Showing posts with label අනංමනං 360. Show all posts
Showing posts with label අනංමනං 360. Show all posts

Monday, February 10, 2014

වලියකින් බිහිවූ නෝන්ජල් පදරචනය

Related Posts Plugin for WordPress, Blogger...
 
මේකනම්  අම්මලාගෙ විභාගෙ ලිවන වයසෙ(5 වසරෙ)දි වුණ සිද්දියක් ය. ඒ දවස් මං ඩොක්ට කෙනෙක් වෙනව, ඉංජිනේරුවෙක් වෙනව, පයිලට් කෙනෙක් වෙනව කියල අම්බානක තවුසන් ටෝක්ස් දීපු කාලෙ ය. මොකෙක්හරි ඇහුවොත් පන්තියෙන් වඩිපුරම ඉන්නෙ දොස්තරලා ය. ලෙඩ්ඩු කොහෙවත්ම නැත. අනේ වාසනාවං ය... ඉස්සර ඉතිං හැම වෙලාවෙම සෙල්ලමටම බර කාලෙ ය. මොකක්හරි පරහක් කින්ද කොක්ක දාගන්න වෙලාවළුත් එමට ය. එකී කොක්කක් දමා ගැනීමේ ප්‍රථිඵලය පහත ය...

මතක් විදිහට තිලිණයා ඇතුළු අපි දවසක් ග්‍රවුන්ඩ් එකේදි  සෙල්ලමක් දාගෙන ඉන්නකොට එක පාරටම තිළිණයාත් තව එකෙකුත් අම්බානෙක කෙන ගන්නවා ය. කොල්ලො සෙට් එකම බැහැල ගේම ක්ලෝස් කලද දෙන්නගෙ හිත් වල ඒ තරහ සති ගාණකට මැකුනේ නැත ය.
 
හිතේ තරහට ඊලඟ දවසෙ තිළිණයා පංතියේ ඔක්කොම ඉන්න වෙලාවක් බලල කියන්න කියල සිංදිවක් හදාගෙන ඇවිත් ය. ය අපි කිසිවෙකු නොදැන සිටියෙමු. 


සින්දුව ඕක ය. තිළිණයා සින්දුව තනිකරම වර්චස් කරලා ය. 


කුණු කුණු (පපප් පපා) 
කුණු කුණු කුණු බයිටගෙ කුණු බයිට් ටික අහුවෙලා... 
වරෙං වරෙං (පපප් පපා) 
වරෙං වරෙං පොලීසියෙන් ජීප් එකක් පුරවලා... (පපර පපර පපර පපා) 
කාටත් කාටත් කුණු බයිට් බෙදලා...
කාගෙත් කාගෙත් බඩ කුණු වීලා...
මෙන්න බොලේ කුණු බයිටා බයිට් ගොඩේ හැංගිලා...
ප.ලි: ඔය "බයිටා" කිව්වෙ අර තිළිණය වලිය දාගත්ත එකාගෙ නික් නේම් එක ය. ධනා මේ පෝස්ටුව ලිව්වෙ පුංචි කාලෙ මතකයක් බෙදා හදා ගන්න මිස, කාටවත් අපහස කිරීමට, මඩ ගැසීමට, පහතට හෙලීමට හැඟීමක් තුන් සිතකවත් නැත ය... 
Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, February 5, 2014

නිදහස උල්ලංඝනය සහ කරපිංචා | Dealing With Idiots


එක්තරා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුගේ අසම්භාව්‍යයේ අනියමාර්තයට අයත් ජුගුප්සාජනක ඝනයේ ගොන් ආතල් එකකි෴



රියටම 66 වන නිදහස් දවස ය. උදේපාන්දරම නැගිටලා කලේ ෆිල්ම් දෙකක් බාගත්ත එක ය. දවස් 4ක් ගෙදර ඉන්න කියල හිතාගෙන  ධනා බෝඩිමෙන් ගෙදරට පය ගහලා ය. කරන්න හිතාගෙන හිටපු වැඩ කෝටිය ය. ඉස්සෙල්ලාම බැළුවේ Catching Fire එක ය. ටිකක් දවල් වෙලා TOM YOUNG GOONG 2 බලන්න වාඩි වුණා විතර ය.  මොකෙක්දෝ හෙනහුරෙක් ය.

