Wednesday, February 5, 2014

නිදහස උල්ලංඝනය සහ කරපිංචා | Dealing With Idiots


එක්තරා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුගේ අසම්භාව්‍යයේ අනියමාර්තයට අයත් ජුගුප්සාජනක ඝනයේ ගොන් ආතල් එකකි෴



රියටම 66 වන නිදහස් දවස ය. උදේපාන්දරම නැගිටලා කලේ ෆිල්ම් දෙකක් බාගත්ත එක ය. දවස් 4ක් ගෙදර ඉන්න කියල හිතාගෙන  ධනා බෝඩිමෙන් ගෙදරට පය ගහලා ය. කරන්න හිතාගෙන හිටපු වැඩ කෝටිය ය. ඉස්සෙල්ලාම බැළුවේ Catching Fire එක ය. ටිකක් දවල් වෙලා TOM YOUNG GOONG 2 බලන්න වාඩි වුණා විතර ය.  මොකෙක්දෝ හෙනහුරෙක් ය.

මල්ලේ... මල්ලේ

බඩු පැකට් ය. ඒනං කතාකරන්නේ මටමය. ධනාට සිතුනේ ය. මොකද ඔය බැරල් කටවල් තියෙන අයට මල්ලි කියලා කතාකරන්න ධනාලගෙ ගෙදර ඉන්නේ ඌ විතර ය. ශිං ශිං ගා ටී-ශර්ට් එකක් දාගෙන එළියට ගියෙමි. ඒ ඔට්ටේ ය.

මොකද බං මෙච්චර වෙලා යන්නෙ උඹලට කතාකලාම. ගෙදර කව්රුවත් නැති වෙලාවෙ වැඩ වගේ ඈ...
 
ඔට්ටේ කින්ඩියට මෙන් හිනාවක් දැම්මේ ය.
 නෑ නෑ බං මොකද හදිස්සියක්ද ?

නෑ බං එහෙම එකක් නෙවෙයි, පොඩි ගමනක් යන්න ඕනි. වරෙංකො ආට එකත් අරං. මේ ලඟකට.

ලයිසන්?

ට්‍රැෆික් නෑ බං. මාට්ටු වුනොත් මොනවහරි කරගමු. 

ගෙදර මල යකෙක්වත් නැති වෙලාවේ ධනාද ටුක්  එකට වග කීවේ ය. ධනා එනකං ඔට්ටෙයා පාරේ ය.

කොහෙටද දැන් යන්නෙ?

ඉස්සෙල්ල යමන්කො ඩිපෝව පැත්තට.

ධනාද දැං බල්ලා සේ ඩිපෝ හොයාගෙන යන්නේ ය. ඌ මෙතැන්සිට ටැක්සි කාරයා ය. නිර්ධන පංතියේ එකා ය. ස්වයං රැකියා කාරයා ය.  පාර අයිනේ තිබුණ මිදුලකට ටුක් එක දමා තව කව්දෝ එනකං විනාඩි 5ක් පමණ සිටියෙමු. ඔහු නමින් ගුණේ ය.   හඳුනාගත්තේ ඔට්ටේ හරහා ය. 

කොහෙද බං යන්නෙ මේ හදිස්සියෙ?

ගහක් බලන්න බං ගහක් බලන්න. 
ගුණෙයෝ... ඉක්මනට වරෙං බං, රෑ වෙනව. 
ඔට්ටේ මිදුලේ සිටම බෙරිහං දෙන්නේ ය.   
ගහක්?? මොන.

කරපිංච බං කරපිංච.

ඕක කියනකොටම ධනාට හෙනටම හිනාවක් එළියට පැන්නේ ය.

පුහ්... යකෝ කරපිංච ගස් බලන්න වන්දනාවෙ යන්නේ උඹ කරපිංච ගස් දැකල නැද්ද?? 

නෑ බං නෑ. ගහ කපන්න ඕනි. උඹ වැඩිය දන්නැති එකා මේව ගැන. 

තේරෙන්න කියපංකො. උඹල මේපාර කොළ කැඳ දන්සලක්වත් දෙනවද?  යකෝ හිනායනවනෙ කියන කතා වලට.

!@#$& හිනා නෙවෙයි යකෝ බඩු තිබුණොත් සල්ලි තමයි. 

මොකක්??

අනේ යකෝ තේරෙන්න කියහං !@#$%^ 

මේකත් අර වල්ලපට්ට වගේ තමයි බං. ලඟදි සෙට් වුණ එකක්. කරපිංච ගහේ අරටුව බං හොයන්නෙ. උඹ කාටවත් කියන්නෙපා.

අනේ මේ, ඔය හිරේ යන සීන් වලට අත දාන්න නම් බෑ බං හොඳේ.අනික උඹල කිව්වොත් කියන්නෙ මොකෙක්ටවත් කියන්න බැරි ගොන් කතාමනෙ.

හරි බං එහෙම සීන් එකක් නෙවෙයි. කැපුව. බැළුව. ආව.


ඔහොම කතාකරකර ඉන්නකොට අර ගුණේ ද ඇවිත් ටුක් එකට නැග්ගේ ය. දැන් ධනා යන්නේ ගුණේ කියන පාරේ ය. අපි මේ යන්නේ කරපිංචා ගහක් දැකලා නැති උං වගේ ය.  මුන් දෙන්නා සෙට් වෙලා හදන්නේ ඔය ගහේ අරටුව අරං විකුණං කන්න ය. කරපිංචා අරටුව සුවඳ විලවුන් නිශ්පාදනයට ගන්නවාලු ය. කිලෝ ග්‍රෑම් එකක් හෙනම ගානක් වෙනවාලු ය. අරටු හැම ගහකම නැතිලු ය. පරණ ගහක් වෙන්න ඕනෑලු ය. ගහ තියෙන්නේ ගුණේගේ වත්ත ඉස්සරහ වත්තක ය. 


මෙන්න මෙහෙම තියෙන්න ඕනිළු

කරපිංචා

රෝද දෙකක යන්න ඕනි පාරක හෙනම ගේමක් දී රෝද තුන දැක්කුවෙමි. වැඩ දන්න නිසා හොඳ ය. කාත් කව් රුවත් නැති පාළුවට ගිය ඉඩම් දෙක තුනකට පසු ගුණේ ගේ මහ ගෙදර හමු විනි. ගෙදර වත්තට ටුක් එක දැමුවෙමු.  ඔය ගුණේ කියන කෙනාද හෙනම නැව්ටෝක් දෙන්නේ ය.  වෙල්ලසෙ ලොකුම තේක්ක ගහ තියෙන්නෙ මෑන්ගේ වත්තේලු ය. ඕක කියල ගුණේ නා ගත්ත නෑම මෙතන ලියන්නට නුසුදුසු ය.  මගදිගට කතාවෙන්නම් ගුණේ ලෙසටම ගස් හිටවපු චරිතයක් අප ඉදිරියේ මැව්වේ ය.  ගුණේගේ අම්මා සහ තවත් යුවලක් නිවසේ ජීවත් වෙන්නේ ය. අපි ගියා විතරය. සෙට් එකම මිදුලේ ය. ධනා ඉතිං ඔය වැඩ වලට නැති එකා ය. ඌ පාඩුවේ පැත්තකට වී සිටියාලු ය.

