Thursday, April 24, 2014

ගම්සවාරි පළමු කොටස... | A Picnic Arround Ratnapura

ළුත් අවුරුද්ද කියන එකත් ඉවර ය. එක අතකින් බලනකොට ඒකත් නිකන්ම නිකන් දවසක් පමණ ය.  එහෙමයි කියලා බොග් ලියන කියවන අයට පෝස්ටුවකින් සුභ පතන්නවත් ධනාට මතක් වුනේනම් නැත. බෝඩිමේ ඉඳන් ගෙදර ආවේ 12 වෙනිදා මහ රෑ මැද ය. ඒ ඇවිත් පැය 5ක් නිදාගන්නට වුණේ නැත
. ගෙදර අය  ගමේ යන්න සූදානම් වෙන්නේ ය.  දැනට අවුරුදු 5කට විතර කලින් ඉඳන් අළුත් අවුරුද්දට අපි ගමේ යන්නේ ය. නැතහොත් උන් අපේ ගෙදර එන්නේ ය. උන් කියන්නේ නෑදෑ පරපුර ය. ගම කියන්නේ රත්නපුර ය. ධනාගේ අම්මාගේත් තාත්තාගේත් ගම ය.

යනකොට ගියේ හවුපේ වතු යාය මැදින් ය. ඒවා තේ වතු නොවේ ය. තේ කඳු ය. පාර දෙපස පරිසරය ලෙසටම තියෙන්නේ ය. හැබැයි වංගු වැඩි ය. කොහොමින් කොහොමහරි ධනාගේ අම්මගේ මහගෙදරට සැපත් වුනෙමු. දයාබර සුදු පුංචිය අපි යනකොට ගෙවල් මිදුල් අස්පස් කරනවා ය. එතනින් එහාට වල් පල් වැඩක් නැත. චාරිත්‍ර කරන විදිහ කව්රුත් දන්නේ ය.  

ධනාගේ අම්මා බරටම නිවාඩුද ගෙන රවුමක් දාන්නම සිතාගෙන ඉඳලා ය. කාට කාටත් අළුත් අවුරුද්ද කියා ගෙදරට වී නිදාගැනීමට සිත නොදෙන්නේ ය. අවුරුදු දිනයට පසුදා උදේ අපි පිටත් වුණේමු. කොහෙටද?? ඒ පුන්චි දඹදිව, බෝපත් ඇල්ල, සමන් දේවාලය ස්ථාන වැඳෑ පුදා ගැනීමට ය. බෝපත් ඇල්ලට වඳින්න දෙයක් නැත ය. 

___________________________________________________

යන්න ලෑස්තිවෙලා බලනකොට කැමරාවෙ චිප් එක ගෙදර දාල ඇවිත් ය. දැන් චිප්  සොයා ඇවිදිය යුතු ය. බලන බලන හැම තැනම කඩවල් වහලා ය. කරුමෙට වගේ එකම එක  තැනක් තිබ්බේ ය. ඒකත් මට්ට කඩයක් ය. වැඩිය සල්ලිද නැත්තේ ය. 700ක් දීල 4GB SD කාඩ් එකකුයි තව රුපියල් සීයෙ අඩප්පරේකුයි ගත්තෙමි. දෙකම චයිනීස් බඩුය.  

පුන්චි දඹදිවට කොළඹ පැත්තෙ ඉඳල එන  කෙනෙක්නම්, රත්නපුර නගරය පහුකරල ටික දුරක් යනකොට මල්වල හන්දිය හමුවන්නේ ය. එතනින් වම් පැත්තට තියෙන පාරෙන්  යන්න ඕනි. අනිත් පැත්තෙන් එන කෙනෙක්නම් බටුගෙදර විඳ්‍යාලය පහු වුණ ගමන් තියෙන හන්දියෙන් තමයි දකුණට හැරෙන්න ඕනි. ඔය හන්දියට කියන්නේ මල්වල හන්දිය කියල. ඔය පාරට නම් මල්වල පාර, රත්ගඟ පාර, සිරිපාගම පාර, රජ මාවත වගේ ඉතිහාසෙ ඉඳල එන නම් ගොඩක් තියෙන්නේ ය.  රත්නපුරේ ඕනම මනුස්සයෙක්ගෙන් රත්ගඟ පාර කියල ඇහුවම ලේසියෙන්ම දැනගන්න පුළුවන් ය. සුසාන භූමිය, Lycium පාසල හම්බවුනානම් ඔබ යන්නෙ හරි පාරේ ය. 

