Monday, December 30, 2013

මචං 2014 සහ පලයං 2013

ළුතෙන් අවුරුද්දක් කියලා එකක් එනවාළු ය. අපි දැං ඉන්නේ 2013 අවසන් ජවනිකාවේලූ ය. ඊලඟට 2014 ට ටිකට් ගන්න වෙනවාලූ ය.  නත්තල ඉවරය. දැන් ඇත්තේ අළුත් අවුරුදු උණුසුමලූ ය. වසරකට දෙවතාවක් ඔය අළුත්/නව  කියන අවුරුදු අවස්ථා එන්නේ ය. සිංහලෙන්ම කිව්වොත්  ඔය හෙට අනිද්දට එන්නේ චාරිත්‍ර වාරිත්‍ර කරන්න නැති එක ය.

සමහර අය ඕක හෙන ලොකුවටම ඔළුවට දාගන්නේ ය. එතනින් පස්සෙ "ජනවාරි පළවෙනිදා... ජනවාරි පළවෙනිදා..." කිය කිය ලතෝනි දෙමින් හතර දික්භාගේම ඇවිදින්නේ ය. පොරොංදං, කේන්දර අරවද මේවද තියෙන ඔක්කොම ඔය මොකෙක්ට හරි දී පච ටිකක් අසාගැනීම සමහරක්ගේ ඕනෑකමකි. ඔය වැඩ වලට වැඩිපුරම ජනතාව ඇබ්බැහි කරන්නේ රූපවාහිනී සහ ගුවන්විදුලි වගේ ප්‍රචාරණ මාධ්‍යයන් ය. ඒවට අහුවෙන්නේද බහුතරයක් ගැහැණු පාර්ශවය ය.   

උන් දැන් කරන්නේ "අපි කලිං වතාවෙ කිව්ව දේවලුත් මෙහෙම වුණා, අපි මෙහෙම කිව්ව, ඒක මෙහෙම වුණා. ඉතිං මේ වතාවෙත් එහෙම තමයි. අපි ගෙන්නන කෙනාට මෙහෙම පට්ටමක් තියෙනව. එයාගෙ හරි ලොකුයි. එයාව ලෝකෙම පිළිගන්නව, එයාට මෙහෙම එකක් තියෙනව, එයාට මේ මේ දේවල් කියන්න පුලුවන්, එයා සද්ද නැතුව වැඩේ කරනව" අරවද මේවද රටේ නැති පච කෑලි එකතු කර වරු ගණන් කියවන එකය. ඔය පච සෙට් එකට සවන්දෙන්න ජනවාරි පළවෙනිද අහවල් වෙලාවට අහවල් එක ඉස්සරහ වාඩි වෙලා මෙව්ව කරං ඉන්නලූ ය. උං ඒක ලස්සනට කියනවාලූ ය.
(මෙය හුදෙක් මාධ්‍ය ආයතන සඳහා බැන වැදීමක් නොවේ)

සමහරු තර්ටි ෆස්ට් නයිට් සෙට් වෙනවාලූ ය. ඒ ගැන කිසිසේත් වචනයක් ද නොලියමි. ඒ වගේ අය බ්ලොග් අවකාශයේද නැතුවාම නොවේ. ඔය වියදම් කරන සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට ජීවිතේ ගැටගහගන්න මොනයම්හෝ උපකාරයක් කලානම් ඒ වැඩෙන් දෙපාර්ශවයක් සතුටින් 2014 ආරම්භ කරනවා ඇත. නැතිනම් වෙන්නේ මාරුවෙන් මාරුවට දෙහි ගෙඩි අතුල්ලා ගැනීමට ය. 

ඒ අතරෙනුත් කිහිපදෙනෙක් වෙනස් වෙන්න උත්සහ කරනවා ඇත. ඒ 2014 ඇරඹීමට ය.  එයද තමාගේ සුභසිද්ධිය උදෙසා යහපත් වෑයමකි. වෙනස් වන අයගේද මා දකින කාණ්ඩ දෙකකි. ඒ වෙනස් විය යුතු කෙනා සහ  වෙනස වෙනසක් වන කෙනා ය. 

ඉන් වෙනස් විය යුතු පුද්ගලයා ගෙවුනු වසරේ තම අතපසුවීම්, වැරදි හඳුනාගනිමින්, ඒවා නිවැරදි කරගනිමින් වෙනස් වූ සිතකින් නව වසට මුලපුරයි.  වෙනස වෙනසක් ලෙසම සලකන්නා වෙනස්වූවා යැයි සිතමින් තම සිත මුලා කරයි. මුලා වන්නේ තමන්ම ය.
 ***********************************************************

එකී මෙකී නොකී කුප්ප සීන් වැලකි. ඔය කිව්වේ මට හිතෙණ විදිහටය. තම තමන්ට හිතෙණ ආකාරය වෙනස් වන්නට පුළුවන් ය. ලෝක ස්වභාවය ය.



දැන් සුභපැතීමට වේලාව ය....

බ්ලොග් අවකාශීය ලියන, කියවන සියළු දෙනාට,
 
 

LOL වන සුභ නව වසරක් වේවා...!!!

සියළු සිතුම් පැතුම් ඉටුවී මිස පස්ස නොබැලේවා...!!!

 

 
එහෙනම් අපි ගියා ය. කාට කාටත් ඉහත කී ලෙසටම වේවා ය. තනිකඩ මටත් බොටත් ලබන අවුරුද්දෙදිවත් සුයිටි සූකිරි කෙලි පොඩ්ඩක් මෙව්ව වේවා...!!!  පෝස්ටු වැඩි වැඩියෙන්ම ලියැවේවා...!!!



18 comments:

  1. ධනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියී... ධාරාටත් :D

      Delete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා.......!!!!

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයාටත්

      Delete
  4. ආ කතාව නම් ඇත්ත. අඟහරු ලෝකෙනුත් අපල තියෙනවා කියන්නේ කට්ටියකට.. අනේ නිකා ඉන්නලා. අපෙන් ඇති අපලයක් නෑ.. එහෙනම් සුභ අලුත් මෙව්වා එකක් කිව්වා!

    ReplyDelete
    Replies
    1. මං දන්නැද්ද, උඹේ හැටි... LOL

      Delete
  5. ලංකාවේ අපිට නම් කෝමත් ලොල්ම තමයි බං..

    උබටත් එසේම වේවා..

    ReplyDelete
    Replies
    1. ලොල් නැති මිනිස්සුත් ඉන්නව බං.
      (y)

      Delete
  6. එකෙන්ම එහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  7. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  8. සියලු සිතුම් පැතුම් ඉෂ්ඨවෙන නව වසරක් වේවා...

    ReplyDelete
  9. ධනාටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

කන පලාගන්නතුව comment කරපල්ල...