ඔය අතරේ ගුණේ ලොකු අඹ ගහකට අත තියා හේත්තුවක් දාගෙන මෙහෙම කියන්නේ ය.

මේකත් මං හිටවපු ගහක්. දැනට අවුරුදු 20කට විතර කලින්. මචං මෙතන ටයර් එකක් දාල නෙද තියෙන්නෙ? ගුණේ ගසේ මුල පෙන්වමින් ඔට්ටේ ගෙන් අසයි. 

නෑ නෑ ටයර් එකක් නෑ. 

ආ එහෙනම් ඒක අයින් කරන්න ඇති. ඉස්සර මම මේකට ටයර් එකක් දාල තිබුණෙ. පිහිඹියා ගහක්. 
ගුණේ ගස අතගාමින් කියයි. 

එහෙම කියනකොට ධනාටද උඩ බැලිනි.

පිස්සුද යකෝ මේ අඹ ගහක්. ඔළුව කොහේහරි වැදුනද උඹේ? මේ තියෙන්නෙ බං එහා පැත්තෙ පිහිඹියා ගහ. මේ තියෙන්නෙ ටයර් එක. 
ඔට්ටේ කිණ්ඩියට කීවේ ය. 

ඒකටනං අන්තර් පර්ශුක පේශි ඉහිල් විණි. ගුණේට සිරාවටම වැරදිලා ය. සීන් එක දැනගත්තේ ටික වෙලාවකට පස්සේ ය. ගුණේ දෘශ්‍යාභාධිතයෙකි. ඔහු කී ලෙසට ඔහුට පෙනෙන්නේ සේයාවක් පමණකි.

කට්ටිය මන්නා පිහි, පොරෝ අරං ගහට ශොට් එක දෙන්නට යන්නට ය. ඒ ගෙදර බල්ලන්ම 5ක්ද කොහෙදෝ විණි. ටයර් තුනටම මූත්‍ර විසර්ජනය කලාද කොහෙද ය. උං එක්ක ඉන්න බැරි කමටම ධනාද ගහ කපන තැනට ගියේ ය. ගුණේ ගේ අම්මා තැන් පෙන්නුවා ය. ඔට්ටෙයා හෙනම බටර් ෆැක්ටරි එතන හදන්නේ ය. තනිකරම සුරන්ගනා කතාවකි.  ධනාට තරහාද යන්නේ ය. ඔය ගැන නොකියා හිඳීම ඇඟට ගුණය. උන්ට ඕනි එකක් කරගන්නට කියා ධනා බලා සිටියේ ය. ඔට්ටේ ගහ කපන්නේ ය. 

කරපිංචා ගහ ඊට කලින් වෙන කාට හෝ මීටර් වෙලා ය.  බුරුමෙකින් විදල බලලා යන්නට ගිහින් ය. ඔට්ටේ ඒකද එතන වැදෑලුවේ ය. 

අය අරටුව කියන එක ගහේ හැමතැනම තියෙන්න පුළුවන්. මොනව වෙන්න හරි ගහ කපල ඇරන් ගිහින් පලලම බලමු. නේ බං ගුණේ.

ගුණේද ගොනා සේ හ්හ්ම්ම් කීවේ ය. 

ධනාට දැන්නම් පුශ්පෙ විකසිත වෙලා ය. ඇයි යකෝ ගහක් බලන්න කියල ඇවිත් දැන් කපන්නේ ය. පලන්නේ ය. ඒමදිවට පාරෙන් මිනිස්සු දෙන්නෙක් යනකොට උං පොරෝ අරව ඒව ඔක්කොම අතෑරලා කැලේ පැන්නේ ය. අරුන් දෙන්නා ධනා දිහා බැලුවේ නිකං සතෙක් දිහා බලනවා වගේ ය.

ගුනේ ත් ඔට්ටේත් කරපිංචා ගහ ගෙදර උස්සගෙන ඇවිත් බණ්ඩි කියතකින් කෑලි කලහ. ඒකේ තිබුන අරටුවක් නැත. මුං වගේ මෝඩ හැත්තක් කියා ඒ වෙලාවෙනම් සිතිණි. ඕක බලං හිටපු ගුණේගේ අම්මා අත කම්මුලේ තියෙගෙන කට පපුව ලඟට කර කිව්වේ "අනේ ඉතිං ඕකෙන් බදුල්ලටත් කරපිංච අරගෙන ගියානෙ" කියලා ය.

කට්ටියගේම බලාපොරොත්තු චකබ්ලාස්ට් ය. ඒ අස්සේ මුං කබර හූනො, දෙබත් නයි, කදුරු ඇට අරවද මේවද හිරිකිත මාතෘකා ගැන කතාකරන්නේ ය. බැරිම තැන ධනා "යන්නැද්ද බං"  කියා ඔට්ටේගෙන් ඇසුවේ ය. මූ නෑසුනා සේ කබර හූනු බිස්නස් ගැන අර ගොන් හත්තිලව් එක්ක කියන්නේ ය. කබර හූනෙක් අල්ලල දුන්නොත් ලක්ෂ 5යි. නැට්ටත් එක්ක අල්ලන්න ඕනි. උගෙන් සයනයිඩ් හදනව.  ඕනිමනං වැඩේ කරගෙන හූනව ආපහු ගෙනල්ලත් දෙනව.  අරවද මේවද ලෙසටම කාගේ හෝ ලණුවක් ගිල බහිස්‍රාවීය පද්ධතිය ස්ටක් වෙලා ය.

මොන පාට කබරද, හූන සුදු පාට එකාද, එතන  ඔට්ටේ ට පැය භාගෙන් ගහන්න mcq එකක්ම ලැබිණි. ඔව් කළු පාටත් තියෙනව. තව තැඹිලි, දම් වගෙත් තියෙනව.

මිනිහා සැරින්සැරේට  එක එක පාටවල් කියයි.

"ආ කබර හූන්නු නං අන්න අපේ ලැට් එකෙත් ඉන්නව ඕන තරං අයිය, අල්ලගෙන ගිහිං අපිටත් කීයක්හරි කමන්නෑ ගෙනල්ල දෙන්න"

අලි මදිවට කොටි කිව්වාලු ය. තවත් කොයිල් ස්ත්‍රී ලිංගයක් එතනට ආවා ය.

