ලඟදි දවසක අපේ සර් කෙනෙක් කොම්පියුටර් ලැබ් එකක් ඕපන් කරලා ය. මං ඔය මොනවත් නොදැන සිටියෙමි. සීන් එක සර් කිව්වේ ජනවාරි පලවෙනිදා ය. මොනව වුණත් ඉගෙන ගත්ත ගුරුවරයා ය. නොගිහින් ඉන්න බැරි ය. වැඩේ වෙලා තියෙන්නේ දෙසැම්බර් 31 ය. මමත් ඉතිං දවසක් දාගෙන පොඩි තෑග්ගකුත් ඔතාගෙන පතාගෙන තට්ට තනියෙම ගියෙමි. ආ ගිය තොරතුරු කතා කර ටික වෙලාවක් සිටියෙමි.
බී........ප් බී......ප් බී......ප්
ෆෝන් එක දඟලනවා කකුලට දැනේ.
කෝල් එකකි, නාදුනන අංකයකි. ඕන යටිබඩකට කියා ආන්ස්වර් කලෙමි.
මං - හෙලොව්,
එහෙං - හෙලෝ බබා, මම ☺
ලෝඩ් පකීර් ය. පකිං ඕසම් ය. යන්නේ බබා හම්බෙන්නට ය. මතක ඇති කාලෙක් ඉඳං බබා කිව්වේ මව් තුමිය පමණි. ඒකත් දැන් නැති ය. මං දැං ලොකු කොල්ලෙක්ලූ ය. දැං ඉතිං මට බබා කිව්වොත් අනිව ඒ අහවල් කෙනා ය. කයිවාරුව පැත්තක තබා එළියට ආවෙමි.
මං - කාගෙද යකෝ මේ නම්බර් එක?? මං දන්නැති නම්බර් වලින් ඩයල් කරල බබා බබා ගාන්නෙපා තවපොඩ්ඩෙන් එතනම.
එහෙං - හරි ඉතිං ආදරේටනේ....
මං - ඉතිං ඇයි මේ කතාකලේ??
එහෙං - කතා කලේ? ආ දැං ඔයාට මම කතාකරන එකත් වදයක් ද? හරි හරි මම මෙහෙමවත් කතානොකර ඉන්නම්කො. ඉන්නවනෙ රට වටේටම කෙල්ලො. දැන් එයිනෙ එයාලගෙන් කෝල්ස්, ඒකනෙ මට කතාකරන්නෙ එපා කියන්නෙ. මට වැඩිය හොඳ ලස්සන අය ඇතිනෙ. මං ගොඩේ කෙල්ලනෙ. කතාකරගන්නව එහෙනම් එයාලත් එක්ක. දැන් බලාගෙන ඇති. ගන්න ගන්න ඉක්මනට එහෙනෙම්. මම තියන්නම්. හැබැයි රජෝ මේ මාසෙ ෆෝන් බිල් ආවම මමනම් හැරිලවත් බලන්නෑ හරිද...
මං - අනේ මේ...
බණ අවසානයේ ෆෝන් එක තියලා ය. ධනාට ඇත්තේ සාදු සාදු කීම පමණි. එක මාසෙක ෆෝන් බිලක් ශේප් කලා කියා ධනාට හෙන ලොකු සීන් බැලීමට සිදු වී ඇත ය. ඇතුලට යෑමට දොරට අත තබනවාත් සමඟම නැවතත් ඇමතුමකි. බැළුවෙමි. අහවල් කෙනාම ය.
මං - ඇයි?
එහෙං - ඇයි මාව මෙහෙම තරහගස්සවන්නෙ?
මං - තරහගස්සවන්නෙ? වෙන ගස්සවන්න දෙයක් නැති හින්ද.
--ධනා වැඩිපුරම කරන්නේ කෝල් කරාම බයිට් එකට ගන්න එක ය--
එහෙං - මොකක්? යනව යන්න මං තරහයි. මෝඩය මෝඩය මෝඩය.
මං - මෝඩි ☻
එහෙං - අනේ අහන්නකො බබා...
මං - අහන්න කියන්නකො බබා...
එහෙං - කොහෙද ඉන්නෙ කියන්න.
මං -කිව්වට ඔයා දන්නෑ.
එහෙං - ආ එහෙම තැනුත් තියෙනවද දැන්?? එහෙනම් මම කියන්න යනදේ කියන්න ඕනි නෑ මං හිතන්නෙ.
මං - ඔය ඉතිං...