මල්ලේ... මල්ලේ

බඩු පැකට් ය. ඒනං කතාකරන්නේ මටමය. ධනාට සිතුනේ ය. මොකද ඔය බැරල් කටවල් තියෙන අයට මල්ලි කියලා කතාකරන්න ධනාලගෙ ගෙදර ඉන්නේ ඌ විතර ය. ශිං ශිං ගා ටී-ශර්ට් එකක් දාගෙන එළියට ගියෙමි. ඒ ඔට්ටේ ය.

මොකද බං මෙච්චර වෙලා යන්නෙ උඹලට කතාකලාම. ගෙදර කව්රුවත් නැති වෙලාවෙ වැඩ වගේ ඈ...
 
ඔට්ටේ කින්ඩියට මෙන් හිනාවක් දැම්මේ ය.
 නෑ නෑ බං මොකද හදිස්සියක්ද ?

නෑ බං එහෙම එකක් නෙවෙයි, පොඩි ගමනක් යන්න ඕනි. වරෙංකො ආට එකත් අරං. මේ ලඟකට.

ලයිසන්?

ට්‍රැෆික් නෑ බං. මාට්ටු වුනොත් මොනවහරි කරගමු. 

ගෙදර මල යකෙක්වත් නැති වෙලාවේ ධනාද ටුක්  එකට වග කීවේ ය. ධනා එනකං ඔට්ටෙයා පාරේ ය.

කොහෙටද දැන් යන්නෙ?

ඉස්සෙල්ල යමන්කො ඩිපෝව පැත්තට.

ධනාද දැං බල්ලා සේ ඩිපෝ හොයාගෙන යන්නේ ය. ඌ මෙතැන්සිට ටැක්සි කාරයා ය. නිර්ධන පංතියේ එකා ය. ස්වයං රැකියා කාරයා ය.  පාර අයිනේ තිබුණ මිදුලකට ටුක් එක දමා තව කව්දෝ එනකං විනාඩි 5ක් පමණ සිටියෙමු. ඔහු නමින් ගුණේ ය.   හඳුනාගත්තේ ඔට්ටේ හරහා ය. 

කොහෙද බං යන්නෙ මේ හදිස්සියෙ?

ගහක් බලන්න බං ගහක් බලන්න. 
ගුණෙයෝ... ඉක්මනට වරෙං බං, රෑ වෙනව. 
ඔට්ටේ මිදුලේ සිටම බෙරිහං දෙන්නේ ය.   
ගහක්?? මොන.

කරපිංච බං කරපිංච.

ඕක කියනකොටම ධනාට හෙනටම හිනාවක් එළියට පැන්නේ ය.

පුහ්... යකෝ කරපිංච ගස් බලන්න වන්දනාවෙ යන්නේ උඹ කරපිංච ගස් දැකල නැද්ද?? 

නෑ බං නෑ. ගහ කපන්න ඕනි. උඹ වැඩිය දන්නැති එකා මේව ගැන. 

තේරෙන්න කියපංකො. උඹල මේපාර කොළ කැඳ දන්සලක්වත් දෙනවද?  යකෝ හිනායනවනෙ කියන කතා වලට.

!@#$& හිනා නෙවෙයි යකෝ බඩු තිබුණොත් සල්ලි තමයි. 

මොකක්??

අනේ යකෝ තේරෙන්න කියහං !@#$%^ 

මේකත් අර වල්ලපට්ට වගේ තමයි බං. ලඟදි සෙට් වුණ එකක්. කරපිංච ගහේ අරටුව බං හොයන්නෙ. උඹ කාටවත් කියන්නෙපා.

අනේ මේ, ඔය හිරේ යන සීන් වලට අත දාන්න නම් බෑ බං හොඳේ.අනික උඹල කිව්වොත් කියන්නෙ මොකෙක්ටවත් කියන්න බැරි ගොන් කතාමනෙ.

හරි බං එහෙම සීන් එකක් නෙවෙයි. කැපුව. බැළුව. ආව.