________________________________________________________

ධනාත් දැන් කුම්බලා කරවල කාපු උගුඩුවා වගේ ය. එතැනින් පසු සිදුවීම් අනවශ්‍යය. මටනං මේවා ලියන්නත් ලැජ්ජ ය.  මෙහෙම මිනිස්සු ගැන හිතනකොටත් මටනං තරහක් දැනෙන්නේ ය. කරන්නට දෙයක් නැත. එක්කෝ ඒ ඔවුන්ගේ නූගත්කමය. නැතහොත් ආර්ථික ප්‍රශ්න ය.  එසේ කියා ඒ ප්‍රශ්න වලට කැලේ තියෙන ගහක්වත්, පාඩුවෙ ඉන්න පුංචි සතෙක්වත් ඊට වගකිවයුතු නැත. මේ ගෙවෙන කාලය අනුව සමාජයට අළුතින් එන පුහු  පටු ආකල්ප නිසා පරිප්පු හොද්දක්වත් කටට රසට පිසින්නට කරපිංචා කොලයක්හෝ සොයාගත නොහැකිවණු ඇත. වල්ලපට්ටා දුර්ලභ ය. නමුත් කරපිංචා ශාකය සුලභ ය. ඒ හේතුවෙන් මෙවැනි මානසික ලෙඩ සමාජයේ මුල් බැසීමේ ඉඩකඩ ද බොහෝ සෙයින් වැඩි ය. ධනා  ගස් කොලන් වලට ආදරේ කරන එකා ය. පෝස්ටුව ලිවීමට රුකුලක් වීමට එය හේතු වන්නට ඇත.

ප/ලි:  
  • සිද්දිය ඉහලට දැනුම් දීමෙන් අතුරු ප්‍රථිපල ලෙස දැන් එක එකා කතා කල පලියට ගෙදරින් එළියට බැසීම තහනම් ය.
     
  •   නිදහස් දවසේ කෑවේ හෙනමම චාටර් එකකි. අර කියපු පිලුම තාම බැළුවේද නැත. ඔට්ටෙයා දැන් ධනා සිටින තැනකින්වත් නොයන්නේ ය.
  • අතේ තිබූ සොච්චම ධනාට පූජා කල බැවින් ඔට්ටේ දැන් ලඟ තියෙන කඩේටද ණයකාරයෙකි. "ආරංචිමාර්ග"

-මා සිතන අයුරින් මෙවැනි ක්‍රියා අනුගමනයෙන් වලකීමට උපදෙස් දියයුතු කිසිවෙක් මේ බ්ලොග් අවකාශයේ නැත- 


Wednesday, January 29, 2014

ෆයිනලි, කෙලවාගත්තෙමු | Date to Hate


 

මේ දවස වල ඔය බහුහරයක් ඉස්කෝල වල ස්පෝර්ට්ස් මීට් ය. හා හා පුරා කියල මේ අවුරුද්ද අපිටත් ඔය කියන ජාතියෙ එකක් සෙට්  ය. ලොවෙත් ය. මාස ගණනකින් ඉස්කෝලෙ නොගිය උං දැන් හැමදාම ඉස්කෝලෙ යන්නේ ය. කරුමෙට ඉස්කෝලෙ උන්ට අපිව අමතක වී ය. ගියා කියා කරන ස්පෝර්ට් එකක් ද නැත. කරන්නේ බුල කෙලීම සහ වල බැසීම ය.  අපි අයිති හවුස් එකද දන්නේ දෙයියෝ ය. මොනව වුණත් අපි දිනන එකේ ය. 

හැම මීට් එකකම වගේ මේකෙත් මැරතන් එක පළවෙනි  ඉවෙන්ට් එක විය. ඔය වගේ පඩ ශෝ දාන්න චාන්ස් එනකං මඟ බලං ඉන්න සෙට් එකක්ද ඉන්නවා ය. මොනව වුණත් අපිත් කට්ටියගෙ මොරාල් එක සංවර්ධනයට බයික් කෑලි ටිකක් සෙට් කරගත්තෙමු. දිනය හරියටම ජනවාරි 24 ය. ඉස්කෝලෙට ගියාම නිකං දැනුනේ පාළුවට ගිය මොකක්ද එකක් වගේ ය. මැරතන් එකක් තියා මොන මගුලක්වත් නොතිබෙණ ගාන ය. යනකොට ඉස්කෝලෙ මැදම කැබ් එකක් දාගෙන කොඩි ගහනව ද අරකද මේකද හෙනම සීන් ගොඩ ය. ඔය කිව්ව කැබ් එක මේ කතාවේ ප්‍රධාන චරිතය ය.  සීන් එක ටික වෙලාවක් යනකොට ය. කොහෙදෝ තිබී අහු මුළු වල ඉඳං එක එක වාහන එන්නේ ය. 


මෙච්චර වටේ තලන්න ඕනේ නැති ය. මැරතන් එක පටන්ගන්නත් කලින් එකෙක් කැබ් එකක් හරහ දාගෙන ය. කට්ටියගෙ පුශ්ප විකසිත වුණේ ය. පරාගනය වුණේ ය. ටවුන්  එක මැදම ය. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි ය. ඔය සිද්දිය හින්ද සමහරුන්ට ගෙදරින් පවා එළියටද බැසීමට තහනම් ය. කැබ් එක ඇතුලේද 30කට ආසන්න පිරිසකි. තනිකරම මැත්ස් එකේත් කොමස් එකෙත් කොල්ලන් ය. ඒ අස්සෙ ධනා කියන එකාගේ බොක්කවල් සෙට් එකකට හෙනම තුවාල ය. ලෙලිම ගැහිලා ය. කැබ් එක වම් පැත්තට පෙරලිලා ටික දුරක් ලිස්සගෙන ගිහින් ය. කලිසම් ශර්ට් වල තැන් තැන් හොයන්නවත් නැති ය. සමහරුන්ගේ ජොක්කුද සෝචනීය ලෙස ලෙල්ල ගැසී ගොසිනි. 



මේ මල විකාරෙ මම කියන්න ඕනේ නැතිය. බ්ලොග් පාඨකයො 24 රෑ ජාතික රූපවාහිනියෙ නිවුස් බැළුවනම් ධනාටද සීන් එක කියා දීමට තරම් ටැලන්ට් එකක් එන්න ඕනේ ය. මීඩියා කාරයෙක් සම්පූර්ණ සිද්දියම වීඩියෝ කරලා ය.  කරුමේ කියන්නේ ඔය කියන නිවුස් එකේ ධනාවත් පෙන්නනවා ය.  තනිකරම මඩ ටිපර් එකක් හලලා ය. මමත් ඕෂධයාත් බයික් එකේ යන්නේ සිල් ගත්ත උන් දෙන්න සේ ය. අර නිවුස් කාරයො අපි දෙන්නවත් පෙන්නලා අනාරක්ෂිත ලෙස මොටර්සයිකල් වල යනවා කියා චෝදනා නගන්නේ ය. ඒ මදිවට පත්තරේටද වැටිලා ය.

ධනා නිවුස් බැළුවේ 25වෙනිද රෑ ය. සීන් එක කලින්ම කනට වැටුනේ බැජියොගෙන් ය. සිරාවටම ධනාවත් පෙන්වන්නේ ය. කුප්පය. කුජීත ය. ඒක බැලුවම ඇඬෙන්නේ ය. දැන් පාරට බැසීමද නොහැක. ඉස්කෝලෙ උන් දැක්ක දැක්ක තැන චොර කරන්නේ ය.  අපි දැන් අවිනීත රියදුරෝ ය :(  

නිවුස් එක මෙතනින් බලන්න

ඉස්කෝලෙට ඇවිත් කරන්නද දෙයක් නැත ය. අපි පොටෝ කෑලි ඇල්ලුවෙමු. 

