ල සමහර ඇඳුම් වලට අමුනලාම එන්නකි. ඕකත් බඩ මැදිං හෝ ඉනෙන් දාගත්තම එතනින් උඩ මස් පිඩු ඕකට දෙපැත්තෙන් එල්ලා වැටෙනවා ඇත. තවද සිහින් සිරුරකට උරුමකම් කීමට යැයි සිතා සිරුර විශාලතර බඳපටි වලින් හිර කරගැනීමද පමණක් අසාර්ථක ක්‍රමයකි.

5. කිසිවක් නොපැළඳීම
මේ කියන එක ගැනනම් කියන්න ඕනිම නැත ය. මං කියන්න දන්නෙත් නැත ය. පැවසීම ඇඟට ගුණත් නැත ය.

 

ප.ලි :- 

*ඔය මොනව කලත් 0*0 = 0 ම ය.

*ඒ වුණත් මේ ලෝකෙ හැම කෙනෙක්ට ආවේනික වෙච්ච ලස්සනක් තියෙනවා ඇත.


12 comments:

  1. 5 වෙනි එකට මං කැමතියි. මං ඒ ගැනත් ලිව්වා
    http://deshakaya.blogspot.com/2013/12/nudity-naturism-etc.html

    ReplyDelete
  2. හා හා .. පිලිපදින්නම්කො...

    ReplyDelete
    Replies
    1. වෙල්කම්...
      ඒ කියන්නෙ මහතයි...?

      Delete
  3. මේවා පිලිපැදලම තමයි බලන්න වෙන්නේ..

    ReplyDelete
  4. ගත්තේ කාරය දැන් එය ලොරිය
    පාරට දැමුමට නැත මට දිරිය
    කාර් දකින විට ඔරවයි ලොරිය
    බලන් මහතුනේ මට උන හරිය

    ReplyDelete
    Replies
    1. මාගේ බලවත් මෙව්ව එක...!!!

      Delete
  5. අපිනම් බේරිලා

    ReplyDelete
  6. පමා වෙලාද මන්දා කියෙව්වේ.....

    ReplyDelete

කන පලාගන්නතුව comment කරපල්ල...