Monday, December 9, 2013

බ්ලොග් අවකාශයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්ව | Cyber Mega Beach Party

http://cyberfestival.blogspot.com/

මේ දෙසැම්බර් සීත සෘතුව. අපිට වැඩි සීතලක් නැති උනාට එහෙම කිව්වට ප්‍රශ්නයක් නෑ... ඒවගේම ලෝකෙ පුරා විසිරිලා ඉන්න අපේ සහෝදර සහෝදරියො ආපහු ලංකාවට එන කාලයත් මේක. ඒ අතරින් සයිබර් අවකාශයේ වෙනස්ම වැඩක් කරගෙන යන එක්තරා මිනිස් කොට්ඨාශයකටත් මේ දෙසැම්බරයෙ ජීවිතේ අමතක නොකරම බැරි දිනයක් පැමිණෙනවා ඇත.

සදාදරණීය බ්ලොග් අවකාශයීය ලියන්නන් කියවන්නන් එකම තැනකට එකම වෙලාවක එකතුවෙන දවසක් ලඟ ලඟම එනවා.  අවශ්‍ය කරන සියළුම කටයුතු මේ වෙනකොට සූදානම් වෙනවා ඇත. ගම්පහ ගෙට්ටුව, සිහින උළෙල 2013 මිස් වුණ මං වගේ අයට මේක රසබර අවස්ථාවක් වෙන එකනම් නොඅනුමානයි. ඔය කිව්ව හැම එකකටම යන සෙට් එකත් මේපාර ගල්කිස්සට එනවා ඇත. අනවර්ථ නාමිකයන්ව අන්තර්ජාලයේ සොඳුරු කතාබහ පැය ගණනකට සීමා කොට තම අදහස් උදහස් හුවමාරු කරගන්න බ්ලොග් අවකාශීය සහෘදයන්ට ආයෙමත් අවස්ථාවක් මේක. මේපාර විශේෂත්වය  මේක බීච් පාටි එකක් වෙන එක.   

කට්ටියට ඇවිත් නිකං ඉන්නත් නෑ. ආරංචිමාර්ග වල හැටියට මොනවදෝ සෙල්ලං වගයකුත් ලෑස්ති කරල තියෙනවලු ය. දිනන අයට තෑගිත් දෙනවලු ය.  වැඩකාරයො ඉන්නවනං වැඩ පෙන්නලා  තෑගි අරං ගෙදර යන්නත් මේක අවස්ථාවක්.

වටේ යෑම් අනවශ්‍යය.


දිනය       :-    2013 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

වේලාව   :-    උදෑසන 10.00 සිට සවස 04.00 දක්වා

ස්ථානය  :-    ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස්



දුර බැහැර ඉඳල එන අයට,

*ජෝ ජෝ'ස් ප්ලේස් එකට සේන්දු වෙන විදිහ මෙතනින්

* හවස 4 වෙනකොට ඉවර වෙනව කිව්වට  වෙනමම විදිහකට රාත්‍රිය පහන් කරන්නත් චාන්ස් එකක් තියෙනව. සහභාගි වෙන්නැති අයට මංවගේ 4 වෙනකොට වෙන කොහෙවත් යන්නැතුව ගෙවල් වලට යන්නත් පුළුවන්.


*තාම ලියාපදිංචි වුණේ නැත්නම්, මෙතන ක්ලික් කරන්න.

*මොනව ගේන්න අමතක කලත් රු.350ක් ගේන්න අමතක කරන්නෙපා. (ආහාරපාන, ස්ථානය සදහා වන වියදම්)

_____________________________________________________________

කව්රු කොහොම කිව්වත් දකුණෙන් මං අහේතුක ඇතුළු රෙපා, ජනා,  එනවා ඇත. ගාල්ලෙ සෙට් එකත් මාතරින් 6ට  එන කෝච්චියට සෙට් වෙයල්ලා... 


ඔබ දන්නවාද?
O_o


"හැමදාම වගේ මෙවරත් මඩ ගැසීමේ විද්‍යුත් විච්ඡේධන ක්‍රියාදාමය සිදුවන බව? " -_-


ආරස්සා වීම තමන් සතුය.

මං අහේතුකයානං ඕවට සීරුවෙන් ය. මොකද මං  එන්නෙ අර මඩෙත් මඩ උපාධි පිට හිටගෙන උපාධි ගහපු රෙපා එක්ක නිසා... ^_^ ඔය රජා කියන එකත් සත් පහකට විශ්වාසයක් නැත... මොකාගෙන් බේරුනත් උගෙන් ගැළවිල්ලක් නැත.

Cyber Mega Beach Party එකට එන ඔබ මෙය ගෙන ඒමට නොපසුබට විය යුතුමය... පහළින්,
-
-
-
-
-
-
-
-
-
-
-
-
මඩ ඇඳුමක්






 


                        එහෙනම් සෙට් වෙමු හොඳේ... (y)

10 comments:

  1. අපෝ උඹල වැඩි පුර ගාල්ල පුකවල් මාතර ලෑතරවල් තංගල්ලේ හංගොල්ලන් නේ.. මම නං එන්නෑ වෙනිය වගේම...

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ කොහේ මොකාද?

      Delete
  2. උඹල මඩත් ගහනවද බං ඕකට එන අයට. අනේ අපොයි මම නම් එන්නේ නෑ :/ මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරපන් බං

    ReplyDelete
    Replies
    1. වෙන ජාතියක් ගහන්නෙ... වරකො

      අයින් කලෝ...

      Delete
  3. නියමයි නියමයි

    ReplyDelete
  4. ඇඩෙනව තනි ඇහට... Mඅම අනිව එනවෝ

    ReplyDelete
    Replies
    1. නාඬ ඉඳිං... 21ට තව ටික දොහයි...

      Delete
  5. මඩ ගාගෙන ආවොත් මඩ වැදෙන එකක් නෑ :3

    ReplyDelete

කන පලාගන්නතුව comment කරපල්ල...