සිද්දියෙන් පසු බිමින් ගමන් නැත


සීන් එකෙන් එදා රෑ 10ක් විතර හොස්පිටල් ය. හවස් වෙලා උන්ව බලන්නත් ගියෙමු. ධනාගේ බොක්ක වන විරාජයාද හොස්පිටල් ය. පෝස්ට් එක ලියනකොටනම් දැන් කට්ටිය ගෙවල් වලද එක්කගෙන ගිහින් ය. ඔය ජනවාරි 24නම් ආයෙ මතක් නොකලාට කම් නැත. 


Thursday, January 16, 2014

මෙන්න එකෙක්ට ප්‍රේම පුස්පෙ විකසිත වෙලා | The Malai_Love


මේ දින ගැනීම
නවතින දිනයක් නොමැති බැව්
දැනෙන්නට ඇතිද කීවරක් ...
මේ දරඳඬු සිතට...

කම එක හීනයක් 
දෑස් හැර දකින්නට
 මේ දෙනෙත්, මේ උපැස්
වෙහෙස ගත් වාරයන්
මෙපමනක් කොපමනක් විමසීම
ධෙෙවෝපගත සරදමක්ව
දිනෙන් දින හිත පාරනා හැටි
දකිමින් නුඹ,
පිනවනවා ඇති නුඹේ දෑස් අනන්තයටම
මා එය නොදන්නා බැව්
හඟවමි සත්තකින්ම...
සදාකල් සිත් තැවුල
මිතුරෙක්ම කර ගත් බව
අහේතුකව නොව,
නුඹේ ඔය දෑසින්
මා උමතු කල බැවින්
මා උමතු වූ බැවින්
නොඹිඳෙනා බැඳුමක් තැනුණි
ආදරය නමින්...


pfpfpffpfpfpfpfpfffpfpfff...


-----------------------------------------------

නිකං ඉන්න ගමන් හැදුව :3

ප/ලි : මේවා කොල්ලා සූටි කාලෙ ලියපුවා ය. ලිව්වේත් ඔච්චරම ය. පළවෙනි සහ අවසාන එක ය.  හොඳ නරකනම් නොදනිමි. වැරදි අඩුපාඩු තිබිය හැක.  පවසනු යහපති ය. 




Wednesday, January 8, 2014

කෙල්ලගේ ගෙදරට පැන්නෙමි | Another True Story



 ඟදි දවසක අපේ සර් කෙනෙක් කොම්පියුටර් ලැබ් එකක් ඕපන් කරලා ය. මං ඔය මොනවත් නොදැන සිටියෙමි. සීන් එක සර් කිව්වේ ජනවාරි පලවෙනිදා ය. මොනව වුණත් ඉගෙන ගත්ත ගුරුවරයා ය. නොගිහින් ඉන්න බැරි ය. වැඩේ වෙලා තියෙන්නේ දෙසැම්බර් 31 ය. මමත් ඉතිං දවසක් දාගෙන පොඩි තෑග්ගකුත් ඔතාගෙන පතාගෙන තට්ට තනියෙම  ගියෙමි. ආ ගිය තොරතුරු කතා කර ටික වෙලාවක් සිටියෙමි. 

බී........ප් බී......ප් බී......ප්  
ෆෝන් එක දඟලනවා කකුලට දැනේ.
කෝල් එකකි, නාදුනන අංකයකි. ඕන යටිබඩකට කියා ආන්ස්වර් කලෙමි.

මං - හෙලොව්,

එහෙං - හෙලෝ බබා, මම

ලෝඩ් පකීර් ය. පකිං ඕසම් ය. යන්නේ බබා හම්බෙන්නට ය. මතක ඇති කාලෙක් ඉඳං බබා කිව්වේ මව් තුමිය පමණි. ඒකත් දැන් නැති ය. මං දැං ලොකු කොල්ලෙක්ලූ ය. දැං ඉතිං මට බබා කිව්වොත් අනිව ඒ අහවල් කෙනා ය.  කයිවාරුව පැත්තක තබා එළියට ආවෙමි. 

මං -  කාගෙද යකෝ මේ නම්බර් එක?? මං දන්නැති නම්බර් වලින් ඩයල් කරල බබා බබා ගාන්නෙපා තවපොඩ්ඩෙන් එතනම. 

එහෙං - හරි ඉතිං ආදරේටනේ.... 

මං - ඉතිං ඇයි මේ කතාකලේ??

එහෙං - කතා කලේ? ආ දැං ඔයාට මම කතාකරන එකත් වදයක් ද? හරි හරි මම මෙහෙමවත් කතානොකර ඉන්නම්කො. ඉන්නවනෙ රට වටේටම කෙල්ලො. දැන් එයිනෙ එයාලගෙන් කෝල්ස්, ඒකනෙ මට කතාකරන්නෙ එපා කියන්නෙ. මට වැඩිය හොඳ ලස්සන  අය ඇතිනෙ. මං ගොඩේ කෙල්ලනෙ. කතාකරගන්නව එහෙනම් එයාලත් එක්ක. දැන් බලාගෙන ඇති. ගන්න ගන්න ඉක්මනට එහෙනෙම්. මම තියන්නම්. හැබැයි රජෝ මේ මාසෙ ෆෝන් බිල් ආවම මමනම් හැරිලවත් බලන්නෑ හරිද...

මං - අනේ මේ...

බණ අවසානයේ ෆෝන් එක තියලා ය. ධනාට ඇත්තේ සාදු සාදු කීම පමණි. එක මාසෙක ෆෝන් බිලක් ශේප් කලා කියා ධනාට හෙන ලොකු සීන් බැලීමට සිදු වී ඇත ය. ඇතුලට යෑමට දොරට අත තබනවාත් සමඟම නැවතත් ඇමතුමකි. බැළුවෙමි. අහවල් කෙනාම ය. 

මං - ඇයි?

එහෙං - ඇයි මාව මෙහෙම තරහගස්සවන්නෙ?

මං - තරහගස්සවන්නෙ? වෙන ගස්සවන්න දෙයක් නැති හින්ද.

--ධනා වැඩිපුරම කරන්නේ කෝල් කරාම බයිට් එකට ගන්න එක ය--

එහෙං - මොකක්? යනව යන්න මං තරහයි. මෝඩය මෝඩය මෝඩය.

මං - මෝඩි ☻ 

එහෙං - අනේ අහන්නකො බබා...
 
මං - අහන්න කියන්නකො බබා... 

එහෙං - කොහෙද ඉන්නෙ කියන්න.

මං -කිව්වට ඔයා දන්නෑ. 

එහෙං - ආ එහෙම තැනුත් තියෙනවද දැන්?? එහෙනම් මම කියන්න යනදේ කියන්න ඕනි නෑ මං හිතන්නෙ.

මං - ඔය ඉතිං...

එහෙං - හරි හරි. බබා දැන් වැඩකද?

