Wednesday, February 5, 2014

නිදහස උල්ලංඝනය සහ කරපිංචා | Dealing With Idiots


එක්තරා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුගේ අසම්භාව්‍යයේ අනියමාර්තයට අයත් ජුගුප්සාජනක ඝනයේ ගොන් ආතල් එකකි෴



රියටම 66 වන නිදහස් දවස ය. උදේපාන්දරම නැගිටලා කලේ ෆිල්ම් දෙකක් බාගත්ත එක ය. දවස් 4ක් ගෙදර ඉන්න කියල හිතාගෙන  ධනා බෝඩිමෙන් ගෙදරට පය ගහලා ය. කරන්න හිතාගෙන හිටපු වැඩ කෝටිය ය. ඉස්සෙල්ලාම බැළුවේ Catching Fire එක ය. ටිකක් දවල් වෙලා TOM YOUNG GOONG 2 බලන්න වාඩි වුණා විතර ය.  මොකෙක්දෝ හෙනහුරෙක් ය.

මල්ලේ... මල්ලේ

බඩු පැකට් ය. ඒනං කතාකරන්නේ මටමය. ධනාට සිතුනේ ය. මොකද ඔය බැරල් කටවල් තියෙන අයට මල්ලි කියලා කතාකරන්න ධනාලගෙ ගෙදර ඉන්නේ ඌ විතර ය. ශිං ශිං ගා ටී-ශර්ට් එකක් දාගෙන එළියට ගියෙමි. ඒ ඔට්ටේ ය.

මොකද බං මෙච්චර වෙලා යන්නෙ උඹලට කතාකලාම. ගෙදර කව්රුවත් නැති වෙලාවෙ වැඩ වගේ ඈ...
 
ඔට්ටේ කින්ඩියට මෙන් හිනාවක් දැම්මේ ය.
 නෑ නෑ බං මොකද හදිස්සියක්ද ?

නෑ බං එහෙම එකක් නෙවෙයි, පොඩි ගමනක් යන්න ඕනි. වරෙංකො ආට එකත් අරං. මේ ලඟකට.

ලයිසන්?

ට්‍රැෆික් නෑ බං. මාට්ටු වුනොත් මොනවහරි කරගමු. 

ගෙදර මල යකෙක්වත් නැති වෙලාවේ ධනාද ටුක්  එකට වග කීවේ ය. ධනා එනකං ඔට්ටෙයා පාරේ ය.

කොහෙටද දැන් යන්නෙ?

ඉස්සෙල්ල යමන්කො ඩිපෝව පැත්තට.

ධනාද දැං බල්ලා සේ ඩිපෝ හොයාගෙන යන්නේ ය. ඌ මෙතැන්සිට ටැක්සි කාරයා ය. නිර්ධන පංතියේ එකා ය. ස්වයං රැකියා කාරයා ය.  පාර අයිනේ තිබුණ මිදුලකට ටුක් එක දමා තව කව්දෝ එනකං විනාඩි 5ක් පමණ සිටියෙමු. ඔහු නමින් ගුණේ ය.   හඳුනාගත්තේ ඔට්ටේ හරහා ය. 

කොහෙද බං යන්නෙ මේ හදිස්සියෙ?

ගහක් බලන්න බං ගහක් බලන්න. 
ගුණෙයෝ... ඉක්මනට වරෙං බං, රෑ වෙනව. 
ඔට්ටේ මිදුලේ සිටම බෙරිහං දෙන්නේ ය.   
ගහක්?? මොන.

කරපිංච බං කරපිංච.

ඕක කියනකොටම ධනාට හෙනටම හිනාවක් එළියට පැන්නේ ය.

පුහ්... යකෝ කරපිංච ගස් බලන්න වන්දනාවෙ යන්නේ උඹ කරපිංච ගස් දැකල නැද්ද?? 

නෑ බං නෑ. ගහ කපන්න ඕනි. උඹ වැඩිය දන්නැති එකා මේව ගැන. 