එහෙං - හරි හරි. බබා දැන් වැඩකද?
මං - වැඩකමත් නෙවෙයි ඇයි?
එහෙං - මම ඔයාව දැක්කෙවත් නෑනෙ දන් සතියකින් විතර.
මං - ඒක මගේ වැරැද්දක්ද? කෝ මං හැමදාම කියනව. අහනවද? ගෙදරින් එළියට බහින්නෑ. ක්ලාස් යනව. ගෙදර යනව. එච්චරයිනෙ. මං වේලෙනව.
එහෙං -ඉතිං ඒක තමයි මේ කියන්න හදන්නෙ... පොඩ්ඩක් අහන්නකො බබා.
මං -හරි හරි දැන්වත් කියන්න.
එහෙං - අද ගෙදර කව්රුත් නෑ.
මං - ඈ? ☻☻☻
සීන් එක අහපු ගමන් උන්හිටි තැන් අමතකය. තත්පර් දෙකක් තුනක් විතර උඩ හිටියා වගේ දැනුණි. හනෙ අම්බේ... මේකනම් හෙනම චෑන්ස් පොල්ලය. ෆෝන් කෑල්ල හැපීමට සිතිණි. ෆෝන් එකෙන් ඔළුව දැමීමට බැරිකම ය. නැත්නම් වෙන සීන් ලොවෙත් නැත ය.
එහෙං - අද, ගෙදර, කව්රුත්, නෑ...
මං -හරි හරි ඇහුන ඕයි ඇහුන. ඇයි පරම්පරාව කොහෙ ගිහින්ද? අර ජපන්ජබරයත් ගියාද?
එහෙං -මොකක්? මොන ජබරය??
මං -ජපන් ජපන්. අර පොඩි එකා. ලඟදි අර කාල තිබුණෙ නිල් වෙලා ඇදේ ඉන්නම. අපි තමයි එතකොට මුඩ්ලියර් ල.
එහෙං - ආ... මල්ලි. ඒ වදකයත් ගියා.
මං - හම්මේ ලොකු දෙයක්. මං දැන්මම එනව. ඔහොමම ඉන්න. මම දැන් ටවුන් එකේ ඉන්නෙ. වැඩි වෙලාවක් යන්නෑ හොඳද බබා.
එහෙං - හෝ..ව් හෝ..ව් පොඩ්ඩක් ඉන්නව. කව්ද දැන් එන්න කිව්වෙ ආ? හොරා.
මං - ආ ඒකත් එහෙමද? ඒක ඉතිං කියන්න දෙයක් නෑනෙ බබා. නොකිය කියන්නෙ එන්න කියලනෙ. දැක්කෙ නැල්ලු අරකලු මේක ලු.
එහෙං - කපටිය කපටිය කපටිය. තමන්ට වාසි වෙන්නමයි කතාව. හා හා එන්නකො. මං අල්ලගන්නම් කොල්ලව ආවම.
මං - මේ... මොනාද ඕනි??
එහෙං -ඔයා කැමති දෙයක්.
මං - හ්ම්ම් හ්ම්ම්... ඉන්න මම දැන්ම එනව.
එහෙං -හරි බබා. පරිස්සමෙන් එන්න. බුදු සරණයි.
(උම්ම දෙන සීන් අනවශ්‍යය)
සර්ට ඕන කුදයක් ඕක අස්සට වෙලා ගහගන්න කියා වැඳ නමස්කාර කර ශිං ශිං ගා ෆුඩ් සිටියට දිව්වෙමි. මේ වගේ වැඩ වලට කාගේ හෝ ආශිර්වාදය අවශ්‍යම ය. මොකද මොන කරුමෙටහරි වැඩේ ගැස්සුනොත් ගෙදරින් දොට්ට ය. ඔය තියෙන අනං මනං කෑලි ටිකක් ඉක්මනට ගත්තෙමි. තෝර තෝරා ඉන්න බැරිය. වෙලාව ගත වෙනවා ය.
"කාලය රන් හා සමාන ය"
එතනින්ම අඳුරන කියන ටුක් ටුක් අයිය කෙනෙක්ට කතා කර යන ගමන් මෑන්ට සීන් එක කීවෙමි. පොරටත් හිනා ය. පොරත් ඒ වගේ වැඩ වලට බොක්කෙන්ම සප් එක ය. අපි ගෙදර ලඟය. ගෙදර පසු කර ටුක් එක නවත්වා කෝල් එකක් ගත්තෙමි.