ඔහොම කතාකරකර ඉන්නකොට අර ගුණේ ද ඇවිත් ටුක් එකට නැග්ගේ ය. දැන් ධනා යන්නේ ගුණේ කියන පාරේ ය. අපි මේ යන්නේ කරපිංචා ගහක් දැකලා නැති උං වගේ ය.  මුන් දෙන්නා සෙට් වෙලා හදන්නේ ඔය ගහේ අරටුව අරං විකුණං කන්න ය. කරපිංචා අරටුව සුවඳ විලවුන් නිශ්පාදනයට ගන්නවාලු ය. කිලෝ ග්‍රෑම් එකක් හෙනම ගානක් වෙනවාලු ය. අරටු හැම ගහකම නැතිලු ය. පරණ ගහක් වෙන්න ඕනෑලු ය. ගහ තියෙන්නේ ගුණේගේ වත්ත ඉස්සරහ වත්තක ය. 


මෙන්න මෙහෙම තියෙන්න ඕනිළු

කරපිංචා

රෝද දෙකක යන්න ඕනි පාරක හෙනම ගේමක් දී රෝද තුන දැක්කුවෙමි. වැඩ දන්න නිසා හොඳ ය. කාත් කව් රුවත් නැති පාළුවට ගිය ඉඩම් දෙක තුනකට පසු ගුණේ ගේ මහ ගෙදර හමු විනි. ගෙදර වත්තට ටුක් එක දැමුවෙමු.  ඔය ගුණේ කියන කෙනාද හෙනම නැව්ටෝක් දෙන්නේ ය.  වෙල්ලසෙ ලොකුම තේක්ක ගහ තියෙන්නෙ මෑන්ගේ වත්තේලු ය. ඕක කියල ගුණේ නා ගත්ත නෑම මෙතන ලියන්නට නුසුදුසු ය.  මගදිගට කතාවෙන්නම් ගුණේ ලෙසටම ගස් හිටවපු චරිතයක් අප ඉදිරියේ මැව්වේ ය.  ගුණේගේ අම්මා සහ තවත් යුවලක් නිවසේ ජීවත් වෙන්නේ ය. අපි ගියා විතරය. සෙට් එකම මිදුලේ ය. ධනා ඉතිං ඔය වැඩ වලට නැති එකා ය. ඌ පාඩුවේ පැත්තකට වී සිටියාලු ය.

ඔය අතරේ ගුණේ ලොකු අඹ ගහකට අත තියා හේත්තුවක් දාගෙන මෙහෙම කියන්නේ ය.

මේකත් මං හිටවපු ගහක්. දැනට අවුරුදු 20කට විතර කලින්. මචං මෙතන ටයර් එකක් දාල නෙද තියෙන්නෙ? ගුණේ ගසේ මුල පෙන්වමින් ඔට්ටේ ගෙන් අසයි. 

නෑ නෑ ටයර් එකක් නෑ. 

ආ එහෙනම් ඒක අයින් කරන්න ඇති. ඉස්සර මම මේකට ටයර් එකක් දාල තිබුණෙ. පිහිඹියා ගහක්. 
ගුණේ ගස අතගාමින් කියයි. 

එහෙම කියනකොට ධනාටද උඩ බැලිනි.

පිස්සුද යකෝ මේ අඹ ගහක්. ඔළුව කොහේහරි වැදුනද උඹේ? මේ තියෙන්නෙ බං එහා පැත්තෙ පිහිඹියා ගහ. මේ තියෙන්නෙ ටයර් එක. 
ඔට්ටේ කිණ්ඩියට කීවේ ය. 

ඒකටනං අන්තර් පර්ශුක පේශි ඉහිල් විණි. ගුණේට සිරාවටම වැරදිලා ය. සීන් එක දැනගත්තේ ටික වෙලාවකට පස්සේ ය. ගුණේ දෘශ්‍යාභාධිතයෙකි. ඔහු කී ලෙසට ඔහුට පෙනෙන්නේ සේයාවක් පමණකි.

