Monday, February 10, 2014

වලියකින් බිහිවූ නෝන්ජල් පදරචනය

Related Posts Plugin for WordPress, Blogger...
 
මේකනම්  අම්මලාගෙ විභාගෙ ලිවන වයසෙ(5 වසරෙ)දි වුණ සිද්දියක් ය. ඒ දවස් මං ඩොක්ට කෙනෙක් වෙනව, ඉංජිනේරුවෙක් වෙනව, පයිලට් කෙනෙක් වෙනව කියල අම්බානක තවුසන් ටෝක්ස් දීපු කාලෙ ය. මොකෙක්හරි ඇහුවොත් පන්තියෙන් වඩිපුරම ඉන්නෙ දොස්තරලා ය. ලෙඩ්ඩු කොහෙවත්ම නැත. අනේ වාසනාවං ය... ඉස්සර ඉතිං හැම වෙලාවෙම සෙල්ලමටම බර කාලෙ ය. මොකක්හරි පරහක් කින්ද කොක්ක දාගන්න වෙලාවළුත් එමට ය. එකී කොක්කක් දමා ගැනීමේ ප්‍රථිඵලය පහත ය...

මතක් විදිහට තිලිණයා ඇතුළු අපි දවසක් ග්‍රවුන්ඩ් එකේදි  සෙල්ලමක් දාගෙන ඉන්නකොට එක පාරටම තිළිණයාත් තව එකෙකුත් අම්බානෙක කෙන ගන්නවා ය. කොල්ලො සෙට් එකම බැහැල ගේම ක්ලෝස් කලද දෙන්නගෙ හිත් වල ඒ තරහ සති ගාණකට මැකුනේ නැත ය.
 
හිතේ තරහට ඊලඟ දවසෙ තිළිණයා පංතියේ ඔක්කොම ඉන්න වෙලාවක් බලල කියන්න කියල සිංදිවක් හදාගෙන ඇවිත් ය. ය අපි කිසිවෙකු නොදැන සිටියෙමු. 


සින්දුව ඕක ය. තිළිණයා සින්දුව තනිකරම වර්චස් කරලා ය. 


කුණු කුණු (පපප් පපා) 
කුණු කුණු කුණු බයිටගෙ කුණු බයිට් ටික අහුවෙලා... 
වරෙං වරෙං (පපප් පපා) 
වරෙං වරෙං පොලීසියෙන් ජීප් එකක් පුරවලා... (පපර පපර පපර පපා) 
කාටත් කාටත් කුණු බයිට් බෙදලා...
කාගෙත් කාගෙත් බඩ කුණු වීලා...
මෙන්න බොලේ කුණු බයිටා බයිට් ගොඩේ හැංගිලා...
ප.ලි: ඔය "බයිටා" කිව්වෙ අර තිළිණය වලිය දාගත්ත එකාගෙ නික් නේම් එක ය. ධනා මේ පෝස්ටුව ලිව්වෙ පුංචි කාලෙ මතකයක් බෙදා හදා ගන්න මිස, කාටවත් අපහස කිරීමට, මඩ ගැසීමට, පහතට හෙලීමට හැඟීමක් තුන් සිතකවත් නැත ය... 
Related Posts Plugin for WordPress, Blogger...

10 comments:

  1. වසර 9කට කලින් සිදුවීමක් නේද බන්?

    ReplyDelete
  2. අතීත මතකයක් මතක් වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒව කොහොම අමතක වෙන්නද

      Delete
  3. ඒ කාලෙ තරං අන්වතර්ත නාම හදපු එහම කරල බාල්දි පෙරල ගත්තු කාලයක් නං ආයෙ එන්නෙත් නෑ.. එහෙම අමතක වෙන්නෙත් නෑ
    නැද්ද මචෝ

    ReplyDelete
  4. ආතල් බොගක් නෙ.. කලින් ඇවිත් නැද්ද කොහෙදො මං.

    ReplyDelete
  5. ඕක අපි කිවුවෙ


    පිපි පිපි පියදාසගෙ රා මුට්ටිය හිස්වෙලා
    වරෙන් වරෙන් පොලීසියෙන් ජීප් එකක් පුරවලා
    කාටත් කාටත් ගුටි බැට දීලා
    කාගෙත් කාගෙත් කොඳු ඇට කැඩිලා
    දියං පුතේ වෙනිවැල් ගැට තම්බලා..කියලා :P

    ReplyDelete
    Replies
    1. //දියං පුතේ වෙනිවැල් ගැට තම්බලා// පට්ට ආ...

      Delete

කන පලාගන්නතුව comment කරපල්ල...