Monday, March 3, 2014

පරාටා අතීත මතක | Paraataa Memories


Related Posts Plugin for WordPress, Blogger...වදාවත් නැතුව ධනාට අද කෑමක් ගැන ලියන්නට සිතිලා ය. ධනා කෑමක් ගැන ලිව්වානම් ඒ ලිව්වේ පරණ බොගේ ය. කෑම ජාති ගැන, කෑම වලට වග කියන ආකාරය ගැන මේ ලියන්නේ මංගල පෝස්ටුව ය.

ධනාගේ මතකයේ හැටිය ඌට ඔය පරාටා කියන නම දැනගන්නට ලැබුණේ ඉස්කෝලේ 6වසරත් ඉවර වුනාට පසුව ය. පොඩිකාලේ ධනා ගෙදර කෑම මිස ඔය එක එක කඩවල් වල කෑම දිහා හැරිලාවත් නොබලපු එකෙකි. අඩුම තරමේ වෙන ගෙදරකින්වත් කෑම කන්නේ කරන්නම දෙයක් නැතිම තැන ය.  ඔහොම ඉඳලා දවසක් එක්තරා සහෝදරයෙක් සමඟ රත්නපුරයේදී තම්බි හෝටලයකට ගොඩ වී වේටරයා ඇමතුවෙමු.  මූ දැන් හිටගෙන මෙනු  එක කියවන්නේ ය. මං ධනා දෙන දෙයක් කන්න ගිය එකා නිසා කෑම ඇනවුම් කලේ ඔය කිව්ව සහෝදරයා ය. වෙන කල්පනාවක හිටපු ධනාට වේටරයා කියපු කෑම ගොඩෙන් එකක් ලොවෙත් මීටර් වුණේ ය. වේටරයා යන තෙක් සිට මං ධනා අරූගේ කනට කර මෙසේ ඇසුවෙමි.

"මේ මොනාද පටාර කියන්නෙ?"

"පටාර නෙවෙයි පරාටා. ගෙනාවම බලාගන්නව"

විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි ය. කරුමෙටම මට ඔය අකුරු දෙක අවුරුදු ගානක් යනකන්ම මාරු වුණේ ය. මූ දැන් පරාටා ගෙනාවේ ය. මං පොඩිඑකාට දැන් හෙනම කොයිල් ය. වේටරයා පරාටා මේසෙන් ගෙනත් තබා ගියා ගියාම ය. ආවේ විනාඩි දහයකට විතර පසුව ය. ඒ හැලෙන්න ඔන්නමෙන්න තිබුණ මස් හොදි සහ ඇට හොයන්න පීනන්න වෙන පරිප්පු  හොදි දීසි දෙකකුත් පිඟන් දෙකකුත් උස්සාගෙනය. තවද කාල ඉවරවෙලා බොන්න කියා "මැරෙන්ඩ දෙන්නද මාතියා"  කියා මූ අපෙන් ඇසුවේය. අපි කාටවත්ම ඒකනම් තේරුම්ගන්න බැරි විය. මොකක්ද යැයි ප්‍රශ්න කලෙමු.

"මැරෙන්ඩ තියෙනව   කොකාකෝල ස්ප්‍රයිට්, මොනවද ඕන මාත්තය?"

වැඩේ මීටර් වුණේ එතකොටය. මූ කියා ඇත්තේ මිරින්ඩා තියෙනවා කියා ය. තව පොඩ්ඩෙන් පරාටත් කා මැරෙන්නම බොන්නත් වෙන්නේ ය. පරාටා යනු මොනවාද, පරාටා කන්නේ කෙසේද, කන්නට ලබා දෙන්නේ මොනවාද යන්න ධනා ඉගෙනගත්තේ එතැනින් ය. පරාටා සාදන්නේ පාන් පිටි වලින් බව දැනගත්තද සාදනා ආකරයක් ගැන දැනුමක් නොතිබිණි.   

