Saturday, September 23, 2017

කලකට පසුව අමතමි | I'm back again :D




කොල්ලො කෙල්ලො මොකද වෙන්නෙ? උඹල තාම බ්ලොග් ලියනවද? 2014 මැයි මාසෙ පෝස්ට් එකක් දැම්මට පස්සෙයි අද උඹලට ආපහු කතාකරන්න හිතුනෙ.

Monday, May 19, 2014

ගම්සවාරී දෙවන කොටස | A Picnic Arround Ratnapura II






  පළමු කොටස මෙතනින්

ය වෙන්නට කිසිම දෙයක් නැත ය. යන පාර ලස්සනට පෙන්නලා තියෙන්නේ ය. "ආ දැන් මෙහෙට හැරෙන්න, ඔතනින් නෙවෙයි මෙතනින්, ආ දැන් උඩ බලන්න ආ දැන් යන්න"  අපිට තියෙන්නේ මේවා පිළිපදින්න විතර ය

Thursday, April 24, 2014

ගම්සවාරි පළමු කොටස... | A Picnic Arround Ratnapura

ළුත් අවුරුද්ද කියන එකත් ඉවර ය. එක අතකින් බලනකොට ඒකත් නිකන්ම නිකන් දවසක් පමණ ය.  එහෙමයි කියලා බොග් ලියන කියවන අයට පෝස්ටුවකින් සුභ පතන්නවත් ධනාට මතක් වුනේනම් නැත. බෝඩිමේ ඉඳන් ගෙදර ආවේ 12 වෙනිදා මහ රෑ මැද ය. ඒ ඇවිත් පැය 5ක් නිදාගන්නට වුණේ නැත

Wednesday, April 23, 2014

සයිබර් හීන යකඩ බෝක්කුව 2o14 | The Cyber Fest 2014


හැම එකාම වගේ මමත් Related Posts Plugin for WordPress, Blogger...ගෲප් ෆොටෝ එකෙන්ම පටන්ගත්තෙමි. මේක මං ධනාගේ පළවෙනි සහභාගී වීම ය.(අවුරුදු උත්සවේට, බීච් පාටි ආවෝ...)  කොහොම වුනත් ජනාත් මමත් බිම්සරයාත් 9 වෙන්න කලින් හෙනම ගේමක් දී ග්‍රවුන්ඩ් එකේ ය.  බොරු කියන්න ඕනේ නැති ය. 19 රෑ හරිහැටි නින්දක්ද නැත. නෙට් එක ඇතුලට මදුරුවො රින්ගලා ය. අපි එනකොටනං වැඩිය කස්ටිය හිටියේ නැත. සංවිදායක මන්ඩලෙත් තව ටික දෙනෙකුත් විතර ය.

ඔහොම ඉන්නකොට නලීන් අයිය, නිමේශයා, තරියා, රජා, අඟහරුවා, නාඩියා, අර ටුවින්ස්ල, දේව, හේමමාලි අක්ක, පවිත්‍ර, විලක්කුව, රනා, චන්දන අයිය, නෙරන්ජි අක්ක, වෙනි අයිය, සෑම, ශශික අයිය, අයිස,  සෙව් අක්ක, කකා, ඉවාන් අයිය, විචාරක, සසිදූව, චතු අක්ක, දුලානය, සුද්ද, ඔනාල්, බනිය, මුදිය, මාරය වගේ එකී මෙකී නොකී  බොගර්ස් ලා ගොඩක් සෙට් විය. සමහරුන්ගේ මුහුණුනම් පරණ ය. ඒ අතරෙ ධනාට අළුත් සෑම, කකා, ඉවාන් වගේ අයත් නැතුවම නොවී ය.


ගිහින් ටිකක් වෙලා ඉන්නකොට රජා, තරියලා සෙට් එකත් එක්ක කනා මුට්ටි එල්ලන්න වුණේ ය. ඊට පස්සේ බනිස් ටික පෝලිමට එල්ලන්නත්  වුණේ ය්අ. ධනාට තිබුණේ කට්ටෙන් බනිස් ගෙඩිය හිල් කිරීමය. ඔය කෙරුවාව සෑම කැමරාවෙන් පෝං එකට ඔබා ගත්තේ ය. පෝස්ටුවක් ලියන්නටලු ය. මොනවයින් මොනව ලියයිද අපිනම් දන්නේ නැත. ඒ වැඩෙත් එක්තරා විකාරයක් ය. එක පැත්තකින් බනිස් එල්ලනකොට තව පැත්තකින් බනිස් එක දෙක නැතිවෙන්නේ ය. වැඩේ ඉවරවෙලා ඉතුරු කරගත්ත බනිස් ටික නිතරඟයෙන්ම අපේ බඩවල් වල ය. 



