Friday, February 28, 2014

මරිජුවානා පුරයක සැරිසැරුවෙමි | Few Hours In a Marijuana City



මේ බොග දැමිල්ල කරන්න යන්නේ සති ගණනාවකට පසුව ය. ධනාලගෙ ඉස්කෝලෙ හෙනම වැඩකට සෙට්වී සති දෙකක් එතනම ය. ඒක ඉවර වෙලා බොග ගැන තනියෙම රිවිශන් එකක් කලෙමි. දැන් යන්තම් යන්තම් මතක ය. මං සිංහලෙන් බොග දාන එකෙක් කියා මතක් වුණේ  මීට සුළු මොහොතකට පෙර ය. නැත්තං ධනා මෙතන කඩ්ඩ වනන්නේ ය. කපා ගන්නේ ය. වෙන්නේ මල කෙලියක් ය.

මල් කියන වචනෙ ඔය කව්රුත් දන්නවා ඇති ය. ඉස්සරනම් ඒක ගහක ප්‍රජනන ඉන්ද්‍රිය ය. සමහර ගස්  වර්ගයා බෝ කරන්නේ මලේ පිහිටෙන් ය. සමහර ඒවා වැල් වලින් මුල් වලින් ඔය වැඩේ කරන්නේ ය. මල් ගැන කියන්න පටන් අරන් ගස් ගැන කියන්නේ ය.

දැන් සමහරු මල් කියන්නේ අර අරවා ට ය. දන්නවනෙ?? අරව අර්ව බං... ඔය ගැන මං ධනාද හරියටම දන්නේ නැත ය. ධනා තාම පොඩිඑකා ය. Related Posts Plugin for WordPress, Blogger...ඔය මල් කියන එක ධනාගෙ හිතට ආවේ උගෙ බෝඩිමේ බැජියාගෙන් ය. මොකද උගේ ගම් පලාත මල් වලට ප්‍රසිද්දියක් උසුලන  තණමල්විල ය. ඔය සින්දු වල මේ කියන මාතෘකා දෙක සම්බන්ද කරල  කියන හැටියට  පොඩි උන්ට හිතෙන්නේ ඒවා තණ්මල්විල සති පොලේද ඇති කියා ය. ගෙවත්තේ වවනවා ඇති කියා ය(මහා පරිමාණයෙන්). තණමල්විල  ගූගල් කලත් උඩින්ම එන්නේ මොකක්හරි හේනක් වටලපු සිද්ධියක් ය.

තණමල්විල කියන නම අහපු ගමන් ලංකාවෙ මිනිහෙක්ටනම් ඔය මරිජුවානා කියන නම මතක් වෙන්නේ ය. බැජියා කියන විදිහටනම් ඔය කියන කංසා අස්වැන්න නෙලා ට්‍රැක්ටර් වල පටවාගෙන ටවුන් එක මැදිනුත් යනවාලු ය. ඒත් ඊට පිටිපස්සෙන් පොලීසියත් එනවාලු ය. තණමල්විල ඉන්න බොහෝමයක් ධනවතුන් කංසා ව්‍යාපාරයට සම්බන්ධලු ය. උක්ත පැලෑටිය රස්තා දහමේ දිව්‍යමය පැලෑටියද මොකක්ද ලු ය. ඒක කියලා තුබුණේ බුකියේ ය. අර කව්රුත් දන්න හැම වෙලාවෙම කැමරාවක් අතේ තියාගෙන ඉන්න බණ්ඩාරගොඩ අයියා ය.  ධනා ඒ ගැන වැඩිය නොදන්නේ ය.

ඔහොම ටික දවසක් ඉන්නකොට ධනාටත් බැජියාගේ ගෙදර යන්නට ආරාධනාවක් ලැබුණේ ය. කොහේහරි යන්නනම් ඉතින් ධනා එක පයින් ය. පහුවදා මද්දහන වෙනකොට ඌ බැජියාගේ ගෙදර ය. ඌ ලැපක් අරගෙන සතියක් වුණේ නැත. ඒකේ මදර් බෝඩ් එක නිවන් දැකලා ය.  ඒකත් සර්විස් එකේ ය.  ධනා යනකොට ගෙදර හිටියේ උන්ගේ අම්මාත් අක්කාත් මල්ලීත් ය. ගෙදරට යන්න තණමල්විල හොස්පිටෑල් එක ඉස්සර පාරෙන් ඇතුලට යන්න ඕන ය. තණමල්විල ඩිපෝව පාර ය. ගෙදර ගිය ගමන් ධනාට කිරිඳි ඔයෙන් නාන්නට ඕනෑ විය.  ධනා ඔය ගඟ ගැන කලින් අසා තිබුණේ බැජියාගෙන්ම ය. කෝකටත් කියා ධනා ගියේ ලොඹූ කැමරාවත් කරේ දාගෙන බටු කැමරාවත් සාක්කුවේ ඔබාගෙනම ය. 