මං - වැඩකමත් නෙවෙයි ඇයි?

එහෙං - මම ඔයාව දැක්කෙවත් නෑනෙ දන් සතියකින් විතර.

මං -  ඒක මගේ වැරැද්දක්ද? කෝ මං හැමදාම කියනව. අහනවද? ගෙදරින් එළියට බහින්නෑ. ක්ලාස් යනව. ගෙදර යනව. එච්චරයිනෙ. මං වේලෙනව.

එහෙං -ඉතිං ඒක තමයි මේ කියන්න හදන්නෙ... පොඩ්ඩක් අහන්නකො බබා.

මං -හරි හරි දැන්වත් කියන්න. 

එහෙං - අද ගෙදර කව්රුත් නෑ.

මං - ඈ? ☻☻☻

සීන් එක අහපු ගමන් උන්හිටි තැන් අමතකය. තත්පර් දෙකක් තුනක් විතර උඩ හිටියා වගේ දැනුණි. හනෙ අම්බේ... මේකනම් හෙනම චෑන්ස් පොල්ලය. ෆෝන් කෑල්ල හැපීමට සිතිණි. ෆෝන් එකෙන් ඔළුව දැමීමට බැරිකම ය. නැත්නම් වෙන සීන් ලොවෙත් නැත ය.

එහෙං -  අද, ගෙදර, කව්රුත්, නෑ...

මං -හරි හරි ඇහුන ඕයි ඇහුන. ඇයි පරම්පරාව කොහෙ ගිහින්ද? අර ජපන්ජබරයත් ගියාද?

එහෙං -මොකක්? මොන ජබරය??

මං -ජපන් ජපන්. අර පොඩි එකා. ලඟදි අර කාල තිබුණෙ නිල් වෙලා ඇදේ ඉන්නම. අපි තමයි එතකොට මුඩ්ලියර් ල.
 
එහෙං - ආ... මල්ලි. ඒ වදකයත් ගියා.

මං - හම්මේ ලොකු දෙයක්. මං දැන්මම එනව. ඔහොමම ඉන්න. මම දැන් ටවුන් එකේ ඉන්නෙ. වැඩි වෙලාවක් යන්නෑ හොඳද බබා.

එහෙං - හෝ..ව් හෝ..ව් පොඩ්ඩක් ඉන්නව. කව්ද දැන් එන්න කිව්වෙ  ආ? හොරා.

මං - ආ ඒකත් එහෙමද? ඒක ඉතිං කියන්න දෙයක් නෑනෙ බබා. නොකිය කියන්නෙ එන්න කියලනෙ. දැක්කෙ නැල්ලු අරකලු මේක ලු.

එහෙං - කපටිය කපටිය කපටිය. තමන්ට  වාසි වෙන්නමයි කතාව. හා හා එන්නකො. මං අල්ලගන්නම් කොල්ලව ආවම.  

මං - මේ... මොනාද ඕනි??

එහෙං -ඔයා කැමති දෙයක්.

මං - හ්ම්ම් හ්ම්ම්... ඉන්න මම දැන්ම එනව.

එහෙං -හරි බබා. පරිස්සමෙන් එන්න. බුදු සරණයි. 
(උම්ම දෙන සීන් අනවශ්‍යය)

සර්ට ඕන කුදයක් ඕක අස්සට වෙලා ගහගන්න කියා වැඳ නමස්කාර කර  ශිං ශිං ගා ෆුඩ් සිටියට දිව්වෙමි. මේ වගේ වැඩ වලට කාගේ හෝ ආශිර්වාදය අවශ්‍යම ය. මොකද මොන කරුමෙටහරි වැඩේ ගැස්සුනොත් ගෙදරින් දොට්ට ය.   ඔය තියෙන අනං මනං කෑලි ටිකක් ඉක්මනට ගත්තෙමි. තෝර තෝරා ඉන්න බැරිය. වෙලාව ගත වෙනවා ය. 

"කාලය රන් හා සමාන ය"

 එතනින්ම අඳුරන කියන ටුක් ටුක් අයිය කෙනෙක්ට කතා කර යන ගමන් මෑන්ට සීන් එක කීවෙමි. පොරටත් හිනා ය. පොරත් ඒ වගේ වැඩ වලට බොක්කෙන්ම සප් එක ය. අපි ගෙදර ලඟය. ගෙදර පසු කර ටුක් එක නවත්වා කෝල් එකක් ගත්තෙමි.

මං - බබා මං දැන් ලඟ. ඔයා ගෙදර නේද?

එහෙං - අනේ පිස්ස, ඉතිං එන්නකො ඉක්මනට. 

මං - වෙන කව්රුත් දකින්නැති වෙයි නෙහ්? 

එහෙං - ඔයා පයින් එන්න උඩට. එතකොට හරි. 

පාරෙන් මදක් උඩට වෙන්නට නිවස පිහිටා ඇත. ටුක් එකට ගෙවා ඌට යන්න කියා මං පයින් ගෙදරට ගියෙමි. බඩු දොර ලඟ ය. කට වහගෙන හිනා වෙනවා ය.  කකුල් දෙකත් නිකං මොකක්ද වෙනවා වගේ ය. මමත් නිකං මලු කෑලි උස්සගෙන අනුන්ගෙ ගෙවල් පල්ලෙ රිංගන්නේ ය. වෙන වැඩ නැතුව ය. විලි හැත්තෑව ය. සීන් එක දන්නවානම් මට ගහන්නේ ගස් බැදලා ය.
  
"ආ... ආවමයි නේද මගෙ වස්තුව" මා එනතුරු නොසිට ඇය ටිකක් දුරට විත් මාගේ සුරතේ එල්ලී උරහිසට ඇගේ හිස තබමින් පැවසුවා ය. 

"ඔයානෙ එන්න කිව්වෙ. ඉතිං මං ආව" මට දැන් නිකං හෙනම වෙනසක් දැනෙනවා ය. මීට කලින් මෙහෙම ගෙවල් වලට පැන්නේද නැත. ඒ වගේද, මා මින් පෙර කිසි දිනෙක ඇයගේ මෙවන් සුරතල් ක්‍රියා අත්විද නොමැත. ගෙනාපු බෑග් එකත් අතේ නැත. හත්වලාම ය. ඒකි ගානට ඒකට ගේම දීලා ය. 

"මං මේක ෆ්‍රිජ් එකට දාල එන්නම්, බබා වාඩිවෙන්න" මං එතනම චකබ්ලාස්ට් ය. සාලෙ තිබුණ දේවල් බලලාම බෙල්ලේ බෝල බෙයාරින් ද, ඇහේ පොටද සවුත්තු විය. තැන්දම්මාත් නැන්දතාත්තාත්  ෆොටෝ කෑලි අතර විය. උන් දෙන්නා මං දිහා බලං ඉන්නේ නිකං කන්නට මෙන් ය. 

උන් දෙන්නා - තොට අපේ දුව දෙන්නෑ. පාදඩයා

මං - අනේ තියාගනිං තොගෙ දුව. මහලොකු දුව. මගේනම් බල්ලටවත් එපා. 