ධනාද නිකං හිටියේ නැත. බෝතලේට වතුර පිරෙව්වේ ය. පාවෙන තොප්පි දාගත්තේ ය. කෙලි පැටික්කියෙක් එක්ක බිත්තර ඇල්ලුවේ ය. බිත්තර ඇල්ලිල්ලෙත් පොඩි ලල් එකක් නැතුවාම නොවේ ය. අර සෙව් කෙල්ල බිත්තරේ අල්ලපු විදිහ දැක්කම තාම හිනා යන්නේ ය. ඔහොම බිත්තර දෙක තුනක් බිඳෙනකොට අපේ අන්දරේ බිත්තරෙත් අර දැරිවිගේ ඇඟිල්ලේ වැදී කුඩු වී පපුවස්ථානයේ වැහැරෙමින් තිබිණි. කොහොම හේදුවාද අපිනම් නොදනිමු ය. තොප්පි දැමිල්ලෙත් තුන්වෙනියට පිටියෙන් දොට්ට ය. මුලින්ම අවුට් වුනානම් කෝච්චියටවත් සෙට් වෙන්නට තිබුණේ ය :/


The වැඩ කෑල්ල :3

 හැමදේම වෙන වෙනම කියන්නට ඕනේ නැත ය. උදේ ඉඳන් හවස් වෙනකන්ම ඉතින් ආතල් ආතල් ආතල් විතර ය. අර මාරයගෙ කොට්ටපොර තරඟෙටයි අවසානෙ පවනියගෙ වැඩවලටයි(අවුරුදු කුමාරය තේරීම) පිටේ වම් පැත්තේ වයර් එකක් තන්‍ය විය :P 

අක්කලා සම්බන්ධයෙන් විශේශයෙන් කතා කල යුතු ය. වෙන කෙල්ලෙක් කියා බුකියේ ෆොටෝවකට ධනා මුලා කල හේමමාලි අක්කානම් උදෙන්ම ආවේ ධනාට අත වනාගෙනම ය. ඒ දැරිවි යන වෙලාවෙනම් ධනාගේ සිත සලිත් විය. වෙන මොකටවත් නොවේ ය. දැන් ඉතින් ඒ දැරිවි යං කියනකොට යන්න ඕනේ ය. වරෙං කියනකොට එන්න ඕනේ ය :3

උදේ ඉඳන්ම කොල්ලෙක් එක්ක දැවටි දැවටි ඉඳල හවස යන්න ලෑස්ති වෙලා ලඟට ඇවිත් කතා කර "ඔයා ධනා නේද?? <3" කියා ඇසූ තවත් අක්කෙකි. බලනකොට ඒ අර කනා මුට්ටි එල්ලනකොට ආපු ශුන්ඩර ඩැරිවි ය. සෑමාගෙන් "සෑම්ද...?" කියා ඇසුවාලු ය. අපිනං දන්නේ නැත. ඔය මතක අවසන් වනවාත් සමඟම බස්සි කියා කීවා ය. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය. බුකියෙන් පොර ටෝක් දී එනවද එනවද අසා වල් පල් කියවන  එකීව ධනාට අමතක වී ය.කතා කරන්නවත් බැරිවුන එකට  ගැත්තාට සමාවනු මැනවි ය :D

කොටුවට යනගමන් චතූ අක්කාත්, නලීන් මාමීගේ ඔෆීසියේ වැඩ කරන අයියෙකුත් බස් එකේදී හමුවි ය.



ලියනයා නොහොත් හිත හොඳ අම්පාරයා ගියපාර ඔක්කොම කණපිට ගහල රිවස් එකට යන වීඩියෝ කෑල්ලක් හදලා තිබ්බේ ය. මේ වතාවෙත් උදේ ඉඳන් රෑ වෙනකම් වීඩියෝ කරපුව එකතු කරල වීඩියෝවක් හදලා ය. ඒක බැළුවාම අර මොංගල් සංකල්ප කාලක්‍රියා කරන්නේ ය.  බලන එකෙක් මේක බලලා පැය 12කවත් නින්දක් ලබා ගත යුතු ය. 



අනේ දැං ඇති ය. මේවගේ දේවල් කරන බොග් අවකාසෙ සීනියර්ලටත්, සංවිධායක කමිටුවටත් බෝම බෝම බෝම තෑන්ක්ස් ‍ය. ආයෙත් මුනගැහෙමු එහෙනම්...   