මං - බබා මං දැන් ලඟ. ඔයා ගෙදර නේද?
එහෙං - අනේ පිස්ස, ඉතිං එන්නකො ඉක්මනට.
මං - වෙන කව්රුත් දකින්නැති වෙයි නෙහ්?
එහෙං - ඔයා පයින් එන්න උඩට. එතකොට හරි.
පාරෙන් මදක් උඩට වෙන්නට නිවස පිහිටා ඇත. ටුක් එකට ගෙවා ඌට යන්න කියා මං පයින් ගෙදරට ගියෙමි. බඩු දොර ලඟ ය. කට වහගෙන හිනා වෙනවා ය. කකුල් දෙකත් නිකං මොකක්ද වෙනවා වගේ ය. මමත් නිකං මලු කෑලි උස්සගෙන අනුන්ගෙ ගෙවල් පල්ලෙ රිංගන්නේ ය. වෙන වැඩ නැතුව ය. විලි හැත්තෑව ය. සීන් එක දන්නවානම් මට ගහන්නේ ගස් බැදලා ය.
"ආ... ආවමයි නේද මගෙ වස්තුව" මා එනතුරු නොසිට ඇය ටිකක් දුරට විත් මාගේ සුරතේ එල්ලී උරහිසට ඇගේ හිස තබමින් පැවසුවා ය.
"ඔයානෙ එන්න කිව්වෙ. ඉතිං මං ආව" මට දැන් නිකං හෙනම වෙනසක් දැනෙනවා ය. මීට කලින් මෙහෙම ගෙවල් වලට පැන්නේද නැත. ඒ වගේද, මා මින් පෙර කිසි දිනෙක ඇයගේ මෙවන් සුරතල් ක්‍රියා අත්විද නොමැත. ගෙනාපු බෑග් එකත් අතේ නැත. හත්වලාම ය. ඒකි ගානට ඒකට ගේම දීලා ය.
"මං මේක ෆ්‍රිජ් එකට දාල එන්නම්, බබා වාඩිවෙන්න" මං එතනම චකබ්ලාස්ට් ය. සාලෙ තිබුණ දේවල් බලලාම බෙල්ලේ බෝල බෙයාරින් ද, ඇහේ පොටද සවුත්තු විය. තැන්දම්මාත් නැන්දතාත්තාත් ෆොටෝ කෑලි අතර විය. උන් දෙන්නා මං දිහා බලං ඉන්නේ නිකං කන්නට මෙන් ය.
උන් දෙන්නා - තොට අපේ දුව දෙන්නෑ. පාදඩයා
මං - අනේ තියාගනිං තොගෙ දුව. මහලොකු දුව. මගේනම් බල්ලටවත් එපා.
උන් දෙන්නා - දෙන්නෑ තමයි යකෝ. තොට කව්ද කිව්වෙ ගෙදරට එන්න කියලවත් ඈ??
මං - කිව්වෙ? කිව්වෙ තොගෙ දුව තමයි. අඩෝ තට්ටය තෝ හිතං ඉන්නෙ උඹේ දුව හෙන කෑල්ල කියලද? බලපං හැටි. පොඩ්ඩක් කන්න දීල හදල ගනිං. ඇරගෙන පාරෙ යනෙ බල්ලෙක්ගෙ කරේ ගහපං. රෙද්ද.
මගේ හිතේ චිත්තරූප මැවිණි. මට හිතෙන දේවල් වලට මටම හිනා ය. එක පාරටම ඉඳගෙන හිටපු එක දෝං ගා සෙලවිණි. එහෙම්මම මොකක්දෝ එකක් උකුලට කඩා පාත් විණි. කෙල්ල දැන් මගේ උකුල මත් ඔළුව තබාගෙන ය. මං එහෙම්මම නැගිට්ටානං එතන හෙනම සීන් එක ය. මං හිතාගෙන හිටපු සීන් එක ඒකි කලා ය. දැ ඉතිං මට පුටු සැපම ය.
ඇය ඇඳගෙන සිටියේ සුදු පාට දනිස් දෙක තෙක් හෙන දිග කලිසමක් ය. පැලෙන්න ඔන්න මෙන්න ය. කහ පාට ටී ශර්ට් එකක් ද ඇඳගෙන සිටියා ය. ඇය මගේ වම් අත ගෙන තුරුලු කරගත්තා ය. ඊය, කක්ක පැත්ත හෝදන එක. දැන් උඹලාට සිතිලා ය. මම දකුණතින් ඇගේ හිස පිරිපැද්දෙමි. ඔහොම ඉන්න ගමන් කෙස් ගස් එකක් දෙකක් ගැලවෙන්නම ඇද්දෙමි.