ගෙදර සිට ගඟට පයින් ගියෙමු. අව්ව ගැනනම් කියලා වඩක් නැත ය. තව පොඩ්ඩෙන් රෝස් පාන් වෙන්නේ ය. යන අතරමඟ කව්දෝ ඇමති කෙනෙකුන්ගේ නිවසක් විය. නිවසට විදුලිය සම්ප්‍රේශනය කරන වයරයක්ද විය. වයරයේ වසා සිටි සමනලයෙක්ද විය. සමනලයා දැක ධනාට කසන්නට විය. පුළුවන් තරම් ලඟට ගොස් පොටෝ කෑල්ලක් ඉස්සුවෙමි. 


කැමරාව මූනේ ගසාගෙන ඇවිදින්න ගිහින් කාණුවේ වටුනානම් අද මේක ලියන්නට එකෙක් නැත ය. ඒක කාණුවක් නොවේ ය. එබිලා බැලුවානම් අපායත් පේනවා ය. කටු අත්තකට සීරුන පාරවල් තාම කකුලේ ඇත ය. ගඟට යන තැන විදුලි වැටක් තිබුණි. දැන් ඒක වැඩ නැතිලු ය. ඕන බළු බල්ලෙක් දැන් එතනින් රිංගන්නේ ය.  මහ ලොකුවට නාන්න ගියාට ගඟ දැක්කම නිකං බහිස්‍රාවීය පද්ධතිය රෙදි තෙත් කරන්න හදන්නේ ය. පැය භාගයක් විතර පොටෝ ඇල්ලුවෙමු.

ගඟ දෙපැත්තෙම කුඹුක් ගස් ය. සියල්ල සමාන දුරවල් වලින් පැල වෙලා ය. පට්ට ය. ගඟට ඉර එළිය වැටෙන්නේ නැති තරම් ය. වතුර ගලන ශබ්ධයත් කුඹුක් කොල ගැටෙන ශබ්ධයත් හැරෙන්නට තිබුණේ ඉඳහිට ඇසුණ මොනරුන්ගේ ශබ්ධ පමණි.




නෑම පිළිබඳනම් කතා කරන්න දෙයක් නැත ය.  බැජියා ජබොහ්... ගා වතුරට පැන්නේ ය. ඌ වතුර ඇතුල ගියොත් විනාඩි 3, 4කටවත් උඩට එන්නේ නැත. ධනා මින් පෙර ගඟකින් නා ඇත්තේ 10 වසරෙදි ය. ඒත් අර කුකුලෙ ගඟේ ගල් ගොඩ උඩ ය.  බැජියා හෙන හෙන මැජික් වතුර යට ගිහින් කරන්නේ ය. ලොවෙත් ය. මං ධනා අයිස් පාරකටත් එක්ක ටිකක් වෙලා ගං ඉවුරට වෙලා සිටියෙමි.  බැජියා දැන් ගඟේ උං නාන විදිහ, කරන වැඩ කියන්නේ ය. ධනාද බල්ලා සේ ඒවා අහගෙන සිටියේ ය. 