ප.ලි :- 

~ මොනව වුනත් අර sasha කෙල්ල ආවෙ නැති එක ධනාට හෙනම අප්සෙට් එක ය

~ එතකොට අර චන්දර අයියගෙ නිවුස් එක ෆැක්ස් කරේ නැද්ද. අපරාදෙ මනුස්පයගෙ මහන්සිය. යනගමනුත් කිව්ව ගෙදර අයට බලන්න කියපං නිවුස් එක යනවද කියල. අපේ ගෙදර බලන නිවුස් :/

~ අර සෑමාද සයිබොරේ වෙච්ච සීන් දෙකක් කියා තිබ්බේ ය. මං ධනාත් එකක් කියන්නේ ය. දන්න කියන එකෙක් අවුරුදු උත්සවේට එනකොට අසමෝදගම් බෝතලයක් අරන් ඇවිත් ය. බඩේ අමාරුවක් හින්ද නිතරම වොශ් රූම්ගත වෙන්න වෙනවාට ය :3


Monday, March 3, 2014

පරාටා අතීත මතක | Paraataa Memories


Related Posts Plugin for WordPress, Blogger...වදාවත් නැතුව ධනාට අද කෑමක් ගැන ලියන්නට සිතිලා ය. ධනා කෑමක් ගැන ලිව්වානම් ඒ ලිව්වේ පරණ බොගේ ය. කෑම ජාති ගැන, කෑම වලට වග කියන ආකාරය ගැන මේ ලියන්නේ මංගල පෝස්ටුව ය.

ධනාගේ මතකයේ හැටිය ඌට ඔය පරාටා කියන නම දැනගන්නට ලැබුණේ ඉස්කෝලේ 6වසරත් ඉවර වුනාට පසුව ය. පොඩිකාලේ ධනා ගෙදර කෑම මිස ඔය එක එක කඩවල් වල කෑම දිහා හැරිලාවත් නොබලපු එකෙකි. අඩුම තරමේ වෙන ගෙදරකින්වත් කෑම කන්නේ කරන්නම දෙයක් නැතිම තැන ය.  ඔහොම ඉඳලා දවසක් එක්තරා සහෝදරයෙක් සමඟ රත්නපුරයේදී තම්බි හෝටලයකට ගොඩ වී වේටරයා ඇමතුවෙමු.  මූ දැන් හිටගෙන මෙනු  එක කියවන්නේ ය. මං ධනා දෙන දෙයක් කන්න ගිය එකා නිසා කෑම ඇනවුම් කලේ ඔය කිව්ව සහෝදරයා ය. වෙන කල්පනාවක හිටපු ධනාට වේටරයා කියපු කෑම ගොඩෙන් එකක් ලොවෙත් මීටර් වුණේ ය. වේටරයා යන තෙක් සිට මං ධනා අරූගේ කනට කර මෙසේ ඇසුවෙමි.

"මේ මොනාද පටාර කියන්නෙ?"

"පටාර නෙවෙයි පරාටා. ගෙනාවම බලාගන්නව"

විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි ය. කරුමෙටම මට ඔය අකුරු දෙක අවුරුදු ගානක් යනකන්ම මාරු වුණේ ය. මූ දැන් පරාටා ගෙනාවේ ය. මං පොඩිඑකාට දැන් හෙනම කොයිල් ය. වේටරයා පරාටා මේසෙන් ගෙනත් තබා ගියා ගියාම ය. ආවේ විනාඩි දහයකට විතර පසුව ය. ඒ හැලෙන්න ඔන්නමෙන්න තිබුණ මස් හොදි සහ ඇට හොයන්න පීනන්න වෙන පරිප්පු  හොදි දීසි දෙකකුත් පිඟන් දෙකකුත් උස්සාගෙනය. තවද කාල ඉවරවෙලා බොන්න කියා "මැරෙන්ඩ දෙන්නද මාතියා"  කියා මූ අපෙන් ඇසුවේය. අපි කාටවත්ම ඒකනම් තේරුම්ගන්න බැරි විය. මොකක්ද යැයි ප්‍රශ්න කලෙමු.

"මැරෙන්ඩ තියෙනව   කොකාකෝල ස්ප්‍රයිට්, මොනවද ඕන මාත්තය?"

වැඩේ මීටර් වුණේ එතකොටය. මූ කියා ඇත්තේ මිරින්ඩා තියෙනවා කියා ය. තව පොඩ්ඩෙන් පරාටත් කා මැරෙන්නම බොන්නත් වෙන්නේ ය. පරාටා යනු මොනවාද, පරාටා කන්නේ කෙසේද, කන්නට ලබා දෙන්නේ මොනවාද යන්න ධනා ඉගෙනගත්තේ එතැනින් ය. පරාටා සාදන්නේ පාන් පිටි වලින් බව දැනගත්තද සාදනා ආකරයක් ගැන දැනුමක් නොතිබිණි.   