දැන් ධනා වැඩිපුර ගෙදරින් පිට ඉන්න එකා ය. හුඟක් වෙලාවට බෝඩිංවාසී කොළුගැටයා ය. දැන් ගෙදර කෑම මිස් වෙන්නේ ය. හොටේල් වලට ආවඩන්නේ ය. ඒ කෑම කාලාම දැන් ගෙදර කෑම අප්‍රිය ය. බෝඩිමේ කෑම පිළිඹඳ කතා නොකිරීම මානසික සුවතාවය සඳහා ය. අපි බොහෝ දවස් වලට  හවසට  බඩගින්නේ වටවන්දනාවේ යන්නෙමු ය. පරණ ගාළු පාරෙ ෆස්නි නානගෙ කඩේ, SLIIT එක ලඟ අඹ සෙවන, ඇල පාර තඩියගෙ කඩේ, ඉසදීන් වල ක්වික් පැක් එක, පී අන්ඩ් එස් ඔය වන්දනාමාන ස්ථාන ය. දවසකට එකක් ලෙස එකින් එකට අපි වන්දනා කරන්නෙමු. 

මේ පෝස්ටුවටනම් ගැලපෙන එකම තැනක්වත් ඉහත කියවුනේ නැත ය. පරාටා වලටනම් ධනාට ඉතින්  බතූතා පාරේ ඉස්කෝලෙ ඉස්සරහ තියෙන තම්බි කඩේ තරම් සෙට් වුන තැනක් නැත ය. එතන උදේ ඉඳන්ම පරාටා හදන්නේ ය. හවස හත පහු වුනත් පරාටා තියෙන්නේ ය. පරාටාවක් රුපියල් දහය ය. ඕක කන්න සිරාම හොදි එකකුත් චිලී පේස්ට් ටිකකුත් පිඟානකට දා දෙන්නේ ය. මදි වගේනම් තව බෙදාගන්නට පුළුවන් ය. තව අර චූටි කෝප්ප වලට ප්ලේන්ටි ද දෙන්නේ ය. ධනානං ඕවා බොන්නේ නැත ය. කෝක් එකකුත් මතක ඇතුවම ඉල්ලාගන්නේ ය.

කඩේ වේටරයාත් අයිතිකාරයාම ය. තරමක් වයස අංකලයෙකි. කඩේට තනියෙම එකෙක් ආවොත් අර හොදි පිඟානත් එක්ක ඉස්සෙල්ලාම පරාටා 5ක් මේසයට ගෙනත් තබන්නේ ය. මදි වගේනම් ඉල්ලාගන්නට පුළුවන් ය.  මමත් බැජියාත් යන දවසට එකාට පහ ගානෙ 10ක් දෙන්නේ ය. බැජියාගෙත් මගෙත් දැනට වැඩිම පරාටා රෙකෝඩ් එක 17 ය. ඒ ධනා 9කුත් බැජී 8කුත් ලෙස  ය :P

මේවෙනකන්ම පරාටා හදන විදිහ කියා දැනගෙන සිටියේ අර තෙල් නාවලා ගන්න පිටි ගුලිය  යකඩ තහඩුව උඩ තියල හොඳට අතෙන් තලල දිගෑරෙන්න අත් දෙක මාරු කර කර කරකවන එක ය. 


දැන් ඊට වඩා දෙයක් ධනා දන්නේ ය. කොටින්ම පරාටය රස නහර පිනා යන්නට හැකිවන ලෙස සෑදීමේ දිව්‍යමය සංගටකය කුමක්ද එය මුල සිට ආහාර ජීරන පද්ධතිය ඔස්සේ විත්  පරාටාවේ තැනුම් ඒකකය වන පාන්පිටි අතරට එකතුවන්නේ කෙසේද යන්නත් ධනා සොයා ගත්තේ ය.  රත්වූ යකඩ තැටියේ සිට පිඟානයෙන් මේසය දක්වාත්, මේසයෙන් මුඛයටත්, මුඛයෙන් නැවත් ආහාර ජීරණ පද්ධතියට එක්වන මෙම සංඟටක දෙවරක් පුද්ගල කාවන්ගේ මිනිස් සිරුර අභ්‍යන්තරය නම් ඇඩ්වෙන්චර් අත්දැකීම ලබා ගන්නට වාසනාව ලබා ගන්නේ ය. ඒ පාන්පිටි වලින් වැඩ කෝටියක් දාන මේ කෑම හදන එකා නිසා ය ^_^

පරාටා රසවිඳ ඇති, රසවිදීමට බලාපොරොත්තුවෙන් සිටින කව්රු කව්රුත් මේ වීඩියෝව බැලීම ගෝචර ය. 