"ඌ....යි. මෝඩය. මට රිද්දන්නද ආවෙ තමුසෙ" මගේ අත ගසා දමා ඇය දෑත් බැඳගත්තාය. එතනත් හෙනම සීන් එක ය. මට දැන් කොහේ බලන්නද කියා සිතාගත නොහැකිව ය. දෙලොව රත් වෙලා ය. කොයිල් ය. ඒ මදිවට අරෙහෙන් මෙහෙන් ඉස්සිච්ච ඒවද නිකං තියෙන්නේ නැත. දික්වෙන්නේය. ඉස්සෙන්නේ ය. ඒ මදිවට මොනවාදෝ එන්නේ ය. කියන්ට සතුටු ය. ජොකාද තෙත් වෙලා ය.
මට දැන් කෙල්ලව එතනින් නැගිට්ටවගන්නද ඕනි ය.
"මට ඔයාගෙ රූම් එක බලන්න ඕනි"
"හ්හ්ම්ම්... ඒකත් එහෙමද? එහෙනම් එන්න, යමු ඇතුලට. කව්රුහරි වෙන කෙනෙක් ආවොත් හරිනෑනෙ බබා" කියා ඇය දොර වසා විත් මගේ දකුණතින් ඇදගෙන කාමරය වෙත ගියා ය. කාමරයේද දොර වැසුවා ය.
"ඇයි දැන් මගෙ රූම් එක බලන්න ඕනි කිව්වෙ"
"ඇයි ඉතින් හැම වෙලාවෙම කියන්නෙ මගෙ රූම් එක මෙහෙමයි, අද අළුත් එකක් ගෙනාව. පේන්ට් කලා කියලනෙ. ඕව ඇත්තද දන්නෙත් නෑනෙ" කියමින් මා ඇදේ හිඳගෙන සිටි ඇගේ උකුලෙන් හිස තබාගෙන ඇදේහි වැතිරුනෙමි.
මඳ වෙලාවක් යන තෙක් මොනවාදෝ විකාර කතා කලෙමු. ඇය මා ඉදිරියේ ළදරුවෙකු සේ සුරතල් වෙයි. විටෙක බොලද බස් පවසයි. ඇය මේ තරම් මා හා රැදෙන්නේ කුමන හේතුවක් නිසාදැයි මට ගැටළුවක් විණි. ඇගේ මනරම් සිරුරෙන් වැහැරෙන ඒ සුවද මා අත්විදින්නේ බොහෝ කලකට පසුව ය. මා ඒ සුවඳට ඇයට මෙන් ආදරය කරමි. ඔව් ඇය මට හදවතින්ම ආදරය කරන්නීය. ඇගේ වුළු ලෝකයම මම වී අවසන් ය. මින් පෙර ඇය එය පවසා තිබුණද එය සිතට තදින්ම දැනුණේ අද ය. ඇයට මා හොඳින්ම විශ්වාස ය. මා එය විශ්වාස කරමි. මට ඒ ඇති ය.
කල්පනා ලොව මල් වනේකට සිත මා රැගෙන ගොස් ය.
"බබා... බබා... " ඇය මා අමතන්නී ය. පියවි ලෝකයට මා ආවේ එවිට ය.
"මම දැන් මොනවද කිව්වෙ?"
"මං දන්නෙ කොහොමද?"
"මොන ලෝකෙද මනුස්සයො හිටියෙ?"
"ම්ම්ම්ම්... ඔයාගෙ ලෝකෙ" ඉන් ඇගේ සිත කීරි ගැසෙන්නට ඇති ය. ඇගේ මුහුණේ ආදරය තවතවත් වෑහෙන්නට විය. ඇය නිශ්ෂබ්ධය. මා තවමත් ඇගේ උකුල මත ය.
"මං ඔයාට ආදරෙයි..." පවසාගත් නොහැකි උතුරායන හැඟීමකින් පවසමින් මම මාගේ දෑත් ඇගේ ඒ සුකුමළ බඳ වටා යමවින් ඇය දෙසට හැරී ඇය තදින් වැලඳගත්තෙමි. දැන් මා දෑස් විවර කල විට දිස් වන්නේ තනිකරම කහ වන් වූ දර්ෂනයකි. එහි මධ්‍යයෙන් මඳක් ඇතුලට ගොස් ය.