උන් දෙන්නා - දෙන්නෑ තමයි යකෝ. තොට කව්ද කිව්වෙ ගෙදරට එන්න කියලවත් ඈ??

මං - කිව්වෙ? කිව්වෙ තොගෙ දුව තමයි. අඩෝ තට්ටය තෝ හිතං ඉන්නෙ උඹේ දුව හෙන කෑල්ල කියලද? බලපං හැටි. පොඩ්ඩක් කන්න දීල හදල ගනිං. ඇරගෙන පාරෙ යනෙ බල්ලෙක්ගෙ කරේ ගහපං. රෙද්ද. 

මගේ හිතේ චිත්තරූප මැවිණි. මට හිතෙන දේවල් වලට මටම හිනා ය. එක පාරටම ඉඳගෙන හිටපු එක දෝං ගා සෙලවිණි. එහෙම්මම මොකක්දෝ එකක් උකුලට කඩා පාත් විණි. කෙල්ල දැන් මගේ උකුල මත් ඔළුව තබාගෙන ය.  මං එහෙම්මම නැගිට්ටානං එතන හෙනම සීන් එක ය. මං හිතාගෙන හිටපු සීන් එක ඒකි කලා ය. දැ ඉතිං  මට පුටු සැපම ය. 

ඇය ඇඳගෙන සිටියේ සුදු පාට දනිස් දෙක තෙක් හෙන දිග කලිසමක් ය. පැලෙන්න ඔන්න මෙන්න ය. කහ පාට  ටී ශර්ට් එකක් ද ඇඳගෙන සිටියා ය. ඇය මගේ වම් අත ගෙන තුරුලු කරගත්තා ය. ඊය, කක්ක පැත්ත හෝදන එක. දැන් උඹලාට සිතිලා ය. මම දකුණතින් ඇගේ හිස පිරිපැද්දෙමි. ඔහොම ඉන්න ගමන් කෙස් ගස් එකක් දෙකක් ගැලවෙන්නම ඇද්දෙමි. 

 "ඌ....යි. මෝඩය. මට රිද්දන්නද ආවෙ තමුසෙ"  මගේ අත ගසා දමා ඇය දෑත් බැඳගත්තාය. එතනත් හෙනම සීන් එක ය. මට දැන් කොහේ බලන්නද කියා සිතාගත නොහැකිව ය. දෙලොව රත් වෙලා ය. කොයිල් ය. ඒ මදිවට අරෙහෙන් මෙහෙන් ඉස්සිච්ච ඒවද නිකං තියෙන්නේ නැත. දික්වෙන්නේය. ඉස්සෙන්නේ ය. ඒ මදිවට මොනවාදෝ එන්නේ ය. කියන්ට සතුටු ය. ජොකාද තෙත් වෙලා ය.  

මට දැන් කෙල්ලව එතනින් නැගිට්ටවගන්නද ඕනි ය. 
"මට ඔයාගෙ රූම් එක බලන්න ඕනි"  
"හ්හ්ම්ම්... ඒකත් එහෙමද? එහෙනම් එන්න, යමු ඇතුලට. කව්රුහරි වෙන කෙනෙක් ආවොත් හරිනෑනෙ බබා" කියා ඇය දොර වසා විත් මගේ දකුණතින් ඇදගෙන කාමරය වෙත ගියා  ය.  කාමරයේද දොර වැසුවා ය. 

"ඇයි දැන් මගෙ රූම් එක බලන්න ඕනි කිව්වෙ" 

"ඇයි ඉතින් හැම වෙලාවෙම කියන්නෙ මගෙ රූම් එක මෙහෙමයි, අද අළුත් එකක් ගෙනාව. පේන්ට් කලා කියලනෙ. ඕව ඇත්තද දන්නෙත් නෑනෙ" කියමින් මා ඇදේ හිඳගෙන සිටි ඇගේ උකුලෙන් හිස තබාගෙන ඇදේහි වැතිරුනෙමි.

මඳ වෙලාවක් යන තෙක් මොනවාදෝ විකාර කතා කලෙමු. ඇය මා ඉදිරියේ ළදරුවෙකු සේ සුරතල් වෙයි. විටෙක බොලද බස් පවසයි. ඇය මේ තරම් මා හා රැදෙන්නේ කුමන හේතුවක් නිසාදැයි මට ගැටළුවක් විණි. ඇගේ මනරම් සිරුරෙන් වැහැරෙන ඒ සුවද මා අත්විදින්නේ බොහෝ කලකට පසුව ය. මා ඒ සුවඳට ඇයට මෙන් ආදරය කරමි. ඔව් ඇය මට හදවතින්ම ආදරය කරන්නීය. ඇගේ වුළු ලෝකයම මම වී අවසන් ය. මින් පෙර ඇය එය පවසා තිබුණද එය සිතට තදින්ම දැනුණේ අද ය. ඇයට මා හොඳින්ම විශ්වාස ය. මා එය විශ්වාස කරමි. මට ඒ ඇති ය. 

කල්පනා ලොව මල් වනේකට සිත මා  රැගෙන ගොස් ය.

"බබා... බබා... " ඇය මා අමතන්නී ය. පියවි ලෝකයට මා ආවේ එවිට ය.  

"මම දැන් මොනවද කිව්වෙ?"

"මං දන්නෙ කොහොමද?"

"මොන ලෝකෙද මනුස්සයො හිටියෙ?"

"ම්ම්ම්ම්... ඔයාගෙ ලෝකෙ" ඉන් ඇගේ සිත කීරි ගැසෙන්නට ඇති ය. ඇගේ මුහුණේ  ආදරය තවතවත් වෑහෙන්නට විය. ඇය නිශ්ෂබ්ධය. මා තවමත් ඇගේ උකුල මත ය.

"මං ඔයාට ආදරෙයි..." පවසාගත් නොහැකි උතුරායන හැඟීමකින් පවසමින් මම මාගේ දෑත්  ඇගේ  ඒ  සුකුමළ බඳ වටා යමවින් ඇය දෙසට හැරී ඇය තදින් වැලඳගත්තෙමි. දැන් මා දෑස් විවර කල විට දිස් වන්නේ තනිකරම කහ වන් වූ දර්ෂනයකි. එහි මධ්‍යයෙන්  මඳක් ඇතුලට ගොස් ය. 
සීන් එක එන්න එන්නම සීරියස් වෙනව නෙහ්??  ඔබ සිතුවා නිවැරදිය. ඔව් ඒ ටී ෂර්ට් එකට වැසුණු ඇගේ බුලිය ය. 

ඇයත් මමත් මඳ වේලාවක් නිශ්ෂබ්ධය. මා ඇගේ වත දෙස හැරී මැලීමි. ගිනි විජ්ජුම්බරය ය. මෙන්න මේකි අඬනවා ය.  දාන්න ඕනි වචන ඔක්කොම දැම්මෙමි. මමත් ඇයත් දැන් ඇදේ හිඳගෙනය. 

