Thursday, January 16, 2014

මෙන්න එකෙක්ට ප්‍රේම පුස්පෙ විකසිත වෙලා | The Malai_Love


මේ දින ගැනීම
නවතින දිනයක් නොමැති බැව්
දැනෙන්නට ඇතිද කීවරක් ...
මේ දරඳඬු සිතට...

කම එක හීනයක් 
දෑස් හැර දකින්නට
 මේ දෙනෙත්, මේ උපැස්
වෙහෙස ගත් වාරයන්
මෙපමනක් කොපමනක් විමසීම
ධෙෙවෝපගත සරදමක්ව
දිනෙන් දින හිත පාරනා හැටි
දකිමින් නුඹ,
පිනවනවා ඇති නුඹේ දෑස් අනන්තයටම
මා එය නොදන්නා බැව්
හඟවමි සත්තකින්ම...
සදාකල් සිත් තැවුල
මිතුරෙක්ම කර ගත් බව
අහේතුකව නොව,
නුඹේ ඔය දෑසින්
මා උමතු කල බැවින්
මා උමතු වූ බැවින්
නොඹිඳෙනා බැඳුමක් තැනුණි
ආදරය නමින්...


pfpfpffpfpfpfpfpfffpfpfff...


-----------------------------------------------

නිකං ඉන්න ගමන් හැදුව :3

ප/ලි : මේවා කොල්ලා සූටි කාලෙ ලියපුවා ය. ලිව්වේත් ඔච්චරම ය. පළවෙනි සහ අවසාන එක ය.  හොඳ නරකනම් නොදනිමි. වැරදි අඩුපාඩු තිබිය හැක.  පවසනු යහපති ය. 




10 comments:

  1. දිගටම ලියපං මචෝ.. මේක එල..

    ReplyDelete
  2. උමතුව ආදරයකටද ආදරය උමතුවකටද පෙරලිය හැක.නමුත් විශේෂත්වය වන්නේ ඒ කුමන අන්දමකින් පැමිනියද ආලය අන්ධ වීමයි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  3. මල්ලෝ කිරි සුවඳ කටින් යන්ටත් කලින් පෙමි කරලා වගේ.... මොනවා වුනත් ගොඩක් ලස්සනයි හොදේ..... (y)

    ReplyDelete
  4. මේක ලස්සනයි කොල්ලෝ....
    දිගටම ලියමු කවි

    ReplyDelete

කන පලාගන්නතුව comment කරපල්ල...