තේරෙන්න කියපංකො. උඹල මේපාර කොළ කැඳ දන්සලක්වත් දෙනවද?  යකෝ හිනායනවනෙ කියන කතා වලට.

!@#$& හිනා නෙවෙයි යකෝ බඩු තිබුණොත් සල්ලි තමයි. 

මොකක්??

අනේ යකෝ තේරෙන්න කියහං !@#$%^ 

මේකත් අර වල්ලපට්ට වගේ තමයි බං. ලඟදි සෙට් වුණ එකක්. කරපිංච ගහේ අරටුව බං හොයන්නෙ. උඹ කාටවත් කියන්නෙපා.

අනේ මේ, ඔය හිරේ යන සීන් වලට අත දාන්න නම් බෑ බං හොඳේ.අනික උඹල කිව්වොත් කියන්නෙ මොකෙක්ටවත් කියන්න බැරි ගොන් කතාමනෙ.

හරි බං එහෙම සීන් එකක් නෙවෙයි. කැපුව. බැළුව. ආව.


ඔහොම කතාකරකර ඉන්නකොට අර ගුණේ ද ඇවිත් ටුක් එකට නැග්ගේ ය. දැන් ධනා යන්නේ ගුණේ කියන පාරේ ය. අපි මේ යන්නේ කරපිංචා ගහක් දැකලා නැති උං වගේ ය.  මුන් දෙන්නා සෙට් වෙලා හදන්නේ ඔය ගහේ අරටුව අරං විකුණං කන්න ය. කරපිංචා අරටුව සුවඳ විලවුන් නිශ්පාදනයට ගන්නවාලු ය. කිලෝ ග්‍රෑම් එකක් හෙනම ගානක් වෙනවාලු ය. අරටු හැම ගහකම නැතිලු ය. පරණ ගහක් වෙන්න ඕනෑලු ය. ගහ තියෙන්නේ ගුණේගේ වත්ත ඉස්සරහ වත්තක ය. 


මෙන්න මෙහෙම තියෙන්න ඕනිළු

කරපිංචා

රෝද දෙකක යන්න ඕනි පාරක හෙනම ගේමක් දී රෝද තුන දැක්කුවෙමි. වැඩ දන්න නිසා හොඳ ය. කාත් කව් රුවත් නැති පාළුවට ගිය ඉඩම් දෙක තුනකට පසු ගුණේ ගේ මහ ගෙදර හමු විනි. ගෙදර වත්තට ටුක් එක දැමුවෙමු.  ඔය ගුණේ කියන කෙනාද හෙනම නැව්ටෝක් දෙන්නේ ය.  වෙල්ලසෙ ලොකුම තේක්ක ගහ තියෙන්නෙ මෑන්ගේ වත්තේලු ය. ඕක කියල ගුණේ නා ගත්ත නෑම මෙතන ලියන්නට නුසුදුසු ය.  මගදිගට කතාවෙන්නම් ගුණේ ලෙසටම ගස් හිටවපු චරිතයක් අප ඉදිරියේ මැව්වේ ය.  ගුණේගේ අම්මා සහ තවත් යුවලක් නිවසේ ජීවත් වෙන්නේ ය. අපි ගියා විතරය. සෙට් එකම මිදුලේ ය. ධනා ඉතිං ඔය වැඩ වලට නැති එකා ය. ඌ පාඩුවේ පැත්තකට වී සිටියාලු ය.

ඔය අතරේ ගුණේ ලොකු අඹ ගහකට අත තියා හේත්තුවක් දාගෙන මෙහෙම කියන්නේ ය.

මේකත් මං හිටවපු ගහක්. දැනට අවුරුදු 20කට විතර කලින්. මචං මෙතන ටයර් එකක් දාල නෙද තියෙන්නෙ? ගුණේ ගසේ මුල පෙන්වමින් ඔට්ටේ ගෙන් අසයි. 

නෑ නෑ ටයර් එකක් නෑ. 

ආ එහෙනම් ඒක අයින් කරන්න ඇති. ඉස්සර මම මේකට ටයර් එකක් දාල තිබුණෙ. පිහිඹියා ගහක්. 
ගුණේ ගස අතගාමින් කියයි. 