කට්ටිය මන්නා පිහි, පොරෝ අරං ගහට ශොට් එක දෙන්නට යන්නට ය. ඒ ගෙදර බල්ලන්ම 5ක්ද කොහෙදෝ විණි. ටයර් තුනටම මූත්‍ර විසර්ජනය කලාද කොහෙද ය. උං එක්ක ඉන්න බැරි කමටම ධනාද ගහ කපන තැනට ගියේ ය. ගුණේ ගේ අම්මා තැන් පෙන්නුවා ය. ඔට්ටෙයා හෙනම බටර් ෆැක්ටරි එතන හදන්නේ ය. තනිකරම සුරන්ගනා කතාවකි.  ධනාට තරහාද යන්නේ ය. ඔය ගැන නොකියා හිඳීම ඇඟට ගුණය. උන්ට ඕනි එකක් කරගන්නට කියා ධනා බලා සිටියේ ය. ඔට්ටේ ගහ කපන්නේ ය. 

කරපිංචා ගහ ඊට කලින් වෙන කාට හෝ මීටර් වෙලා ය.  බුරුමෙකින් විදල බලලා යන්නට ගිහින් ය. ඔට්ටේ ඒකද එතන වැදෑලුවේ ය. 

අය අරටුව කියන එක ගහේ හැමතැනම තියෙන්න පුළුවන්. මොනව වෙන්න හරි ගහ කපල ඇරන් ගිහින් පලලම බලමු. නේ බං ගුණේ.

ගුණේද ගොනා සේ හ්හ්ම්ම් කීවේ ය. 

ධනාට දැන්නම් පුශ්පෙ විකසිත වෙලා ය. ඇයි යකෝ ගහක් බලන්න කියල ඇවිත් දැන් කපන්නේ ය. පලන්නේ ය. ඒමදිවට පාරෙන් මිනිස්සු දෙන්නෙක් යනකොට උං පොරෝ අරව ඒව ඔක්කොම අතෑරලා කැලේ පැන්නේ ය. අරුන් දෙන්නා ධනා දිහා බැලුවේ නිකං සතෙක් දිහා බලනවා වගේ ය.

ගුනේ ත් ඔට්ටේත් කරපිංචා ගහ ගෙදර උස්සගෙන ඇවිත් බණ්ඩි කියතකින් කෑලි කලහ. ඒකේ තිබුන අරටුවක් නැත. මුං වගේ මෝඩ හැත්තක් කියා ඒ වෙලාවෙනම් සිතිණි. ඕක බලං හිටපු ගුණේගේ අම්මා අත කම්මුලේ තියෙගෙන කට පපුව ලඟට කර කිව්වේ "අනේ ඉතිං ඕකෙන් බදුල්ලටත් කරපිංච අරගෙන ගියානෙ" කියලා ය.

කට්ටියගේම බලාපොරොත්තු චකබ්ලාස්ට් ය. ඒ අස්සේ මුං කබර හූනො, දෙබත් නයි, කදුරු ඇට අරවද මේවද හිරිකිත මාතෘකා ගැන කතාකරන්නේ ය. බැරිම තැන ධනා "යන්නැද්ද බං"  කියා ඔට්ටේගෙන් ඇසුවේ ය. මූ නෑසුනා සේ කබර හූනු බිස්නස් ගැන අර ගොන් හත්තිලව් එක්ක කියන්නේ ය. කබර හූනෙක් අල්ලල දුන්නොත් ලක්ෂ 5යි. නැට්ටත් එක්ක අල්ලන්න ඕනි. උගෙන් සයනයිඩ් හදනව.  ඕනිමනං වැඩේ කරගෙන හූනව ආපහු ගෙනල්ලත් දෙනව.  අරවද මේවද ලෙසටම කාගේ හෝ ලණුවක් ගිල බහිස්‍රාවීය පද්ධතිය ස්ටක් වෙලා ය.

මොන පාට කබරද, හූන සුදු පාට එකාද, එතන  ඔට්ටේ ට පැය භාගෙන් ගහන්න mcq එකක්ම ලැබිණි. ඔව් කළු පාටත් තියෙනව. තව තැඹිලි, දම් වගෙත් තියෙනව.

මිනිහා සැරින්සැරේට  එක එක පාටවල් කියයි.

"ආ කබර හූන්නු නං අන්න අපේ ලැට් එකෙත් ඉන්නව ඕන තරං අයිය, අල්ලගෙන ගිහිං අපිටත් කීයක්හරි කමන්නෑ ගෙනල්ල දෙන්න"

අලි මදිවට කොටි කිව්වාලු ය. තවත් කොයිල් ස්ත්‍රී ලිංගයක් එතනට ආවා ය.