ප.ලි :- 
  • ඔක්කාරය, වමනේ යෑම වැනි රෝග ලක්ෂණ සඳහා වග කියනු නොලැබේ...
  • වැසිකිළි යාමේ අපහසුතාවෙන් පෙලෙනවුන් සඳහාද මෙම වීඩියෝව නිර්දේශ කරමි.

22 comments:

  1. මාත් පටාරා.. නෑ නෑ පරාට කමි. මගෙ ගාණ උපරිම පහයි. සාමාන්‍යයෙන් හතරයි.

    ආතල් පරාටා කතාවක්.

    ReplyDelete
    Replies
    1. ගාන වැඩි වුන දවස් හෙම නැතුව ඇති :D

      Delete
  2. පරාට කාල මේ ළගදි දවස් එක හමාරක් වමනෙයි බඩේ අමාරුවයි තිබුණ.. ආයෙ නිකං දුන්නත් එපා

    ReplyDelete
    Replies
    1. වෙන මොකුත් වුනේ නෑනෙ :3

      Delete
  3. කන්නම දෙයක් සෙට් නොවුනොත් පටාරා කමි. එහෙම කැවත් කිවා වගේ ස්ප්‍රයිට් එකක් කොකාකොලා එකක් ඔනාමය. දැන් එකට තහනමක් වැටි ඇති බැවින් පරාටා කැම අඩු වෙලාය. විඩියොව බැලුවේ නැත. මොකටද ඔක බලලා හදිසියේ කන්න තියන කැමක් කන්න බැරි තැන්ට දා ගන්නේ

    ReplyDelete
    Replies
    1. තහනම්? ඇයි බැන්දද?

      Delete
    2. අපොයි බැන්දහම එහෙමත් වෙනවද?

      Delete
  4. මාත් පරාටනං කනව බොල.
    ලංකාවෙ සමහර කඩවල තත්වෙ හැටියට ඔය වීඩියෝ එකේ තියෙන පොට් එක හොඳ වැඩියි.

    ඔය මැරෙන්ඩ කියන එක අපිත් හතේ අටේ ඉන්නකොට කියපු වචනයක්.

    ReplyDelete
  5. මේ අද දවසට කියවන තුන් වෙනි කෑම පොස්ට් එක ;) මං ආසම කෑමක්. හැබැයි ඕව්වා සයිවර් කඩවල හදන හැටි දැක්කම නම්......

    ReplyDelete
    Replies
    1. ගුද මාර්ගෙ බුරු බුරු ගානව :3

      Delete
  6. මාතියා මැරෙන්ඩ දෙන්නද?

    ReplyDelete
    Replies
    1. නිකං දුන්නත් එපා වගේ

      Delete
  7. බඩගින්නේ හැටියට මගේ නම් පරාටා වල ගාන වෙනස් වෙනවා.. මටත් මේක බලද්දී මරු කතාවක් මතක් වුනා.. ආදල එකාගේ අවසරේ ලැබුනොත් ලියන්න ඕන බලන්න..

    ReplyDelete
  8. පරාට වලට බිත්තර රොටියකුත් සෙට් වුනාම නේද බං ගතිය තියෙන්නෙ..

    ReplyDelete
  9. ආයි පරාටා කන්න බැරි වෙයි කියා මාත් වීඩියෝ එක බැලුවේ නැතය.!! :3

    ReplyDelete
  10. පරාට කාල බඩගිහිල්ල මැරිලද බොල මේක ලියන්නෙ නැත්තෙ. :D

    ReplyDelete

කන පලාගන්නතුව comment කරපල්ල...