එහෙම කියනකොට ධනාටද උඩ බැලිනි.

පිස්සුද යකෝ මේ අඹ ගහක්. ඔළුව කොහේහරි වැදුනද උඹේ? මේ තියෙන්නෙ බං එහා පැත්තෙ පිහිඹියා ගහ. මේ තියෙන්නෙ ටයර් එක. 
ඔට්ටේ කිණ්ඩියට කීවේ ය. 

ඒකටනං අන්තර් පර්ශුක පේශි ඉහිල් විණි. ගුණේට සිරාවටම වැරදිලා ය. සීන් එක දැනගත්තේ ටික වෙලාවකට පස්සේ ය. ගුණේ දෘශ්‍යාභාධිතයෙකි. ඔහු කී ලෙසට ඔහුට පෙනෙන්නේ සේයාවක් පමණකි.

කට්ටිය මන්නා පිහි, පොරෝ අරං ගහට ශොට් එක දෙන්නට යන්නට ය. ඒ ගෙදර බල්ලන්ම 5ක්ද කොහෙදෝ විණි. ටයර් තුනටම මූත්‍ර විසර්ජනය කලාද කොහෙද ය. උං එක්ක ඉන්න බැරි කමටම ධනාද ගහ කපන තැනට ගියේ ය. ගුණේ ගේ අම්මා තැන් පෙන්නුවා ය. ඔට්ටෙයා හෙනම බටර් ෆැක්ටරි එතන හදන්නේ ය. තනිකරම සුරන්ගනා කතාවකි.  ධනාට තරහාද යන්නේ ය. ඔය ගැන නොකියා හිඳීම ඇඟට ගුණය. උන්ට ඕනි එකක් කරගන්නට කියා ධනා බලා සිටියේ ය. ඔට්ටේ ගහ කපන්නේ ය. 

කරපිංචා ගහ ඊට කලින් වෙන කාට හෝ මීටර් වෙලා ය.  බුරුමෙකින් විදල බලලා යන්නට ගිහින් ය. ඔට්ටේ ඒකද එතන වැදෑලුවේ ය. 

අය අරටුව කියන එක ගහේ හැමතැනම තියෙන්න පුළුවන්. මොනව වෙන්න හරි ගහ කපල ඇරන් ගිහින් පලලම බලමු. නේ බං ගුණේ.

ගුණේද ගොනා සේ හ්හ්ම්ම් කීවේ ය. 

ධනාට දැන්නම් පුශ්පෙ විකසිත වෙලා ය. ඇයි යකෝ ගහක් බලන්න කියල ඇවිත් දැන් කපන්නේ ය. පලන්නේ ය. ඒමදිවට පාරෙන් මිනිස්සු දෙන්නෙක් යනකොට උං පොරෝ අරව ඒව ඔක්කොම අතෑරලා කැලේ පැන්නේ ය. අරුන් දෙන්නා ධනා දිහා බැලුවේ නිකං සතෙක් දිහා බලනවා වගේ ය.

ගුනේ ත් ඔට්ටේත් කරපිංචා ගහ ගෙදර උස්සගෙන ඇවිත් බණ්ඩි කියතකින් කෑලි කලහ. ඒකේ තිබුන අරටුවක් නැත. මුං වගේ මෝඩ හැත්තක් කියා ඒ වෙලාවෙනම් සිතිණි. ඕක බලං හිටපු ගුණේගේ අම්මා අත කම්මුලේ තියෙගෙන කට පපුව ලඟට කර කිව්වේ "අනේ ඉතිං ඕකෙන් බදුල්ලටත් කරපිංච අරගෙන ගියානෙ" කියලා ය.