________________________________________________________

ධනාත් දැන් කුම්බලා කරවල කාපු උගුඩුවා වගේ ය. එතැනින් පසු සිදුවීම් අනවශ්‍යය. මටනං මේවා ලියන්නත් ලැජ්ජ ය.  මෙහෙම මිනිස්සු ගැන හිතනකොටත් මටනං තරහක් දැනෙන්නේ ය. කරන්නට දෙයක් නැත. එක්කෝ ඒ ඔවුන්ගේ නූගත්කමය. නැතහොත් ආර්ථික ප්‍රශ්න ය.  එසේ කියා ඒ ප්‍රශ්න වලට කැලේ තියෙන ගහක්වත්, පාඩුවෙ ඉන්න පුංචි සතෙක්වත් ඊට වගකිවයුතු නැත. මේ ගෙවෙන කාලය අනුව සමාජයට අළුතින් එන පුහු  පටු ආකල්ප නිසා පරිප්පු හොද්දක්වත් කටට රසට පිසින්නට කරපිංචා කොලයක්හෝ සොයාගත නොහැකිවණු ඇත. වල්ලපට්ටා දුර්ලභ ය. නමුත් කරපිංචා ශාකය සුලභ ය. ඒ හේතුවෙන් මෙවැනි මානසික ලෙඩ සමාජයේ මුල් බැසීමේ ඉඩකඩ ද බොහෝ සෙයින් වැඩි ය. ධනා  ගස් කොලන් වලට ආදරේ කරන එකා ය. පෝස්ටුව ලිවීමට රුකුලක් වීමට එය හේතු වන්නට ඇත.

ප/ලි:  
  • සිද්දිය ඉහලට දැනුම් දීමෙන් අතුරු ප්‍රථිපල ලෙස දැන් එක එකා කතා කල පලියට ගෙදරින් එළියට බැසීම තහනම් ය.
     
  •   නිදහස් දවසේ කෑවේ හෙනමම චාටර් එකකි. අර කියපු පිලුම තාම බැළුවේද නැත. ඔට්ටෙයා දැන් ධනා සිටින තැනකින්වත් නොයන්නේ ය.
  • අතේ තිබූ සොච්චම ධනාට පූජා කල බැවින් ඔට්ටේ දැන් ලඟ තියෙන කඩේටද ණයකාරයෙකි. "ආරංචිමාර්ග"

-මා සිතන අයුරින් මෙවැනි ක්‍රියා අනුගමනයෙන් වලකීමට උපදෙස් දියයුතු කිසිවෙක් මේ බ්ලොග් අවකාශයේ නැත- 


Monday, December 30, 2013

මචං 2014 සහ පලයං 2013

ළුතෙන් අවුරුද්දක් කියලා එකක් එනවාළු ය. අපි දැං ඉන්නේ 2013 අවසන් ජවනිකාවේලූ ය. ඊලඟට 2014 ට ටිකට් ගන්න වෙනවාලූ ය.  නත්තල ඉවරය. දැන් ඇත්තේ අළුත් අවුරුදු උණුසුමලූ ය. වසරකට දෙවතාවක් ඔය අළුත්/නව  කියන අවුරුදු අවස්ථා එන්නේ ය. සිංහලෙන්ම කිව්වොත්  ඔය හෙට අනිද්දට එන්නේ චාරිත්‍ර වාරිත්‍ර කරන්න නැති එක ය.

සමහර අය ඕක හෙන ලොකුවටම ඔළුවට දාගන්නේ ය. එතනින් පස්සෙ "ජනවාරි පළවෙනිදා... ජනවාරි පළවෙනිදා..." කිය කිය ලතෝනි දෙමින් හතර දික්භාගේම ඇවිදින්නේ ය. පොරොංදං, කේන්දර අරවද මේවද තියෙන ඔක්කොම ඔය මොකෙක්ට හරි දී පච ටිකක් අසාගැනීම සමහරක්ගේ ඕනෑකමකි. ඔය වැඩ වලට වැඩිපුරම ජනතාව ඇබ්බැහි කරන්නේ රූපවාහිනී සහ ගුවන්විදුලි වගේ ප්‍රචාරණ මාධ්‍යයන් ය. ඒවට අහුවෙන්නේද බහුතරයක් ගැහැණු පාර්ශවය ය.   