ඇය  දිගින් දිගටම හඬන්නීය. හින්දි පිලුං වල වගේ මා ඇය තුරුළුකරගත්තෙමි. "ඔයා ඇයි මට මෙචචරටම ආදරේ කරන්නේ...... බ්ලා බ්ලා බ්ලා" 

හලේ මලල් ලැං ඇලෙල්ල වගේ ඕයි. 

ඇගේ මුහුනෙහි සිනහවක් දැකීමට මට අවශ්‍යය විණි.

"කොහොමද දැං  සැන්ඩො ආවොත්??"

තුරුල් කරං හිටපු එකී දැන් නැත. යකින්නිය වගේ කියවනව ය. 

"බබා ඔයාට මම එදත් කිව්ව මගේ තාත්තට මොනවත් කියන්නෙපා කියල. විශේෂයෙන්ම ඔය නම. මම මේ මොන හොර වැඩේ කලත් මගේ තාත්තට මම ආදරෙයි. ඔයාට ඒක හැම වෙලාවෙම විහිළුවක්. මගේ තාත්ත සැර නෑ ඔයාලගෙ තාත්ත වගේ හරිද"

මටත් මල පිපුණේය. ඇයි යකෝ මේ ගෑනුංගෙන් බැනුම් අහන්නෙ. 

"ආ දැන් ඔයාගෙ තාත්ත සැර නෑ. හතර පෝයට සිල් ගන්නව. බබා. අනී... සැන්ඩො බබා... හරහට වඩාගන්න හිතෙනව"

"දැන්වත් නවත්තගන්න ඔය කියවිල්ල. කට තිබ්බ පලියට කියවන්නෙපා බබා හරිද?"

"කට තිබ්බ පළියට? හහ්, මේක මගේ කට මට ඕනි දේ මම කියන්නෙ. කාටවත් බෑ මේ කටට ඉබ්බො දාන්න" 

"ආ ඒකත් එහෙමද, ඔයාගෙද කට? එහෙනම් තියාගන්නකො" කීවා මතක ය. ඒත් එක්කම මොකක්දෝ ඇඟට කඩන් වැටී හිඳගෙන සිටි මා ඇඳේ ෆ්ලැට් විණි.

හිඳගෙන සිටි ඈ දෑත් විදහාගෙන මා දෙසට පැන මා බදාගෙන ඇඳ මත හෙලීමට සමත් විණී.  මං දැන් ගෙම්බා පොලවේ වැහුව වගේ  ඇඳ උඩය. කෙල්ල මගෙ ඇඟ උඩ ය.  ඈ ඇගේ මුහුණ මා වෙත ලං කර මඳ වේලාවක් මා දෙස බලා සිටියා ය. ඇගේ කොණ්ඩයද අපිළිවෙල වී ගොස් ය.  

"ඔයාගෙ කට නේද?" ඈ ඇසුවේ හෙනම ආදරෙන් ය. හරියට මෙන්න මෙහෙම ය.  "ඈ... ඔයාගෙ කච නේජ??"

"ඔව් මගේ" බල්ලා සේ පිළිතුරු දුනෙමි. 

"ගේ"  කියාගන්න වුණේ නැත. මේකි යක්ෂාවේශ වී පැනපු ගමන් කට කන්න ගත්තේය. මේ ධනාට කරකියාගන්න දෙයක් නැත ය. නිකං හුස්ම ගැනීමේ පහසුවක් දැනෙන්නට විණි. 

ඒත් එක්කම වෙන මොකෙක්දෝ නොසන්ඩාලයෙක් මැවී පෙණුනි.
පහලින්...
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--


සීන් එක මේක ය.
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--


කුළුඳුල් වූ යොවුන් ප්‍රේමය තුල මෙවන් සිදුවීම් ඔබත් අත්විඳ තිබේද?

*මමනං කවදාවත් නෑ :P



පින්තූරෙ බුකියෙන්...

Thursday, January 2, 2014

Wanted! සෝමේ | Uncle Hillarious

 

වුරුද්දක් ගතවී තවත් අවුරුද්දක් උදා වී ඇත. ගිය අවුරුද්දෙ ආවට පස්සෙ බ්ලොග් අවකාශෙට ආවෙ අද ය. ☺ සියළු පාඨක ජනතාවගේ සිතුම් පැතු ඉටු විය යුතු ය. ඉටු නොවුනා කියා ධනාට චෝදනා නැගීම තහනම් ය. වසරේ මංගල පෝස්ටුව ය.

සීන් එක මෙසේ ය. මං ධනාලගෙ ගෙවල් පැත්තේ නානාප්‍රකාර ඩයල් වසන ඒරියා එකකි. මේ කියන්න යන එකා ධනාගේ උත්තුංග ගුණෝත්තර පාප මිත්‍ර සංසදයේ එකෙක්ගේ ලොකු තාත්තෙකි. සීන් එක වෙන වෙලාවේ ඌද එතන ය. ලොල් සීන් එකකි. සීන් එක ඓතිහාසික ය. පුරාවෘත වලද සඳහන්ව තිබිය හැකි ය. ඔය කියන ලොකු තාත්තාගේ නම නම් ධනා නොදන්නේ ය. පහසුව තකාත්,  ආත්මාරක්ෂාව උදෙසාත් අපි ඔහුට "සෝමේ"  ලෙස ඇමතීම රිසි ය. සෝමේ වනාහි කීමෙහි දිවීමෙහි කෙල පැමිණියෙක් ය. ධනා දන්නා කාලයේ පටන් ඔහුටත් වඩා උස බයිසිකලයක් පෑගීම සෝමේ ගේ සිරිත ය. තරමක් මිටි සරමටත් කමිසයටත් හුරු වූ අයෙකි. ගහේ බඩු, ගමේ බඩු, කටුකම්බි ජාතික පානය ය. කෑලි පහේ ටෝච් කෑල්ලක් ද දන්නා තරමින් නිතරම අතේ ගැවසේ. දැනටනම් ස්ථීර රැකියාවක නිරත් නොවන්නෙකි. ඉස්සර කාලෙ ඔන්න මොකක්දෝ කලාලු ය. වයස 45ක පමණ පෙණුමැති කඩවසම් තරුණයෙකි. මන්දයත් ඔහු අවිවාහක ය. ""කොච්චර වයසට ගියත් බැඳල නැත්තං ඌ කොල්ල ""  සෝමේගේ ප්‍රකාශයකි.^_^

උඩින් කිව්ව මිත්‍රයා වැඩ වසන්නේ ධනාලගෙ ගෙදරට පොඩ්ඩක් දුරින් ය. නම "සිරිමල්"  යැයි සිතමු.  ඉස්සර කාලෙ සමහර දවස වලට හවසට අපි මොකාගේ හෝ ගෙදරක  ක්‍රිකට් ගහන්න සෙට් වෙන්නෙමු. සිරිමලාගේ ගෙදරත් සෝමේගේ ගෙදරත් ආසන්නයේම පාරෙන් අනෙක් පස සිරිපාලයාගේ ගෙදර ය. චරිත වලට ගැලපෙන නම් දමා ඇත. සිරිමලුත් සිරිපාලත් ධනාත් එකම පාසලේ එකම පන්තියේ ය.ටික කලක් යනතෙක් සෝමේ අපේ නිල ආතල් සැපයුම්කරු ය. බයිට් එක ය. 