සීන් එක එන්න එන්නම සීරියස් වෙනව නෙහ්?? ඔබ සිතුවා නිවැරදිය. ඔව් ඒ ටී ෂර්ට් එකට වැසුණු ඇගේ බුලිය ය.
ඇයත් මමත් මඳ වේලාවක් නිශ්ෂබ්ධය. මා ඇගේ වත දෙස හැරී මැලීමි. ගිනි විජ්ජුම්බරය ය. මෙන්න මේකි අඬනවා ය. දාන්න ඕනි වචන ඔක්කොම දැම්මෙමි. මමත් ඇයත් දැන් ඇදේ හිඳගෙනය.
ඇය දිගින් දිගටම හඬන්නීය. හින්දි පිලුං වල වගේ මා ඇය තුරුළුකරගත්තෙමි. "ඔයා ඇයි මට මෙචචරටම ආදරේ කරන්නේ...... බ්ලා බ්ලා බ්ලා"
හලේ මලල් ලැං ඇලෙල්ල වගේ ඕයි.
ඇගේ මුහුනෙහි සිනහවක් දැකීමට මට අවශ්‍යය විණි.
"කොහොමද දැං සැන්ඩො ආවොත්??"
තුරුල් කරං හිටපු එකී දැන් නැත. යකින්නිය වගේ කියවනව ය.
"බබා ඔයාට මම එදත් කිව්ව මගේ තාත්තට මොනවත් කියන්නෙපා කියල. විශේෂයෙන්ම ඔය නම. මම මේ මොන හොර වැඩේ කලත් මගේ තාත්තට මම ආදරෙයි. ඔයාට ඒක හැම වෙලාවෙම විහිළුවක්. මගේ තාත්ත සැර නෑ ඔයාලගෙ තාත්ත වගේ හරිද"
මටත් මල පිපුණේය. ඇයි යකෝ මේ ගෑනුංගෙන් බැනුම් අහන්නෙ.
"ආ දැන් ඔයාගෙ තාත්ත සැර නෑ. හතර පෝයට සිල් ගන්නව. බබා. අනී... සැන්ඩො බබා... හරහට වඩාගන්න හිතෙනව"
"දැන්වත් නවත්තගන්න ඔය කියවිල්ල. කට තිබ්බ පලියට කියවන්නෙපා බබා හරිද?"
"කට තිබ්බ පළියට? හහ්, මේක මගේ කට මට ඕනි දේ මම කියන්නෙ. කාටවත් බෑ මේ කටට ඉබ්බො දාන්න"
"ආ ඒකත් එහෙමද, ඔයාගෙද කට? එහෙනම් තියාගන්නකො" කීවා මතක ය. ඒත් එක්කම මොකක්දෝ ඇඟට කඩන් වැටී හිඳගෙන සිටි මා ඇඳේ ෆ්ලැට් විණි.
හිඳගෙන සිටි ඈ දෑත් විදහාගෙන මා දෙසට පැන මා බදාගෙන ඇඳ මත හෙලීමට සමත් විණී. මං දැන් ගෙම්බා පොලවේ වැහුව වගේ ඇඳ උඩය. කෙල්ල මගෙ ඇඟ උඩ ය. ඈ ඇගේ මුහුණ මා වෙත ලං කර මඳ වේලාවක් මා දෙස බලා සිටියා ය. ඇගේ කොණ්ඩයද අපිළිවෙල වී ගොස් ය.
"ඔයාගෙ කට නේද?" ඈ ඇසුවේ හෙනම ආදරෙන් ය. හරියට මෙන්න මෙහෙම ය. "ඈ... ඔයාගෙ කච නේජ??"
"ඔව් මගේ" බල්ලා සේ පිළිතුරු දුනෙමි.
"ගේ" කියාගන්න වුණේ නැත. මේකි යක්ෂාවේශ වී පැනපු ගමන් කට කන්න ගත්තේය. මේ ධනාට කරකියාගන්න දෙයක් නැත ය. නිකං හුස්ම ගැනීමේ පහසුවක් දැනෙන්නට විණි.
ඒත් එක්කම වෙන මොකෙක්දෝ නොසන්ඩාලයෙක් මැවී පෙණුනි.
පහලින්...
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
සීන් එක මේක ය.
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
--
කුළුඳුල් වූ යොවුන් ප්‍රේමය තුල මෙවන් සිදුවීම් ඔබත් අත්විඳ තිබේද?