කට්ටියගේම බලාපොරොත්තු චකබ්ලාස්ට් ය. ඒ අස්සේ මුං කබර හූනො, දෙබත් නයි, කදුරු ඇට අරවද මේවද හිරිකිත මාතෘකා ගැන කතාකරන්නේ ය. බැරිම තැන ධනා "යන්නැද්ද බං"  කියා ඔට්ටේගෙන් ඇසුවේ ය. මූ නෑසුනා සේ කබර හූනු බිස්නස් ගැන අර ගොන් හත්තිලව් එක්ක කියන්නේ ය. කබර හූනෙක් අල්ලල දුන්නොත් ලක්ෂ 5යි. නැට්ටත් එක්ක අල්ලන්න ඕනි. උගෙන් සයනයිඩ් හදනව.  ඕනිමනං වැඩේ කරගෙන හූනව ආපහු ගෙනල්ලත් දෙනව.  අරවද මේවද ලෙසටම කාගේ හෝ ලණුවක් ගිල බහිස්‍රාවීය පද්ධතිය ස්ටක් වෙලා ය.

මොන පාට කබරද, හූන සුදු පාට එකාද, එතන  ඔට්ටේ ට පැය භාගෙන් ගහන්න mcq එකක්ම ලැබිණි. ඔව් කළු පාටත් තියෙනව. තව තැඹිලි, දම් වගෙත් තියෙනව.

මිනිහා සැරින්සැරේට  එක එක පාටවල් කියයි.

"ආ කබර හූන්නු නං අන්න අපේ ලැට් එකෙත් ඉන්නව ඕන තරං අයිය, අල්ලගෙන ගිහිං අපිටත් කීයක්හරි කමන්නෑ ගෙනල්ල දෙන්න"

අලි මදිවට කොටි කිව්වාලු ය. තවත් කොයිල් ස්ත්‍රී ලිංගයක් එතනට ආවා ය.

________________________________________________________

ධනාත් දැන් කුම්බලා කරවල කාපු උගුඩුවා වගේ ය. එතැනින් පසු සිදුවීම් අනවශ්‍යය. මටනං මේවා ලියන්නත් ලැජ්ජ ය.  මෙහෙම මිනිස්සු ගැන හිතනකොටත් මටනං තරහක් දැනෙන්නේ ය. කරන්නට දෙයක් නැත. එක්කෝ ඒ ඔවුන්ගේ නූගත්කමය. නැතහොත් ආර්ථික ප්‍රශ්න ය.  එසේ කියා ඒ ප්‍රශ්න වලට කැලේ තියෙන ගහක්වත්, පාඩුවෙ ඉන්න පුංචි සතෙක්වත් ඊට වගකිවයුතු නැත. මේ ගෙවෙන කාලය අනුව සමාජයට අළුතින් එන පුහු  පටු ආකල්ප නිසා පරිප්පු හොද්දක්වත් කටට රසට පිසින්නට කරපිංචා කොලයක්හෝ සොයාගත නොහැකිවණු ඇත. වල්ලපට්ටා දුර්ලභ ය. නමුත් කරපිංචා ශාකය සුලභ ය. ඒ හේතුවෙන් මෙවැනි මානසික ලෙඩ සමාජයේ මුල් බැසීමේ ඉඩකඩ ද බොහෝ සෙයින් වැඩි ය. ධනා  ගස් කොලන් වලට ආදරේ කරන එකා ය. පෝස්ටුව ලිවීමට රුකුලක් වීමට එය හේතු වන්නට ඇත.

ප/ලි:  
  • සිද්දිය ඉහලට දැනුම් දීමෙන් අතුරු ප්‍රථිපල ලෙස දැන් එක එකා කතා කල පලියට ගෙදරින් එළියට බැසීම තහනම් ය.
     
  •   නිදහස් දවසේ කෑවේ හෙනමම චාටර් එකකි. අර කියපු පිලුම තාම බැළුවේද නැත. ඔට්ටෙයා දැන් ධනා සිටින තැනකින්වත් නොයන්නේ ය.
  • අතේ තිබූ සොච්චම ධනාට පූජා කල බැවින් ඔට්ටේ දැන් ලඟ තියෙන කඩේටද ණයකාරයෙකි. "ආරංචිමාර්ග"

-මා සිතන අයුරින් මෙවැනි ක්‍රියා අනුගමනයෙන් වලකීමට උපදෙස් දියයුතු කිසිවෙක් මේ බ්ලොග් අවකාශයේ නැත- 


20 comments:

  1. අනේ මන්දා මල්ලි. මට නම් හිතෙන්නෙ ඕකට ප්‍රධානම හේතුව ආර්ථික අපහසුතා කියලයි.