නිල ආතල් සැපයුම්කරු(සිරිමල් ගේ ලොකු පියා) - සෝමේ

1 යාළුව - සිරිමල් 

2 යාළුව - සිරිපාල

ඔය කාලෙ දවසක් කොහොම හෝ කරුමෙට වගේ සැට් එකම සිටිපාලයාගේ ගෙදර ඉස්සරහට සෙට් ය. මොකටද කියා හරියටම මතකයක් නැත ය. පොඩි කයියකට සෙට් වෙලා ඉන්න වෙලා ව ය. ප්‍රධාන පාර හෙනම පල්ලමකි. කිව්ව තරම් ලොකුමත් නැත. පුට් සයිකල් කාරයෙක්ට හුලං පාරක් වැදීගෙන හීන් සීරුවේ නිව්ටල් එකේ විනාඩි 5ක් විතර යාමට තරම් දුරකි. පල්ලම ඉවර වෙන්නේ සිරිමලාගෙ ගෙදරට පොඩ්ඩක් පහලින් ය. 

කන්ද උඩින් සෝමෙයා ඔය කිව්ව විදිහට එන්නේ ය. ඒ සිය නිල රථය බයිසිකලයෙනි. බයිසිකලයක් කිව්වාට ඒකෙත් ඇත්තේ ෆ්‍රේම් එකයි රෝද දෙකයි තව පිටිපස්සෙන් ලොකූ ලැගේජ් එකකි. ඒකේද නැති දෙයක් නැත. මන්නා පිහියේ සිට සෙරෙප්පු කුට්ටම දක්වා එහි ඇත. සෝමේගේ ඩිකිය එය ය.  මේ ඔය බයිට් එකට ගත්ත කිව්ව කාලෙ ය. දැන්නම් දැම්මකමත් කින්ඩියට රවන්නේ ය.

තාමත් එන්නේ ය. තාමත්, තාමත්, ඔන්න දැන් ටිකක් ලඟය. ඔව්... ඒ සෝමේ ය. සීන් එක දැක්කේ ලං  වෙනකොට ය. සෝමෙයා බයිසිකලේ එන්නේ අර පොඩි උන් ලොකු බයිසිකල් පදින තාලෙට ය. අර බයිසිකලේ ඇල කරගෙන පොල්ල අස්සෙන් කකුල දාගෙන ය. හෙනම ආතල් එක ය. ඌ බෘංගයා වගේ හෙනම කික් එකේ එන්නේ ය. ජාතික පානෙ ලෙසටම ගහලා ය. කන බඩ ගා ව ය. ඇස් නලලේ ය. නිකං හිංදි පිලුං වල හතුරව මරල කෙල්ල  අරං යන්න හෙන මොරාල් එකෙන් එන කොල්ලෙක් මෙන් ය. විටෙක සෝමෙ අපිව දකින්නට ඇත. දැක්කත් අවුලක් නැත. 

සැට් එකම සිටිපාලයාගේ ගෙදර ඉස්සරහ හැංගුනෙමු. වෙන දවස් වලට සෝමෙයා අපිට හූ කියන්නේ ය. අරූට වාරයක්නං මූටත් වාරයක් තියෙනවාලු ය. 



 මේපාර අපි සෝමෙට හූ කියන්න සෙට් වුණෙමු. ඔය කහ පාටට තියෙන්නේ සෝමේගේ ගමන් මාර්ගය සහ කනේ වැලි ගෑවෙන්න වංගුව කෙලින්කර ගෙදර මිදුලට දාන ආකාරය ය. ඕක හරි හැටි අඳින්න ගියොත් කොයිල් වෙනවා ඇත.  රෝස පාට බෝලෙන් පෙන්වන්නෙ අපි සෙට් එක හැංගුන තැන ය. හැංගුනා කිව්වට හූ කියනකොට කට්ටියම එළියේ ය. 

තුනට ගණන් කර හූ කිව්වෙමු. හූ කියනකොට සෝමෙයා වංගුව ගන්නවා ධනාට මතක ය. හූව ක්ෂණයෙන් නතර වුනේ එතෙක් වේලා බලා සිටි සෝමේගේ  ආදරනීය රිප්ලයි එකට ය. 



අපි,

"හූ................................................................... හු හුහ් හු හු...................................." :v :v :v

සෝමෙ, (බයිසිකලේ යන ගමන් අප දෙස හැරී)

"කවුද හු!@#$%^   හූ කියන්නේ???" :v

කිව්වා විතර ය. සෝමෙයා ඔය රතු පාට එක ඇතුලේ ය. ආ... රතු පාට එක කාණුව ය. හෙනම ලොල් සීන් එක ය. මොනව වුණත් සෝමේ පව් ය. සෝමෙගෙ ගෙදරට යන තැනට විතරක් අර කොන්ක්‍රීට් කෑලි දමා  සකස් කර තිබීම ඇත්ත ය. සෝකෙ කියන්නේ සෝමෙට එතන මිස් වෙලා ය. කෙලින්ම ඉස්සරහ රෝදෙ බැස්සිලා තියෙන්නේ කණුවට ය. ආදරණී‍ය රිප්ලයි එක දෙන්න කිහිං මෑන් එතනම දොං ය. නැගිටින ගමං සෝමෙ නෑන පොඩ්ඩව හෙමත් මතක් කරාලූ ය. ඒ කිව්වේ සිරිමලාගේ මව්තුමිය ය.

සෝමේ ලාවට නැගිට කොන්ද නමාගෙන නිල රතේ තල්ලුකරගෙන ගෙදරට ගියා ගියාම ය. එදායින් මත්තට සෝමේ අපිත් එක්ක වැඩි ඇයි හොඳැයියක් නැත්තේ ය.  සෝමෙගේ ආතල් අවසාන ජවනිකාව ය. 

මොනව වුණත් ඒ සිද්දිය අපේ උං අතරෙ තාමත් තියෙනවා ය.

 

"කව්ද හු!@#%^& හූ කියන්නෙ??"
 



_____________________________________________________

තවත් සෝමේගේ මතක හිතේ නැතුවාම නොවේ. තවත් දවසක් කාණුවෙ වැටෙන්න කලින් සිද්දියකි.  එදාත් කොල්ලො සැට් එක පාර අයිනේ ය. ඔය සිරිපාලයගෙ ගෙදරට පොඩ්ඩක් උඩින් ය. සෝමේ පුරුදු පරිදි පල්ලමේ ආවේ ය. අපි දිහා කින්ඩියට බැළුවේ ය. බලා මෙසේ පවසා යන්න ගියේ ය.
"බැල්ලි මොකද හෙළුවෙං ඈ...??? " :3

කස්ටියම ෆුල් හොල්මං ය. වටපිට බැළුවෙමු. සිරාවටම එතන බැල්ලියෙකි.

_________________________________________________________________________________