දැන් ධනා වැඩිපුර ගෙදරින් පිට ඉන්න එකා ය. හුඟක් වෙලාවට බෝඩිංවාසී කොළුගැටයා ය. දැන් ගෙදර කෑම මිස් වෙන්නේ ය. හොටේල් වලට ආවඩන්නේ ය. ඒ කෑම කාලාම දැන් ගෙදර කෑම අප්‍රිය ය. බෝඩිමේ කෑම පිළිඹඳ කතා නොකිරීම මානසික සුවතාවය සඳහා ය. අපි බොහෝ දවස් වලට  හවසට  බඩගින්නේ වටවන්දනාවේ යන්නෙමු ය. පරණ ගාළු පාරෙ ෆස්නි නානගෙ කඩේ, SLIIT එක ලඟ අඹ සෙවන, ඇල පාර තඩියගෙ කඩේ, ඉසදීන් වල ක්වික් පැක් එක, පී අන්ඩ් එස් ඔය වන්දනාමාන ස්ථාන ය. දවසකට එකක් ලෙස එකින් එකට අපි වන්දනා කරන්නෙමු. 

මේ පෝස්ටුවටනම් ගැලපෙන එකම තැනක්වත් ඉහත කියවුනේ නැත ය. පරාටා වලටනම් ධනාට ඉතින්  බතූතා පාරේ ඉස්කෝලෙ ඉස්සරහ තියෙන තම්බි කඩේ තරම් සෙට් වුන තැනක් නැත ය. එතන උදේ ඉඳන්ම පරාටා හදන්නේ ය. හවස හත පහු වුනත් පරාටා තියෙන්නේ ය. පරාටාවක් රුපියල් දහය ය. ඕක කන්න සිරාම හොදි එකකුත් චිලී පේස්ට් ටිකකුත් පිඟානකට දා දෙන්නේ ය. මදි වගේනම් තව බෙදාගන්නට පුළුවන් ය. තව අර චූටි කෝප්ප වලට ප්ලේන්ටි ද දෙන්නේ ය. ධනානං ඕවා බොන්නේ නැත ය. කෝක් එකකුත් මතක ඇතුවම ඉල්ලාගන්නේ ය.

කඩේ වේටරයාත් අයිතිකාරයාම ය. තරමක් වයස අංකලයෙකි. කඩේට තනියෙම එකෙක් ආවොත් අර හොදි පිඟානත් එක්ක ඉස්සෙල්ලාම පරාටා 5ක් මේසයට ගෙනත් තබන්නේ ය. මදි වගේනම් ඉල්ලාගන්නට පුළුවන් ය.  මමත් බැජියාත් යන දවසට එකාට පහ ගානෙ 10ක් දෙන්නේ ය. බැජියාගෙත් මගෙත් දැනට වැඩිම පරාටා රෙකෝඩ් එක 17 ය. ඒ ධනා 9කුත් බැජී 8කුත් ලෙස  ය :P

මේවෙනකන්ම පරාටා හදන විදිහ කියා දැනගෙන සිටියේ අර තෙල් නාවලා ගන්න පිටි ගුලිය  යකඩ තහඩුව උඩ තියල හොඳට අතෙන් තලල දිගෑරෙන්න අත් දෙක මාරු කර කර කරකවන එක ය. 


දැන් ඊට වඩා දෙයක් ධනා දන්නේ ය. කොටින්ම පරාටය රස නහර පිනා යන්නට හැකිවන ලෙස සෑදීමේ දිව්‍යමය සංගටකය කුමක්ද එය මුල සිට ආහාර ජීරන පද්ධතිය ඔස්සේ විත්  පරාටාවේ තැනුම් ඒකකය වන පාන්පිටි අතරට එකතුවන්නේ කෙසේද යන්නත් ධනා සොයා ගත්තේ ය.  රත්වූ යකඩ තැටියේ සිට පිඟානයෙන් මේසය දක්වාත්, මේසයෙන් මුඛයටත්, මුඛයෙන් නැවත් ආහාර ජීරණ පද්ධතියට එක්වන මෙම සංඟටක දෙවරක් පුද්ගල කාවන්ගේ මිනිස් සිරුර අභ්‍යන්තරය නම් ඇඩ්වෙන්චර් අත්දැකීම ලබා ගන්නට වාසනාව ලබා ගන්නේ ය. ඒ පාන්පිටි වලින් වැඩ කෝටියක් දාන මේ කෑම හදන එකා නිසා ය ^_^

පරාටා රසවිඳ ඇති, රසවිදීමට බලාපොරොත්තුවෙන් සිටින කව්රු කව්රුත් මේ වීඩියෝව බැලීම ගෝචර ය. 



ප.ලි :- 
  • ඔක්කාරය, වමනේ යෑම වැනි රෝග ලක්ෂණ සඳහා වග කියනු නොලැබේ...
  • වැසිකිළි යාමේ අපහසුතාවෙන් පෙලෙනවුන් සඳහාද මෙම වීඩියෝව නිර්දේශ කරමි.