    සිංදුවකුත් තියෙන්නෙ;
    "කල්ප වෘක්ශයත් කපන්න - සුරබිදෙනව විකුනගන්න
    තාවතින්සයේ හිටියත් - මෙලක්දිවට වැඩමවන්න" කියලා

    ReplyDelete
  2. බල්ලෝ මරා හරි සල්ලි හොයමු!

    ReplyDelete
    Replies
    1. මේකට කතන්දරයක් නැතෙයි??

      Delete
  3. කබර හූණු බිසිනොස් 1 නං මේ දවස් වල ලෙසටම යන බිසිනොස් 1ක්ය. හැබැයි ඒව ගන්නෙ නං සයනයිඩ් හදන්න නෙමේය. ඊට වඩා වැඩි වැඩකටය. කබර හූණා කියන්නෙ සංසර්ගයේදී නැට්ට හලන්නැති එකම හූණු වර්ගයයි. උන්නේ නැට්ටෙන් කාම උත්තේජන ඖෂද නිපදවන්නේය. කරපිංච නං ගොං ආතල් 1ක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. මේවා දන්නේ අදය. තැන්කිව් ය.

      Delete
  4. සල්ලි හොයන්න තියෙනවනම් කෝක වුනාම මොකද කියලා දැන් වෙද්දී හුඟක් දෙනෙක් හිතනවනේ බං..

    ReplyDelete
  5. සල්ලි හම්බවෙන්වනම් ඕන දහ ජරා වැඩක් කරයි අපේ මිනිස්සු.

    ReplyDelete
  6. සල්ලි දෙනවනම් තමන්ගේ අම්මා තාත්තා මරන මිනිස්සු ඉන්න මේ සමාජයේ පරිසරය විනාශ කරලා දාලා සල්ලි හම්බ කරන එක මහලොකු දෙයක් නෙමේ මල්ලියෝ........

    ReplyDelete
    Replies
    1. ඒකත් ටිකක් ලොකු දෙයක්

      Delete
  7. ඔහොම ගස් පිස්සො ටිකක් මෙහෙත් ඉන්නව. වල්ල පටට ගහක් ඇහැට දකින්න නෑ දැන්. දීල සල්ලි ගත්ත එකෙකුත් නෑ. ධනා කිව්ව වගෙ හොද්දකට දාන්න කරපිංච කොලයක් වත් නැති වෙනව ඕවයින්.

    ReplyDelete
    Replies
    1. දැන් වැඩේ නැගල යනව.

      මම කිව්වෙ ඕක පටන්ගන්න කලින් ^_^

      Delete
  8. හ්ම්..කරපිංචවලින් පර්ෆියුම් හදනවලු තමා..අනේ මන්දා ඉතිං අපේ කස්ටියට නූල් දුන්නම රෙදි වයලනෙ ඇඳගන්නෙ.කොතල හිඹුටු රට පැටෙවුව වගේ තමා.ලංකාවෙ අබිම‍ානෙ ‍පට්ට සුන්දර දේසගුනේ සංචාරක පාරාදීසෙ තව ටික කාලෙකින් හේදිලා යයි මෙහෙම ගියොත්

    ReplyDelete
    Replies
    1. :3 මෙහෙමත් බොගියක්...

      ඔව් ඔව්

      Delete
    2. මක් කිවුවා?

      Delete
    3. කොතල හිඹූටු රට පටවලාලු :3

      Delete
    4. හෑ..නෑ කියලද කියන්නෙ? :(

      Delete
    5. මං කොහොමද අනේ ඔයාට නෑ කියන්නෙ :3

      Delete

කන පලාගන්නතුව comment කරපල්ල...