අපි ගියේ වෑන් එකක ය. සෙට් එකම 15ක් විතර ය. පියාත් ධනාත් ඉදිරිපස ආසන වල ය. සෙමෙට්‍රිය ලඟින් යනකොට "මේකෙ තමයි ඔයාගෙ අයියව දැම්මෙ" කියා ධනාගේ පියා ධනාට කීවේ ය. හිතේ කොතනකදෝ යටපත් වෙලා තිබුන සහෝදර ප්‍රේමය මතුපිට එන්නට විය. ලොකු ධනා ඉපදිලා දවස් තුනක්වත් ජීවත් වෙලා නැත. අඩුම තරමේ තම බාල සහෝදරයාගේ මුහුන බලාගැනීමටවත් ඔහු සිටියේ නැත. :(

මල්වල, ගිලීමලේ ගම් පසුකර අපි පුන්චි දඹදිවට ලන් වුණෙමු. පුන්චි දඹදිව කියන තැන කිසිම Iතිහාසික වටිනාකමක් නැතිලු ය. ජනපති ප්‍රේමදාස තුමාගේ කාලයේ පිහිටුවාගන්නා ලද්දක්ලු ය. ඒ කියා කිසිඳු විශේෂත්වයක් නැත්තේම නැත ය. 

කළුතර එක වගේ

යනකොටම තියෙනව

මේක වටෙත් ගියා

මේකත් පට්ට
මේකනම් දැන් නෑ

වැඩිදුර විස්තරනම් දන්නේ නැත. පුන්චි දඹදිවට යන එන පාරට ලස්සන කදූ පන්තියක් හොඳින් පෙනෙන්නේ ය. ඒ අත්රෙන් ශ්‍රීපාද කන්දත්  පෙනෙන්නේ ය. 


උඩ ඉන්නේ ධනා කියන එකා ය
උඩින් කිව්ව එක





මෙන්න බුදුන් අපි වැන්දා කියා එතනිනුත් එන්නට ආවෙමු. දැන් සමහරු නිදි ය. අපි රත්නපුර, නව නගරය පහු කරල කුරුවිට බලා ගියෙමු. ඒ බෝපත් ඇල්ලේ පහස විඳීමට ය.  කුරුවිට ටවුන් එක පහු කරල ටික දුරක් යනකොට පාරෙ දකුණු පැත්තෙන් ලොකුකුකුකුකුකුකුකුකුකු බෝඩ් එකක් තියෙන්නේ ය. ඒ බෝපත් ඇල්ලට යන පාර ය. එතනින් ඇතුලට දාපු ගමන්...

 ඉතිරි ටික පස්සේ...

 

10 comments:

  1. හොඳයි හොඳයි එහෙනං පන්සල් ගිහිල්ලම අවුරුදු සමරල තියෙන්නෙ.
    රත්ගඟ සෙනග හිටියෙ නැද්ද? පෝය දවසක එහෙම ගියොත්නං පට්ට චාටරයක් කන්න වෙනව.
    බෝපත් ඇල්ලට වඳින්නෙනං දෙකක් දාගත්තට පස්සෙ තමයි. :D

    එහෙනං ගමනේ ඉතුරු විස්තරත් ලියමුකො බලන්න.

    ReplyDelete
    Replies
    1. සෙනඟ නෑ. අවුරුදු දවස් වලනෙ :D

      Delete
  2. මම නම් මේ පැත්තේ ගිහින්ම නැද්ද මන්දා.. ඒ හන්දා විස්තරේ වටිනවා.. ඉතුරු ටිකත් දාමුකෝ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ගිහින්ම බැලූවනම් විස්තර ඕනි වෙන්නෙම නෑ

      Delete
  3. ඔය ගැන අහලා තිබ්බට ගිහිං නෑ. ගිහිං බලන්නවටින තැනක් වගේ

    ReplyDelete
    Replies
    1. එහෙමමත් න බං. මිනිස්සු යනවට යනව

      Delete
  4. ඇත්තට බලන් ගියාමපෙ රටේ ගොඩක්ම ‍තියෙන්නෙ අපි නොගිය තැන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගිය තැන් වලට වැඩිය තියෙන්නෙ අහපු තැන්. වෙල්කම් ප්‍රියා අයියා

      Delete
  5. ධනා, ඔය ගිලීමලේටත් එහා නං, අර මාපනාන ඇල්ල බලන්න නොගිහින් මොකෑ බෝපත් ඇල්ලෙ ගියෙ?

    ReplyDelete
    Replies
    1. මමනම් අහලවත් නෑ
      උං ගියා. මමත් ගියා

      Delete

කන පලාගන්නතුව comment කරපල්ල...