නාන බැජී

පොර වදන් දීල ගඟට ආවට මොකද නාන්න ගඟට බැහැගන්නත් ටිකක් මොකක්ද වගේ ය.  මට කියා හරියට පීනාගන්නටවත් බැරි ය. අම්මාටත් තාත්තාටත් ඉන්නේ මං විතර ය.  ඒ මදිවට මූ මට දීපු කලිසම ඊට හපන් ය. ගවුමක් ඇන්දානම් ඊට වැඩිය හොඳ ය. ඕන රෙද්දක් කියා ජබු ජබු ගා ගඟට බැස්සෙමි. කැමරා, කුට්ටම,රෙදි ඔක්කොම ගස් වල එල්ලලා ය. මල රෙද්ද ය. මේකාට වතුරේ කෙලින් හිටගෙන ඉන්න අමාරුව. මොකාද වගේ වැනෙන්නේ ය. වතුරේ ගිලෙන්නට බැරි ය. ආශ්වාස ප්‍රාශ්වාස අපහසුතාවක් හරස්වෙන්නේ ය.  ටික වෙලාවක් වතුරේ ඉන්නකොට  අවුලක් නැත ය.  කකුලට මාළු කොටන්නේ ය. එතකොටනම් බයකුත් ආවේ ය. අහවල් පොට් එකට කෙටුවහෙමනං කාට කියන්නද ය. 

නෑම ගැන කිව්වා ඔය ඇති ය. වැඩිපුර කියන්න ගියානං උඹලා කියන කතා වලට ධනා කියන එකා මහන වෙන්නේ ය. අපි නාන අතරෙ තව විසි දෙනෙක් විතර එතනට ආවේ ය. එක අංකල් කෙනෙක්ගෙ ඔරලෝසුව නැතිවෙලා ලු ය. 

මට ගඟවල් වල නාන්න බැරි ය. මා එය පිළිගනිමි. පෝස්ටුව දිග වැඩි බව හැඟේ. දැනට මේ ඇති ය. ඉතිරි කොටස පසුවට ලියමි...

ඔව්, අපි මල් සොයා ගියෙමු...
මල් සොයාගත්තෙමු...
මල් රැගෙන ආවෙමු...

මල් සොයා ගිය ගමනේ දෙවන කොටස ලඟදීම... 

https://www.facebook.com/media/set/?set=a.1418559688391905.1073741840.100007136623552&type=1

12 comments:

  1. අදම කරන්ට් වයර් එකක් ගලවල උරල බලන්න ඕනෙ පැණි තියනව ද කියල. සමනලය නිකං ඕකෙ වහයි යැ :P

    //නෑම පිළිබඳනම් කතා කරන්න දෙයක් නැත ය.// එතනට උඩින් තියන පින්තූරෙ නම් සිරා බං.

    ReplyDelete
    Replies
    1. පැණි තියෙනවද කියලනම් බලන්න වෙන එකක් නෑ...

      // එතනට උඩින් තියන පින්තූරෙ නම් සිරා බං// තැන්කිව් ය

      Delete
  2. මල් වලින් පටන් අරන් ගඟෙන් ඉවර කරලනෙ.ලස්සන පොටෝ ටික..ආ මාළු කොටන්නෙ කුණු තියෙනකොට හො‍ෙඳේ..

    අදමයි මේ පැත්තෙ ආවෙ බ්ලොගේ තිබුන කොමෙන්ටු‍ව දිගේ.ෆලෝ පාරකුත් දැම්මා.ජයවේවා! මදැයි මල් බලන්න ආවා

    ReplyDelete
    Replies
    1. //ලස්සන පොටෝ ටික// තැන්කිව් සශා...

      //ආ මාළු කොටන්නෙ කුණු තියෙනකොට හොඳේ// අයියෝ සංසාරෙක හැටි :v

      Delete
  3. තාම මල වැදිල නෑ වගෙයි.
    නියම ෆොටෝ ටික කියලනං නොකිය බෑ.

    ReplyDelete
    Replies
    1. වෙල්කං ඈ...

      මල වදින සීන් ඊලඟ පෝස්ට් එකෙන්...

      ටංකිව් ය (y)

      Delete
  4. නෑවා වැඩිද මන්ද...

    ReplyDelete
  5. මෙහම යද්දී මල වදියි වගේ.. ඒකත් දාමුකෝ එහෙනම්..

    ReplyDelete
  6. ලස්සනයි ලස්සනයි ෆොටෝ ටික..ඒක නෙමේ මොකද්ද අර කුට්ටම ගලවල තියලා ගඟට බැහැපු කතාවක් කිව්වේ?

    //කැමරා, කුට්ටම,රෙදි ඔක්කොම ගස් වල එල්ලලා ය//

    ReplyDelete
    Replies
    1. අහා ඒ ස්පෙක්ටකල්ස් :3

      Delete

කන පලාගන්නතුව comment කරපල්ල...