උන් දැන් කරන්නේ "අපි කලිං වතාවෙ කිව්ව දේවලුත් මෙහෙම වුණා, අපි මෙහෙම කිව්ව, ඒක මෙහෙම වුණා. ඉතිං මේ වතාවෙත් එහෙම තමයි. අපි ගෙන්නන කෙනාට මෙහෙම පට්ටමක් තියෙනව. එයාගෙ හරි ලොකුයි. එයාව ලෝකෙම පිළිගන්නව, එයාට මෙහෙම එකක් තියෙනව, එයාට මේ මේ දේවල් කියන්න පුලුවන්, එයා සද්ද නැතුව වැඩේ කරනව" අරවද මේවද රටේ නැති පච කෑලි එකතු කර වරු ගණන් කියවන එකය. ඔය පච සෙට් එකට සවන්දෙන්න ජනවාරි පළවෙනිද අහවල් වෙලාවට අහවල් එක ඉස්සරහ වාඩි වෙලා මෙව්ව කරං ඉන්නලූ ය. උං ඒක ලස්සනට කියනවාලූ ය.
(මෙය හුදෙක් මාධ්‍ය ආයතන සඳහා බැන වැදීමක් නොවේ)

සමහරු තර්ටි ෆස්ට් නයිට් සෙට් වෙනවාලූ ය. ඒ ගැන කිසිසේත් වචනයක් ද නොලියමි. ඒ වගේ අය බ්ලොග් අවකාශයේද නැතුවාම නොවේ. ඔය වියදම් කරන සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට ජීවිතේ ගැටගහගන්න මොනයම්හෝ උපකාරයක් කලානම් ඒ වැඩෙන් දෙපාර්ශවයක් සතුටින් 2014 ආරම්භ කරනවා ඇත. නැතිනම් වෙන්නේ මාරුවෙන් මාරුවට දෙහි ගෙඩි අතුල්ලා ගැනීමට ය. 

ඒ අතරෙනුත් කිහිපදෙනෙක් වෙනස් වෙන්න උත්සහ කරනවා ඇත. ඒ 2014 ඇරඹීමට ය.  එයද තමාගේ සුභසිද්ධිය උදෙසා යහපත් වෑයමකි. වෙනස් වන අයගේද මා දකින කාණ්ඩ දෙකකි. ඒ වෙනස් විය යුතු කෙනා සහ  වෙනස වෙනසක් වන කෙනා ය. 

ඉන් වෙනස් විය යුතු පුද්ගලයා ගෙවුනු වසරේ තම අතපසුවීම්, වැරදි හඳුනාගනිමින්, ඒවා නිවැරදි කරගනිමින් වෙනස් වූ සිතකින් නව වසට මුලපුරයි.  වෙනස වෙනසක් ලෙසම සලකන්නා වෙනස්වූවා යැයි සිතමින් තම සිත මුලා කරයි. මුලා වන්නේ තමන්ම ය.
 ***********************************************************

එකී මෙකී නොකී කුප්ප සීන් වැලකි. ඔය කිව්වේ මට හිතෙණ විදිහටය. තම තමන්ට හිතෙණ ආකාරය වෙනස් වන්නට පුළුවන් ය. ලෝක ස්වභාවය ය.



දැන් සුභපැතීමට වේලාව ය....

බ්ලොග් අවකාශීය ලියන, කියවන සියළු දෙනාට,
 
 

LOL වන සුභ නව වසරක් වේවා...!!!

සියළු සිතුම් පැතුම් ඉටුවී මිස පස්ස නොබැලේවා...!!!

 

 
එහෙනම් අපි ගියා ය. කාට කාටත් ඉහත කී ලෙසටම වේවා ය. තනිකඩ මටත් බොටත් ලබන අවුරුද්දෙදිවත් සුයිටි සූකිරි කෙලි පොඩ්ඩක් මෙව්ව වේවා...!!!  පෝස්ටු වැඩි වැඩියෙන්ම ලියැවේවා...!!!